(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමෙන් පසු ගත වූ මාස 21 කාලයේදී මත්ස්‍ය මෙට්‍රික් ටොන් 58,578.09ක් අපනයනය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රඥප්ති උල්ලංඝණය කළ බව ප්‍රකාශ කරමින් යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කිරීම නවතා දැමූවේය. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනවලට තහනමක් ද පැනවීය. එම තහනම ඉවත් කරන ලද්දේ 2016 වසරේදීය.
එම ජූලි මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා මසුන් මෙටි්‍රක් ටොන් 58,578.09ක් අපනයනය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. එයින් ලද ආදායම රුපියල් මිලියන 92,117ක් ( රුපියල් කෝටි 9,211) යැයිද ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශය සඳහන් කරයි.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම දත්ත අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට මත්ස්‍ය අපනයන තහනම පැනවූයේ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදීය. තහනම පැනවීමෙන් පසු 2015 වසරේ ජනවාරි මාසයේ සිට කරන මත්ස්‍ය අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 26,129ක් බවත් ඉන් ලද ආදායම රුපියල් මිලියන 2,103ක් (රුපියල් කෝටි 210.3ක්) යැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම මේ වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලයේදී කරන ලද මත්ස්‍ය අපනයන ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 7,174.8ක් වන අතර ඉන් ලද ආදායම රුපියල් මිලියන 11,804.4 (රුපියල් කෝටි 1,180.44) යැයි ද අමාත්‍යාංශය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාස 21 ක් ඇතුළත මත්ස්‍ය අපනයන ඉහළට
kumara Thursday, 26 April 2018 07:57 AM
මාළුන්ගේ නරක කල දසාව