
මහජන බැංකුවේ ව්‍යවසායකත්ව ගම්මාන තරගාවලිය-2024 ජයග්‍රාහකයන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ 02, පීපල්ස් ටවර්හිදි පසුගියදා පැවැත්විණි.
මහජන බැංකුව 2023 වසරේදි ව්‍යවසායකත්ව ගම්මාන සංකල්පය හඳුන්වා දුන් අතර, බැංකුව විසින් ග‍්‍රාමීය ජනතාව වෙත පිරිනමන මුල්‍ය හා මුල්‍ය නොවන සේවා මගින් ජනතාවගේ මුල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම, ඔවුන් සඳහා බැංකුකරණයේ දොරටු විවර කිරීම හා සහනදායී ණය පහසුකම් ලබාදීම මෙහි මූලික පරමාර්ථ අතර වේ. මෙම කුඩා කණ්ඩායම් සඳහා බැංකුව විසින් පිරිනමන මූල්‍ය හා මූල්‍ය නොවන සේවා තුළින් ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාව ශක්තිමත් කර එම නිෂ්පාදන අපනයනය දක්වා සංවර්ධනය කිරීම මෙහි අවසන් අරමුණයි.
එම අරමුණු වඩාත් හොඳින් සාක්ෂාත් කරගැනීම සඳහා ප‍්‍රාදේශීය මට්ටමෙන් කුඩා කණ්ඩායම් සහිත ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම දිරිමත් කිරීමේ අරමුණින් මහජන බැංකුවේ සංවර්ධන හා ක්ෂුදු මුල්‍ය දෙපාර්තමේන්තුව විසින් ව්‍යවසායකත්ව ගම්මාන තරගාවලිය 2024 වසරේදි දියත් කරන ලදී. මහජන බැංකුවේ ව්‍යවසායකත්ව ගම්මාන 21ක් අතරින් හොඳම ගම්මාන 10 සඳහා මෙහිදි සම්මාන පිරිනැමිණි.
ඒ අනුව, මහජන බැංකුවේ දික්වැල්ල, ගලිගමුව, මොනරාගල, සියඹලාණ්ඩුව, කැප්පෙටිපොල, ගම්පොළ, කඩුගන්නාව, හැටන්, නිල්දණ්ඩාහින්න සහ අරලගංවිල යන ශාඛා මෙහිදි සම්මානයට පාත්‍ර විය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ (ප්‍රාදේශිය සංවර්ධන) චතුර ආරියදාස, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සු`ඵ හා මධ්‍ය පරිමාණ, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ යන මහත්වරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු සහ එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන මහත්මිය, විධායක කළමනාකාරිත්වය, ප‍්‍රාදේශිය කළමනාකරුවන්, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්, ශාඛා කළමනාකරුවන්, ණය නිලධාරින් සහ ශාඛා සම්බන්ධිකාරවරු සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
121
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහජන බැංකුවේ ව්‍යවසායකත්ව ගම්මාන තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගයේ