IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මහා පරිමාණ හෝටල් ජාලයකට MMBL පාත්ෆයින්ඩර් සහ අයි.ටී.සී. ගිවිසුමක

එම්.එම්.බි.එල් පාතෆයින්ඩර් සමූහ ව්‍යාපාරයට අයත් ලෙෂර් හෝල්ඩිංස් පෞද්ගලික සමාගම හා ඉන්දියාවේ අයි.ටී.සී හෝටල් සමුහයේ මෙරට ව්‍යවසායකයන් වන වෙල්කම් ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. මෙම ගිවිසුම අනුව දිවයිනපුරා ස්ථාන ගණනාවක මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් ජාලයක් ආරම්භ කරන්නට පසුබිම සකස් කෙරේ.

ති‍්‍රකුණාමලය, කටුනායක, ගාල්ල, මාතර හා මහනුවර යන ප‍්‍රදේශවල තෝරාගත් ආකර්ශණීය ස්ථානන වල මැදි කාණ්ඩයේ හෝටල් ඉදිකරනු ඇති අතර එහි පළමුවැන්න සඳහා ක‍්‍රිකුණාමලය වෙරළබඩ තීරය තෝරාගෙන ඇත. එම්.එම්.බි.එල් ලෙෂර් සමාගම යාපනය නගර මධ්‍යයේ ඉදිකරන ලද ජෙට්වින් ජැෆ්නා හෝටලය, බෙන්තොට ලංකා හවුස් බෝට් සහ සිනමන් එයාර් අභ්‍යන්තර ගුවන් සමාගමේ ප‍්‍රධාන කොටස්කරුවන් වන අතර ඒවා සංචාරක ක්ෂේත‍්‍රයේ අභිවර්ධනයට හේතුවන ආයෝජන සේ සැලකේ.

වෙල්කම් හොටෙල් ලංකා ආයතන කළමනාකාර අධ්‍යක්ෂ අරුන් පතාක් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඞ් ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් කරන ලද අතර ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිංග්,එම්.එම්.බී.එල් පාත්ෆයින්ඩර් ආයතන නිර්මාතෘ මිලින්ද මොරගොඩ, ප‍්‍රධාන විධායක කේ. බාලසුන්දරම්, ඉන්දීය මහ කොමසාරිස් ලේකම් සූජා මෙනන්, අයි.ටී.සී ආයතන උප සභාපති සුභී කොෂී ජෝර්ජ්, අයි.ටී.සී ආයතන මූල්‍ය අංශ ප‍්‍රධානී අභීජීත ශී‍්‍ර නිවාසන් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

මහා පරිමාණ හෝටල් ජාලයකට MMBL පාත්ෆයින්ඩර් සහ අයි.ටී.සී. ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site