IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මහා පරිමාණ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ජනපතිගෙන් හෙළිදරව්වක්

අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ

බදු පැහැර හරින අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනතාව ගෙවන බදුවල සෑම රුපියලක්ම දේව කාරියක් ලෙස සුරකිමින් බදු ගෙවන අයට විශේෂ වරප්‍රසාද ලබාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා කීය.

රෝද ගිලිහුණු රථයකට හැරවුම් ගන්නට නොහැකි හෙයින් මුලින් රෝද සවි කරගෙන සැලසුම් සහගත ලෙස ආර්ථිකය ඉදිරියට ගෙන යන බවද ජනාධිපති දිසානායක මහතා පැවසීය.

විශාල ණය බරකින් පෙළෙන වාර්ෂිකව විශාල ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන සමූහයක් රටේ තිබෙන බව කී ජනාධිපතිවරයා ජාතික රූපවාහිනී සංස්ථාවේ පසුගිය වසරේ පාඩුව මිලියන 256 ක් වන අතර එහි ණය මිලියන 1834 ක් වන බව කීය.

ගුවන්විදුලි සංස්ථාවේ පසුගිය වසරේ පාඩුව මිලියන 152 ක් වන විට මිලියන 1603 ක් ණය තිබෙන්නේ යැයි ද ස්වාධීන රූපවාහිනි ආයතනය මිලියන 1476 ක ණය තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

ලංකා සීනි සංස්ථාවේ මිලියන 11,165 ක ණය බරක් පවතින බව කී ජනාධිපතිවරයා රාජ්‍ය වැවිලි සංස්ථාව මිලියන 3216 ක්ද, මිල්කෝ ආයතනය මිලියන 15,090 ක්ද, එයාර් ලංකා ආයතනය බිලියන 340 කට ආසන්න ගණනකින්ද ණය තිබෙන්නේ යැයි කීය.

නිල වශයෙන් පමණක් නොව යථාර්ථයේදීත් බංකොලොත් රාජ්‍යයක් බාර ගැනීමට සිදු වූ බව කී ජනාධිපති අනුර දිසානායක මහතා රටේ ආදායම් සහ වියදම් අතර විශාල පරතරයක් තිබු අතර මුළු ආදායම ලෙස බිලියන 4999 ක් අපේක්ෂා කරන විට පොලිය ගෙවීම සඳහා පමණක් බිලියන 2950 ක් අවශ්‍ය වූ බව සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා බිලියන 1352 ක්ද, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බිලියන 442 ක්ද අවශ්‍ය වන්නේ යැයි ද, මුළු ආදායම බිලියන 4990 ක් වන විට පොලිය ගෙවීම, රාජ්‍ය වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බිලියන 4744 ක් වැය වෙන බව ජනාධිපතිවරයා කීය.



අදහස් (0)

මහා පරිමාණ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ජනපතිගෙන් හෙළිදරව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site