( තිළිණි ද සිල්වා )
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන මෙරට සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සාකච්ඡා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අද (3) පැවසීය.
මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කිරීමේ පියවරක් ලෙස මෙම වට්ටම් ලබා දීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
වාර්ෂිකව මෙරටින් විදේශ රැකියා සඳහා පිටත්ව යන පිරිස ලක්ෂ 2 ක් පමණ වන අතර මෙම පිරිසෙන් 20% ක් පමණ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළට ආසන්න දිස්ත්‍රික්ක නවයකින් පිටත්ව යන බව මත්තල ගුවන් තොටුපළේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවකින් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙලෙස වට්ටම් ලබා දීම වෙනුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බැවින් ඉදිරියේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සාකච්ඡා කර එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් විදේශ රැකියා සඳහා පිටත්ව යන අයට ද සහන සැලසෙන්නේ යැයි ද හෙතෙම කියා සිටී.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මත්තල ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් රජය විසින් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම්වල මෙරට කළමණාකරුවන් සමග ද සාකච්ඡා ආරම්භ කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වට්ටම් දුන්නට වැඩක් නෑ ගුවන් යානා නෑත්නම්. ඉක්මනට ගුවන් යානා ආවොත් අපිත් මත්තලින් තමයි යන්නේ. මාත් අවුරුද්දට දෙපාරක් යන්නේ හම්බන්තොට ඉදල කටුනායක ගිහිල්ල.
දැන් මේ ගුවන් තොටුපල හැදුවේ. රාජපක්ෂලාගේ. සල්ලි වලින්ද ? අඩුම ගානේ කොමිස් නැතිව හොරකන්නේ නැතිවද මෙය හැදුවේ. ජනතා මුදලින් හදලා ජනතා මුදලින් නඩත්තු කරන්නේ. කොහොමද බයියන්ගේ නම දමන්නේ.
ඔන්න මත්තලට යනකන් අධිවෙගෙන් යන්නත් නොමිලේ ටිකට් දුන්නොත්නම් කට්ටිය යයි. නැතිනම් කවුද කටුනායක පහුකරගෙන මත්තල යන්නේ.
පළමුව ගුවන් යානා ගෙන්වීමට ක්‍රියා මාර්ගයක් ගන්න.
මගේ අදහස නම් මැදපෙරදිග යන අහිංසක මිනිසුන්ගෙන් රක්ෂණයට කියලා ගන්න මේ කප්පම්කැම නවත්වලාම දාන්න ඕනේ. රක්ෂණය ආණ්ඩුව ගානේ නොමිලේ දෙන්න ඕනේ මේ මිනිස්සු රටට විදේශ විනිමය උපයලා දෙන එකට කරන කළගුණ සැලකීමක් වශයෙන්. හරිනම් ඩියුටි ෆ්‍රී පර්මිට් වල නියම අයිතිකාරයෝ තමයි රටට විදේශ විනිමය හොයා දෙන මිනිස්සු. ඒත් ඉතින් ලංකාවේ කවද්ද සුදුසු දේ සහ හිමි දේ නිසි තැනැත්තාට ලැබුනේ.
සංචාරක ගුවන් මගින් සදහා මේ තොටුපල වැඩිපුර භාවිතා කල හැකියි. ඔවුන් ලංකාවේ පදිංචි කාරයන් නොවන නිසා කොහෙන් ගොඩ බැස්සත් කමක් නැහැ. ඒ වගේම ලංකාවේ මත්තල හරහා වෙනත් රට වලට යන්නත් අපේ ගුවන් සේවය සුදානම් කල හැකියි. මත්තලින් ගොඩ බහින විදේශිකයන්ට දිනක ගාස්තු රහිත හොටෙල් පහසුකම් සපයන්න.
ගුවන් යානා එන්නේ නැතිනම් මත්තලට ඇවිත් ඉගිල්ලිලා යන්ඩද කියන්නේ.?
