IMG-LOGO

මුල් මාස නවයේ රබර් අපනයන ආදායම ඉහළට

හර්ෂණ තුෂාර සිල්වා

මේ වසරේ මුල් මාස නවයක කාලයේදී රබර් නිෂ්පාදිත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 614ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කරයි.
රබර් ටයර් සහ ශල්‍යාගාරවල යොදා ගැනෙන අත්වැසුම් සහ වෙනත් අත්වැසුම් අපනයන ආදායම ඉහළ යෑම මෙලෙස රබර් නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ යෑමට හේතු වී තිබේ. 
 
සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ඒ බව සඳහන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ මුල් මාස නවය සැලකීමේදී මේ වසරේ මුල් මාස නවයේදී රබර් නිෂ්පාදිත අපනයන ආදායම පසුගිය වසරේ පැවැති ඩොලර් මිලියන 575.9 සිට සියයට 6.7කින් ඩොලර් මිලියන 614.6ක් දක්වා වර්ධනය වී ඇත. 
 
ඊට අමතරව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 67.5ක් වූ රබර් නිෂ්පාදිත අපනයන ආදායම මේ වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 13.3කින් ඩොලර් මිලියන 76.5ක් දක්වා වර්ධනය වී තිබේ. 



අදහස් (1)

මුල් මාස නවයේ රබර් අපනයන ආදායම ඉහළට

M.K.D.N. Miguntenna Tuesday, 19 December 2017 06:36 AM

රබර් වල මිල අඩු වීම නිසා ලබන අදායම වගාව නඩත්තු කර ගැනීමටත් බැරි තත්වය පවතී......... වගාවන් කරන්න ජීවත්විම සඳහා... එහෙත් රබර් වලින් ලැබෙන මේ ආදායම ප්‍රමාණවත් නෑ....මේ සම්බන්දයන් රජ සොයාබලා යමක් කරානම් හොඳයි...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 903 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1301 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site