IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


මාර්තු උද්ධමනය ඉහළට

උද්ධමනය, පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 4.2 සිට මාර්තු මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය.

මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති සියයට 6.9 සිට පසුගිය මාර්තු මාසයේ දී සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 1.9 සිට මාර්තු මාසයේ දී සියයට 2.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 5.5සිට මාර්තු මාසයේ දී සියයට 5.3 දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය මාර්තු මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට -0.48ක් ලෙස වාර්තා වී ඇති අතර, ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල සිදු වූ පහළ යෑම මේ සඳහා හේතු වී තිබේ. තවද, මාර්තු මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට -0.63ක් සහ සියයට 0.16ක් ලෙස වාර්තා වී ඇත. ඒ අනුව පසුගිය මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන් එළවළු, අමු මිරිස් සහ රතු ලූනු මිල ගණන්වල පහළ යෑමක් දක්නට ලැබුණි. මේ අතර, ප්‍රධාන වශයෙන්, ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල ඉහළ යෑමක් පසුගිය මාර්තු මාසයේ දී වාර්තා වී තිබේ.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය පෙබරවාරි මාසයේ දී පැවති සියයට 4.1 සිට මාර්තු මාසයේ දී සියයට 4.3 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය පෙබරවාරි මාසයේ දී පැවති සියයට 4.2 සිට මාර්තු මාසයේ දී සියයට 4.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

 



අදහස් (0)

මාර්තු උද්ධමනය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 128 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 212 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site