IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති පේෂල ජයරත්න

(විනීතා එම් ගමගේ)

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස උතුරු මැද පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ ඇත.

එම අධිකාරියේ හිටපු සභාපති කිත්සිරි දිසානායක මහතා ඉල්ලා අස්වීමෙන්  ඇතිවු  පුරප්පාඩුවට ජයරත්න මහතා පත්කරනු ලැබ ඇත.

මැණික් අපනයනයේ දී අය කෙරෙන සියයට දශම 5 ක සේවා ගාස්තුව වෙනුවට නව බද්දක් හන්ඳුවා දීමට අධිකාරිය කටයුතු කළ අවස්ථාවේ,  මැණික් අපනයනකරුවන් ගේ සංගමය ජනාධිපතිවරයා හමුවී නව බද්දෙන් අපනයනකරුවන්ට මතුවන ගැටළු පෙන්වා දී තිබේ.

මෙම නව බද්ද හඳුන්වා දී ඇත්තේ අධිකාරිය අයත් වන පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යවරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පවා දැනුම් දීමකින් තොරව යැයි ද වාර්තාවේ.
මේ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට සහ එහි අධ්‍යක්ෂ ජනරාල් වරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතැයි අධිකාරියේ ආරංචි මාර්ග  සඳහන් කරයි.

ඒ අනුව එහි සභාපති  කිත්සිරි දිසානායක මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් මහේෂ් ගම්මම්පිල මහතා ඉල්ලා අස් වී ඇති අතර පේෂල ජයරත්න මහතා පත් කර ඇත්තේ සභාපති තනතුර වෙනුවෙනි.  



අදහස් (6)

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති පේෂල ජයරත්න

රජින්ද Sunday, 06 May 2018 08:29 AM

තමන්ට ගැතිකම් කරන ජනතා ප්‍රසාදයක් නැති අයව රාජ්‍ය ආයතනවලට දමන ජනතා ඡන්දය අමු අමුවේ උල්ලංඝනය කරන, පිල් මාරු කර කර සොරුන් හුරතල් කරන, පාතාලයින්ට පොලිස් ආරක්ෂාව දෙන දකුණු ආසියාවේ අන්ත දූෂිත රාජ්‍ය මෙය වේ.

:       0       174

MaheeSunday, 06 May 2018 12:26 PM

රජින්ද, ඔබ සමග මුළුමනින්ම එකඟයි. අඩුගන්නේ පිල් මාරුකරන කෙනෙක් දැම්මත් කමක් නැහැ. හොඳ, දක්ෂ කළමනාකරුවෙක් නම්. මේ වැඩකට නැති හාල්පාරුවන් දාගෙන ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර කන්න සලස්වන එක තමයි මේ ගොල්ලෝ කරන්නේ. කතාව නම් කොහොමද?

:       0       77

upaliMonday, 11 June 2018 05:22 AM

මොහු දී.මූ. ජයරත්නගේ පුතාය...

:       0       0

Raveendra Monday, 07 May 2018 06:00 AM

මේ නොකියා කියන්නේ "ඇම්බට්ටයිනේ අපි මෙන් ඔබලාත් බදුමුදල් වන මහජන මුදල් ගසාකාපියව්" යන්න නොවේද?

:       0       13

Lalith Monday, 07 May 2018 12:17 PM

පැරදුණු අයට අමාත්‍යාංශ සභාපතිකම්, තානාපතිකම්... මේක නිසා තමයි තානාපති කාර්යාල මහලු අයගේ නිවාඩු නිකේතන වෙලා තියෙන්නේ.

:       0       10

රුහුණු පුත්‍ර Tuesday, 08 May 2018 12:30 PM

රාජ්‍ය ව්‍යවසායන් කළමනාකරණ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කල යුතුයි. සියලු රාජ්‍ය ව්‍යවසායන් අදාල අමාත්‍යංශ වලින් නිදහස්කර, මධ්‍යගත කළමනාකරණ ඒකකයක් යටතට පත්කර, දේශපාලන ඇගිලි ගැසීමෙන් තොර වෘත්තිය ව්‍යාපාර කළමණාකරුවන් යටතේ පාලනය කල යුතුයි. සභාපති හා අධ්‍යක්‍ෂ මණ්ඩලය සුදුකම්ලත් අය පත්කර, රාජ්‍ය විගණනය ක්‍රමවත් හා ශක්තිමත් කල යුතුයි.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site