

මහජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යාරක්ෂණයේ නවතම ප්‍රගතිය, වෛද්‍ය තාක්ෂණය, සුබසාධනය සහ වෛද්‍ය ප්‍රතිකාර සංචාර සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය වනිමෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025‘ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව නිමාවට පත් විය.
මෙවර 14 වැනි වරට පැවැති මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025 දේශීය සහ විදේශීය ප්‍රදර්ශකයන්ගේ කුටි 150කට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ අතර, දේශීය සහ විදේශීය සෞඛ්‍ය විශේෂඥවරුන් එකම වහලක් යට එක්රැස් කරමින් Aitken Spence Conventions & Exhibitions සමඟ ඒකාබද්ධවAsia Wellness Forum විසින් සංවිධාන කරනු ලැබීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා ආරම්භ වූ මෙඩිකෙයා 2025 ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් වෛද්‍ය සත්‍යන්ජාල් පාණ්ඩේ, ඉන්දීය සේවා සහ අපනයන ප්‍රවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අභේ සිං ඇතුළු දූත පිරිස ඇතුළු පාර්ශ්වකරුවෝ එක්වූහ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් පුද්ගලයන් වෙනුවෙන් ජීවිත කාලයේ එක් වරක් පමණක් පිරිනැමෙන Medicare Lifetime Awards සම්මාන ප්‍රදානය ද සමාරම්භක උත්සවය අතරතුර සිදු කෙරිණි. එහිදී ප්‍රධාන ආරාධිත සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පිළිගනිමින් මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනයේ සමසභාපති වෛද්‍ය අමල් හර්ෂ මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබීය.
මෙම තුන්දින සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ සෙසු ආරාධිතයන් ලෙස වෛද්‍ය මංජුල කරුණාරත්න (සමූහ ප්‍රධාන විධායක නිලධාරී- ආසිරි රෝහල), මහාචාර්ය ලාල් ජී. චන්ද්‍රසේන (විධායක අධ්‍යක්ෂ සහ සාමාන්‍යධිකාරි - නවලෝක රෝහල), වෛද්‍ය යූ.කේ.එම්. ඉස්මායිල් (සභාපති/ප්‍රධාන විධායක නිලධාරි- ලොයිඩ්ස් හෙල්ත්කෙයාර්), වෛද්‍ය කේ. ත්‍යාගරාජා ඉරෙයිවන් (ප්‍රධාන විධායක නිලධාරි- මෙල්ස්ටා රෝහල රාගම), වෛද්‍ය සුසන්ත මල්ලව ආරච්චි (සභාපති- ලෝක පශු විද්‍යා සංගමය ශ්‍රී ලංකා), වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ (ප්‍රධාන විධායක නිලධාරි/ සමනිර්මාතෘ -සෞඛ්‍ය විද්‍යා ජාත්‍යන්තර ආයතනය), මහාචාර්ය ඩබ්.ඒ. හෙලරුවන් පසන් කුමාර (සභාපති - Wish Fertility රෝහල), වෛද්‍ය මෝතිලාල් ද සිල්වා (සභාපති/ අධ්‍යක්ෂ - eChannelling පෞද්ගලික සමාගම), වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - ජාතික රෝහල), වෛද්‍ය ජී. විජේසූරිය (අධ්‍යක්ෂ/නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - වෛද්‍ය සැපයුම් අංශය සෞඛ්‍ය අමාත්‍යාංශය), වෛද්‍ය නලින් ජයසුන්දර (කළමනාකාර අධ්‍යක්ෂ - Aitken Spence Travels) සහ ගීතාමනී සී. කරුණාරත්න (සමසභාපතිනිය - ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව) මහත්ම මහත්මිහු සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය සාර්ථකව අවසන්