මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් ලබන මාසයේ ආරම්භ කළ හැකි බව සිවිල් ගුවන් සේවා බලධරයෝ කියති.
ඔවුන් මේ බව සදහන් කළේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකදීය.
ගුවන්තොටුපළේ ඉදිකිරීම් සියයට 99 ක්ම අවසන් බවත් සියලූ පහසුකම් සමග එළැඹෙන මාර්තු 18 වැනිදා ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් බළධාරීහු මෙම හමුවේදී සදහන් කළහ.
දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සංවර්ධනයේ ප්‍රතිඵල ලබා දීම රජයේ අරමුණ බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කීය. ගුවන්තොටුපළේ සේවය කිරීමට අවශ්‍ය ශ්‍රමිකයින් මත්තල අවට ප්‍රදේශයෙන්ම සොයා ගන්නා ලෙසත් විශේෂයෙන්ම දක්ෂ තරුණයින්ට අවස්ථාව ලබා දෙන ලෙසත් රාජපක්ෂ මහතා උපදෙස් දුනනේය. මහා පරිමාණ සංවර්ධන කටයුතු වලදී රටේ සංස්කෘතියට හානි ගෙනදිය හැකිදේ නොකර සිටින ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
අක්කර 2000 ක භූමියක් පුරා ඉදිකෙරන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වර්ග මීටර 1000 කට ආසන්න ගබඩා පහසුකම් පවතින අතර වසරකට මෙට්‍රික්ටොන් 45,000 ක කන්ටේනර මෙහෙයවිමට හැකිවනු ඇතැයි ගණන් බලා ඇත.ගුවන්තොටේ ජාත්‍යන්තර හා දේශීය ගුවන් මෙහෙයුම් සිදුකෙරෙනු ඇති අතර දිය මත ගොඩබැස්විය හැකි යානා සදහාද පහසුකම් ඇති කැරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ආසියාවේ ප්‍රථමයා කලහැකියි (දී)
මේක හොද වැඩක්. හෙට වෙනුවෙන් මේවා දිලෙන වැඩ. (නදී)
කියා ගන්න බැරි තරම් ළාආණා. ඒ පැත්තට ගියාම පුදුමත් හිතෙනවා (දී)
සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා අර කවුද කියලා තියෙන්නෙ මේකෙ සමහර මෝඩචූන් දාපු අදහස් දිහා බලලා වෙන්න ඇති. රටකට තව එයාර් පොර්ට් එකක් ලැබෙනවා කියන්නෙ කොච්චර දෙයක්ද? අනික කටුනායක දැන් ඇන්ටික් වෙලා.ලොකු ප්ලේන් ගේන්න බැහැ. ඒකෙන් වෙන්නෙ රටට එන සල්ලි නැතිවෙන එක. ඒ වගේ වෙලාවක අලුත් ඒයාට් පෝර්ට් එකක් ලැබෙනවා කියන්නෙ ආර්ථික වාසියක්. හයි වේ ටික හැදිලා මේව සම්බන්ධ වෙලා ආවට පස්සෙ මිනිස් පැය ගොඩක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි. මිනිස් පැය කියන්නෙ සල්ලි. වෙන රටවලට වෙලා දහ දුක් විදින අපි මේව බලලා සතුටු වෙනවා. සමහර උදවිය ඒකෙත් ඇදක් හොයනවා. ජාතියේ වැරැද්ද... (නි)
ජපන්නු කීපදෙනෙක්ම මගෙන් අහලා තියෙනවා ඇයි උඹලා මිනිස්සුන්ගේ නම් ගුවන් තොටුපලවල් වලට දාන්නේ කියලා?මොකද ජපානේ ඔක්කොමටම ගමේ නම තමා නරිටා ,කන්සයි ,හනේද ගුවන්තොටුපලවල් විතරක් නෙමේ කවසාකි ,හිතාචි ,යොකොහම ඇතුළු නගර බොහොමයක නිෂ්පාදනය වන කාර්මික නිෂ්පාදන ගමේ නමින් තමයි නම් කරලා තියෙන්නෙ (නි)
