අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
බදු පැහැර හරින අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනතාව ගෙවන බදුවල සෑම රුපියලක්ම දේව කාරියක් ලෙස සුරකිමින් බදු ගෙවන අයට විශේෂ වරප්‍රසාද ලබාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා කීය.
රෝද ගිලිහුණු රථයකට හැරවුම් ගන්නට නොහැකි හෙයින් මුලින් රෝද සවි කරගෙන සැලසුම් සහගත ලෙස ආර්ථිකය ඉදිරියට ගෙන යන බවද ජනාධිපති දිසානායක මහතා පැවසීය.
විශාල ණය බරකින් පෙළෙන වාර්ෂිකව විශාල ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන සමූහයක් රටේ තිබෙන බව කී ජනාධිපතිවරයා ජාතික රූපවාහිනී සංස්ථාවේ පසුගිය වසරේ පාඩුව මිලියන 256 ක් වන අතර එහි ණය මිලියන 1834 ක් වන බව කීය.
ගුවන්විදුලි සංස්ථාවේ පසුගිය වසරේ පාඩුව මිලියන 152 ක් වන විට මිලියන 1603 ක් ණය තිබෙන්නේ යැයි ද ස්වාධීන රූපවාහිනි ආයතනය මිලියන 1476 ක ණය තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
ලංකා සීනි සංස්ථාවේ මිලියන 11,165 ක ණය බරක් පවතින බව කී ජනාධිපතිවරයා රාජ්‍ය වැවිලි සංස්ථාව මිලියන 3216 ක්ද, මිල්කෝ ආයතනය මිලියන 15,090 ක්ද, එයාර් ලංකා ආයතනය බිලියන 340 කට ආසන්න ගණනකින්ද ණය තිබෙන්නේ යැයි කීය.
නිල වශයෙන් පමණක් නොව යථාර්ථයේදීත් බංකොලොත් රාජ්‍යයක් බාර ගැනීමට සිදු වූ බව කී ජනාධිපති අනුර දිසානායක මහතා රටේ ආදායම් සහ වියදම් අතර විශාල පරතරයක් තිබු අතර මුළු ආදායම ලෙස බිලියන 4999 ක් අපේක්ෂා කරන විට පොලිය ගෙවීම සඳහා පමණක් බිලියන 2950 ක් අවශ්‍ය වූ බව සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා බිලියන 1352 ක්ද, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බිලියන 442 ක්ද අවශ්‍ය වන්නේ යැයි ද, මුළු ආදායම බිලියන 4990 ක් වන විට පොලිය ගෙවීම, රාජ්‍ය වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බිලියන 4744 ක් වැය වෙන බව ජනාධිපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහා පරිමාණ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ජනපතිගෙන් හෙළිදරව්වක්