විමුක්ති එස් රුද්‍රිගු
2025 පළමු කාර්තුවේදී වැඩිම අපනයන ප්‍රමාණයක් කර ඇත්තේ ඇමෙරිකාවට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 775.60 ක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඇමෙරිකාවට කළ අපනයනවලින් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 711.57 ක් බවත් එයට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී ඇමෙරිකාවට කළ අපනයනවලින් ඉපැයූ ආදායම සියයට 9 කින් වර්ධනය වී ඇති බවත් එම මණ්ඩලය පැවැසුවේය.
එසේම පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකාවට සිදුකළ අපනයනවලින් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 274.89 උපයා තිබෙන බවත් එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 13.83 වර්ධනයක් බවත් එම මණ්ඩලය ප්‍රකාශ කළේය.
පළමු කාර්තුවේදී දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව වැඩිම අපනයන ප්‍රමාණයක් සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයට බවත් ඉන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 250.34 ක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.74 ක වර්ධනයක් බවද එම මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට ඇමෙරිකානු ඩොලර් මිලියන 239.02 අපනයන කර තිබිණ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෙවරත් වැඩිම අපනයන ඇමෙරිකාවට