මත්තලට ගුවන්යානා එන්න එපැයි අපිට යන්න.
මොන සහනය දුන්නත් රට යන්න ගුවන් යානා නැතිනම් කොහොමද රට යන්නේ ? පිටරටට ණය වෙලා අලි ඉන්න කැලේ මැද්දේ ලෝකයේ තිබෙන ලොකුම ගුවන් යානා එන්න පුළුවන් ගුවන්තොටුපලක් හදලා හරියනවද ?
මේ වගේ අමන කෝලම්... ලෝකයේ කිසිම රටක නැහැ. අවශ්‍ය නැතිව ගුවන් තොටුපළවල් හදලා දැන්කරන විකාර...
ඉඳලා, හිටලා.. ඔහේ ආපු එකක නැගලා යන්නද කියන්නේ..?
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන මෙරට සංක්‍රමණික සේවකයින්ට වට්ටම් කුමන ආකාරයේ වට්ටමක්ද ලබාදෙන්නේ? වට්ටම මත්තලට යන වාහන හයර් එකටම මදිවෙයි.
මෙහෙම කරලාවත් වනගත හුලන් තොටුපොලින් යන එන මගී සංඛ්‍යාව වැඩිකර ගන්න පුළුවන් වේවිද ? එසේ කිරීම සඳහා මීළඟ පියවර වශයෙන් ගුවන් යානා අද්දවා ගැනීම සඳහා නොමිලයේ ඉන්ධන, කෑම බීම සමග හැම ගුවන් මගියෙකුටම හම්බන්තොට ප්‍රසිද්ධ දොදොල් පට්ටයක්, මීකිරි හට්ටියක් බැගින් බෙදා දීමටත් කටයුතු කරන්න බලාපොරොත්තුවෙන බව ආරංචියි...... වැරදිලාවත් එම ක්‍රමයවත් හරිගියොත්, වන සතුන්ගේ පාරාදීසය වැසී උන්ට යන එන මං අහිමිවීමේ තර්ජනයක් ආවොත් එයටත් පිළියම් ඇමතිවරයාට තිබේද ?
පොලොන්නරුවේ ඉඳන් මත්තල යන්න දවසක්ම යනවා. ඊට වඩා හොඳයි පිටරට යන්නේ නැතිව ඉන්නවා.
කටුනායකින් යන අය මත්තලින් ගියාම රටේ අාදායම වැඩිවෙනවද...?
නූගත් අයියලා රට කරනකොට මේ වගේ... ලොකු අලාභපාඩු සිදුවෙනවා. මොලයක් නැහැ හිතන්න... මේ වැඩේ කරනවා කියන කෙනාගේ බඩ බලන්න. ඔලුව බලන්න ඉතින් කොහොමද හිතන්නේ නඩේ ගුරාලාට ඉන්ධන නොමිලේ නිසා 225ට පුළුවන් මෙතැනින් පිටත්වෙන්න... නැවත නොඑන්න ජනතාවට දුක් දෙන්නේ නැතිව රාජපක්ෂ කියන මූසල අකුරු ටික අයින් කෙරුවොත් දෝසෙ මඟහැරිලා දියුණුවෙයි...
මත්තලින් ගුවන් ගමන් තිබෙනවානම් දකුණේ සිට කටුනායක පැමිණෙන මගින් මත්තලින් ගොඩ වේවි.
මංගල මහත්මය කියන කතාව හරියටම හරි විදේශ රැකියාවට යන මනුෂ්‍යයන් රක්ෂණයට කියල රජයෙන් කරන කප්පම් කෑම වහාම නවත්වලා දමන්න ඕනේ ඒක නොමිලයේම දෙන්න. ඔවුන් එම රටවල සේවය කරලා හම්බ කරලා බැංකු හරහා ලංකාවට එවන මුදල් වලට ආණ්ඩුවෙන් 10% වත් මුදලක් ප්‍රධානය කරන්න. ඔවුන් විදේශ විනිමය ලංකාවට ගෙන එන නිසා.