දැන් ඉතින් හම්බන්තොට තමයි. (නි)
අපිට ඔක්කොම තියනවා හාබර් එකක් තමා අඩු.. (දී)
ඇත්තටම අපි සන්තෝස වෙන්න ඕනේ (දී)
ලලිත් ඔබ හරි, දැන් මේ පැත්තේ ඉන්නේ දේශපාලන හෙංචයියලා දත කට මැදගෙන සැලසුම් හදමින් ඉන්නේ තමන්ගේ මාපියාව හදාගන්න. ජනාධිපතිතුමනි ඒවට ඉඩදෙන්න එපා.(නදී)
කවුරු මොනවා කිව්වත් රටට දැනෙන්න දෙයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විතරයි. රජ කාලේ සහ සුද්දන්ගේ කාලේ ඇරෙන්න හිටපු කිසිම නායතයෙක් පටන් ගත්ත කිසිම දෙයක් හරියාකාරව ඉවර කරලා නැහැ. (නදී)
ලසන්ත සහා ලලික් කියන කාථාවට මම එකගයි. විදේශිකයෝ විශාල ප්‍රමාණයක් ඔය ගැන පැමිණිලි කරලා තියේනවා විදේශ රටවල තානාපති කර්ය්‍යලවල සහා ගුවන් තොටුපලට. නමුත් කිසිම නිලධාරියේක් ඒ ගැන බලන්නේ නැහැ ගුවන් තොටුපල හැදුවා වගේම අනිකුත් දේවල් ගැනත් බලන්න. විදේශරටවලට ගිහිල්ලා බලන්න කොහොමද කියලා (ඉංදියාව,බංගලිදේශය,පකිස්තානය හැර).(නදී)
වැඩේ හොදයි. (නි)
ලෝකේ කිසිම රටක නැති කාක්කෝ ලංකාවේ ගුවන්තොටුපොළේ ඉන්නවා. අවුරුදු ගානකින් ගෙදර එද්දි ඉස්සල්ලාම ලංකාව එපා කරවන්නේ මෙයාලා. මෙයාලට මත්තලටත් බෝවෙන්න දෙන්න එපා.(නදී)
කටුනායක වගේ කාක්කෝ බෝවෙන්න දෙන්න එපා. අවුරුදු ගානකින් ගෙදර එනකොට මරාගෙන කන්න හදනවා. ආවට වඩා ඉක්මනින් එතකොට යන්න හිතෙනවා.(නදී)
හම්බන්තොට වරාය වගේ කියන්නේ ඇයි. නොදන්න නොතේරෙන දේවල් මේකේ නොලියා ඉන්නවානම් තමයි හොද. වරායක එන පාරට සියල්ල නිමකරන්න බැහැ. මේවා අනාගත ආයෝජන. (නදී)
සමන්, වැස්සකටවත් පාසැලකට ගියාද? මේ වගේ අදහස් දාන්න ලැජ්ජා නැද්ද? මෙම පාලකයන් යනදාට මේවා අරගෙන යන්නෙ නැහැ. මේවා හැදෙන්නෙ අපේ මතු පරම්පරාවට. අමන විදිහට හිතන්න ඵපා. (නි)
ජයවර්ධන, තමුන්නාන්සේලා යන්නෙම ඇදේටනේ. (නි)
සමන් හරියට කතාකරන්නේ මොකුත්ම තේරෙන්නේ නැති කෙනෙක් වගේ. මේ වගේ ව්‍යාපෘතියක් හම්බන්තොට මත්තල හදාවි කියලා අපි හීනෙකින්වත් හිතුවද?(නදී)
අපේ රටට මේ වගේ දේවල් තව ඕනා. දේශපාලකයෝ සමාජයට දීලා තියෙන චිත්‍රය හොද එකක් නෙමෙයි. ඒකයි කවිරුත් මුදල් ගනුදෙනු ගැන සතුටු නැත්තේ. මෙය නිවරදි කල හැක්කේ දේශපාඥයින්ට පමණයි.(නදී)
අහස් මාළිගාවල ජීවත් වෙන, අහසින් ගමන් බිමන් යන අයට ඇරෙන්න සාමාන්‍ය අපිට මේකෙන් ඇති වැඩේ මොකක්ද? (නි)
ලලිත් පිස්සුවෙන් කියනවද මන්දා? (නි)
ගුවන් තොටුපොළවල් විතරක් නෙමෙයි දැන් පාරවල් වලටත් මැරිචිච දේශපාළුවන්ගේ නම් දානවා. පාරක් හොයාගන්න නහින්න ඕනේ. බුලර්ස් පාර, බාන්ස් පාර, පලවර් රෝඩ් වගේ ප්‍රසිද්ද නමි දාන්නේ නැහැ. මොකක්ද මේ රෝගය?(නදී)
හම්බන්තොට වරායට වගේ මත්තලටත් කාර් කාර් ගෙන්නන එකක් නැහැ නේද?(නදී)
