IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මෑත භාගයේ එක් දිනක් තුළ වාර්තාගත පසුබෑමක්

ඊයේ (පෙබරවාරි 05) කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු අවසානයේ දී මෑත භාගය තුළ එක් දිනයක් තුළ සිදු වූ දරුණුම පසුබෑමක් වාර්තා කළේය. පසුගිය දිනවල ලාබ ඉපැයීම අරමුණු කරගත් කොටස් මිලදී ගැනීම් විකුණන ස්වභාවයක් සහ ණය පදනමකින් ලබාගත් කොටස් වහා විකිණීමක් සිදු වූ බව නිරීක්ෂණය කළ හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික හා මුල්‍ය වශයෙන් සිදුවෙමින්  පවතින වෙනස්කම් වේගවත් නොවීම කෙරෙහි ආයෝජන අංශවල කනස්සල්ලක් පවතින බව ද අනෙක් පැත්තකින් දැක්විය හැකිය. ලෝක ආර්ථික ප්‍රවණතා හේතුකොටගෙන විශේෂයෙන් විදේශ ආයෝජකයන්ගේ හැසිරීම දේශීය ගනුදෙනුකරුවන්ගේ අවාසියට හේතු වී ඇති බව ද සඳහන් කළ හැකි කරුණකි. 

ගනුදෙනු ආරම්භයේ සිට දර්ශක ක්‍රමයෙන් පහත වැටුණු අතර, අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,456.10 ක් වශයෙන් වූ අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 500.10 ක පසු බැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,898.18 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 167.18 ක පහළ යාමක් සේ  දැක්විය හැකිය. 

ජෝන් කීල්ස් හෝල්ඩිං සමාගම එක කොටසකට ශත පහක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත. මූල්‍ය වාර්තා අනුව 2024 වසරේ අවසන් කාර්තුවේ ලාබය රුපියල් බිලියන 14.28 ක් වන අතර, සමාගමේ ප්‍රවාහන, හෝටල් හා විනෝදාංශ සහ වැවිලි හා තොරතුරු තාක්ෂණ අංශවල පසුබෑමක් දැක්වේ. මෙයට අමතරව කුඩා තේ වතු කොටසකට ශත විසි එකක සහ ජෝන් කීල්ස් සමාගම කොටසකට රුපියලක් බැගින්  ලාභාංශ ගෙවනු ඇත. එය සඳහා පෙබරවාරි 17 දක්වා හිමිකම් කිව හැකිය.  

දිනයේ පිරිවැටුම රු. බිලියන 6.35 වූ අතර, දිනය අවසානයේදී ගනුදෙනු  41,787 ක් සිදුවී තිබේ. ලැයිස්තුගත සමාගම් 29 ක පමණක්  කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 241 ක කොටස් මිල පහත  වැටිණි. 
නිරීක්ෂක



අදහස් (0)

මෑත භාගයේ එක් දිනක් තුළ වාර්තාගත පසුබෑමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site