අජන්ත, නිරෝෂන ඔයාලා කතා කරන්නේ නුවරයි, අනුරාධපුයයි ගැන. මෙච්චර කාලයක් හම්බන්තොට පැත්තේ මිනිස්සු ගොඩක් දුක් වින්දා. නුවරයි, කොළඹයි විතරද රටේ මිනිස්සු ඉන්නේ. එයාලා විතරද සම්පත් වලට හිමිකාරයෝ. කුහක වෙන්න එපා. කොහේ හැදුවත් අපේ රට ඇතුලෙයි හදන්නේ. ජපානේ නැරිටා ගුවන්තොටුපොළ තියෙන්නේ ටෝකියෝ වල නෙමෙයි ඒක තියෙන්නේ චීබා වල.(නදී)
විවෘත කිරීමේ සංදර්ශනයට කීයක වියදමක් යයිද?(නදී)
මේක විවෘත කරන්න කීයක් ඇස්තමේන්තු කරලා තියෙනවද?(නදී)
ඇමතිලා වෙනස් වුන නිසා යාපනේ විදුලි බලාගාරයේ නාමපුවරුව වෙනස් කරන්න ලක්ෂ 10 ක් ගියාළු. අළුත් තෙල් ඇමති පිලිගන්න ලක්ෂ 100 ක් ගියාළු. ජනාධිපතිතුමනි, ඔබ තුමාට මේවා අයිති නොමැති වැඩ බව දනිමු. ඔබට තනිව මේ සියල්ල කළ නොහැක. නමුත් ඔන්න ඕකයි තත්වය.(නදී)
ඔය මොනවා හැදුවත් මිනිස්සුන්ට නිදහසේ ලියන්න කියන්න කතාකරන්න ඉඩක් නැත්නම් වැඩක් නැහැ. (නි)
මේ වගේ ගුවන්තොටුපොළවල් තව හදන්න. මුදල් ගනු දෙනු ගැන දැඩිව ඉන්න. හොරු එල්ලා මරා දමන්න. අපි කව්රුත් මේවට කැමතියි. හොරකමට කැමති නැහැ. ඔබට පමණයි එය කල හැක්කේ.(නදී)
අපේ රට දියුණු වෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ වගේම රට තුළ වෙන්නේ මොනවාදැයි අපි සෙවිල්ලෙන්ද සිටිය යුතුයි. (නි)
ජයවේවා. හිතන්න කාටද ආඩම්බර (දී)
කරන දෙයක් පරිස්සමට (දී)
අප උපන්දා සිටම තිබුනේ කටුනායක ගුවන් තොට පමණයි. නමුත් අප පුංචි රටට අද දෙකක් තිබෙනවා. ගොඩාක් සතුටුයි. කොටි ගහපු වෙලේ ලංකාවට එන්න බැරුව මම ඉන්දියාවට ගියා. මත්තලයි කටුනායකටයි ගොඩබැස්සවීමේදීයි ගුවනට නැංවීමේදීයි වැයවෙන ඉන්ධන ගාස්තු ගුවන් ටිකට් පත්වලට එකතු කරන්න දෙන්න එපා. ජනාධිපතිතුමනි, ඔබගේ අවධානය ඒ ගැන යොමුකරන්න. (නි)
හම්බන්තොට ධීවර වරාය මෙන් පාළුවට නොයේවා! (නි)
පහන් කිව්වේ නැද්ද ලංතාවේ බොරුවටයි වංචාවටයි තාම තැන කියලා.(නදී)
ජපනා හරි පහන්. (නි)
පහන් ජපනට කිව්වේ නැද්ද ලංකාවේ සමහර අයට හීනමානය තියෙනවා කියලා.(නදී)
අනේ මන්දා මේ ගුවන්තොටුපොළෙන් තියෙන ආදායම මොකකද කියලා හිතාගන්න බැහැ කටුනායක ගුවන්තොටුපොළ දිහා බැලුවම. දවසකට ගුවන් යානා 20 ක් ලංකාවට එයි. ඒ වගේ 20 ක් පිටත් වෙයි. ඩුබායි වලට හැම විනාඩි තුනටම ගුවන්යානයක් යනවා ගුවන් යානයක් එනවා නම් තව කීයක් හදයිද දන්නේ නැහැ. (නදී)
මාරසිංහ හිතුවා හරි. හීතෘවලට දවසට මගීන් මිලියන පනහක් එනවා. ෂැංහායි වලට මිලියන තිහක් එනවා.(නදී)
බලන්නත් ආසයි (දී)
කාර්යමන්ඩලය වගේම කටුනායක වගේ රේගු නිලධාරීන් පිරිසක් අත්‍යාවශ්‍යයි. රටේ වෙන හොරවැඩ දිහා බලනවිට. එතකොට රජයේ ආදායමද දෙගුන වෙනවා.(නදී)
අඩ සියවසකට පසු දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම සංවර්ධනයේ සුභ නිමිත්තකි. (නදී)
ගුවන්තොටුපොලේ වැඩකටයුතු 100% ක් ඉවර වුනාම විවෘත කරන්න. හදිසියේ කලබලේට විවෘත කරන්න එපා. සියළු වැඩකයුතු ඉවරකරලාම විවෘත කරන්න. නැත්නම් හම්බන්තොට වරාය වගේ වෙයි.(නදී)
හැමදාම එකතැන පල් වෙන රටක් විදියට අපි සිටිය යුතු නැහැ. අපිත් දියුණු විය යුතුයි. සුභ අනාගතයක්.(නදී)
ලිදේ ඉන්න මැඩියා වගේ වෙන්නේ නැතුව අළුත් දෙයක්, වෙනසක් ඇති විය යුතුයි. ඒකයි සිංගප්පූරුව දියුණු වුනේ.(නදී)
ලොව කාර්යබහුලව ගුවන්තොටුපොල වල් හීතෘ, සිංගප්පූරුවථ ෂැංහායි,වලට දිනකට මගීන් මිලියන තිහක් පැමිනෙයි. විශ්වාස කරන්නත් අමාරුයි නේද?(නදී)
වැඩේ නම් හොදයි. ගනන් හිලව් තමයි සුවර් නැත්තේ.(නදී)
ලංකාව දැන් දියුණුයි (දී)
ඔව්, ඔවි දකුනට තමයි.(නදී)
මොනවා උනත් දකුණ ඌව පලාත වගේ කල ගුන දන්නේ නැත.(නදී)
ඇත්තටම බලන්න යන්න ආසයි (දී)
රැකියා ටිකත් දකුනටද?(නදී)
රස්සා ටිකත් දකුනට විතරද? එතකොට කටුනායක රස්සා කරන්නේ කටුනායක අයමද?(නදී)
සුපිරි වැඩක්, ඡන්දයක් එද්දි මේවා විතරක් නෙමෙයි ගනන් හිලව් එහෙමත් පෙන්නනවා.(නදී)
ගනන් හිලව් එහෙම කොහොමද? (නදී)
සතුටුයි... තවත් ප්‍රමිතියෙන් පූර්ණ ගුවන් තොටක් රටට අවශ්‍යයි.... (ස)
රංජිත්, වැඩි දෙනෙක් කියලා තියෙන්නේ මේක හොදයි කියලා. නමුත් අපේ රටේ දේශපාලඥයෝ දීලා තියෙන පින්තූරෙ නිසා මුදල් ගැන විශ්වාස නැහැ.(නදී)
ලංකාවේ මිනිස්සු හරිපුදුමයි අධීවේගී මර්ගයක් හැදුවත් බනිනවා ගුවන් තොටුපොළ හැදුවත් බනිනවා මේවයි ඇති වටිනා කම ගැන ගැන කිසිම හැගිමක් නැහැ රටක් උනොත් ජාත්‍යන්තර ගුවන්තොටුපොලවල් දේකක් අවශ්‍යයි. උදාහරණයක් කොටි කටුනායකට පහාරදුන් අවස්ථාවේ ගුවන්යානා ඉන්දියාවට හරවලා යැව්වා.දකුනට වැඩක් කරනවාට ලංකාවේ ගොඩක් අය කැමති නැහැ දකුණ හෝ උතුර දියුණුවේනවයි කියන්නේ මුලු ලංකාවේම දියුනුවක් . (ස)
ඒ වැඩේ පිළිබද අපි ආඩම්බර විය යුතුයි (දී)
කව්රු හරි දන්නවද මෙය විවෘත කළාම කටුනායක වහන්නෙ නෑ නේද ? එහෙම උනොත් හරිම අසාධාරණයි. අපිට නුවර එන්න දවසක් ම යයි. . (ස)
ලංකාවට ජයවේවා (දී)
යුරෝප් වල ඉඳලා ගුවන් ගමන් මත්තලට දානවා නම් හොඳයි. . (ස)
හම්බන්තොට වරාය වගේ නොවේවා.(නදී)
මේ ප්‍රතිචාර බැලුවම මට හරි දුකයි. රටට බුද්ධ්මත් පුරුෂයෝ අවශ්‍යයි. උගත්කම විතරක් මදි.(නදී)
සතුටුයි. ඒත් ලංකාවේ මිනිසුන්ගේ වැඩ බැලුවම ගනු දෙන ගැන නමි විශ්වාසයක් නැහැ.(නදී)
මගීන් සොයාගන්නේ කොහෙන්ද . (ස)
සන්තෝසයි (දී)
ලංකාව අසිරිමත් රටක් වෙයි (දී)
කොහොමද මේ වැඩෙන් අපිට ආර්ථික වාසි ඇත වෙන්නේ (දී)
ලංකාවට ආර්ථික වාසි (දී)
කටුනායක ඉදලා අනුරාධපුරේ යන්න හිත හදාගෙන එනවා. ඒත හම්බන්තොට ඉදලා අනුරාදපුරේ යන්නේ කොහොමද දෙයියනේ.(නදී)
ඩුබායි සිට කොළඹ එන්න පැය හතරයි. හම්බන්තොට ඉදලා කොළඹ යන්න?(නදී)
මෙච්චරයි රටට අඩු වෙලා තිබුනේ. ඒකත් හරි.(නදී)