IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය මැයි 05 ඇරැඹේ

ලෝකයේ විශාලතම පොත් අලෙවිය වන බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් අලෙවිය මැයි 5 වැනි සිට මැයි 12 වැනි දක්වා ශ්‍රී ලංකාවේ පැවත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර ඔන්ලයින් පොත් අලෙවියේ සුවිශේෂී දෙවැනි ආගමනය පිළිබඳ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් නිවේදනය කළේය. එම අවස්ථාවට බිග් බෑඩ් වුල්ෆ් සම නිර්මාතෘවරුන් වන ඇන්ඩෘ යැප් හා ජැක්ලින් එන්ග් මෙන්ම ප්‍රෝරීඩ් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ නිශාන් වාසලතන්ත්‍රි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා හවුල්කරු දීපක් මාධවන් මහතාද ක්වාලාලම්පූර් සිට අන්තර්ජාලය ඔස්සේ සජීවීව ඊට සම්බන්ධ විය.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රෝ රීඩ් ලංකා (පුද්) සමාගමේ අධ්‍යක්‍ෂ නිෂාන් වාසලතන්ත්‍රි මහතා මෙසේ පැවසීය. “ලොව විශාලතම පොත් අලෙවිය පෙර නොවූ විරූ අභියෝග හේතුවෙන් අන්තර්ජාලය හරහා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා. වසංගත තත්ත්වය හේතුවෙන් අප පසුකරයන මෙවන් දුෂ්කර කාලසීමාවක, බිග් බැඩ් වුල්ෆ් හි අපට අවශ්‍ය වන්නේ සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ට නිවෙස්වල සිට ඉතා ආරක්ෂිතව සහ සුවපහසුව ඇතුව පොත් මිලට ගැනීමේ අවස්ථාව ලබා දීමයි. ”

මේ පිළිබඳ බිග් බැඩ් වුල්ෆ් හි සම-නිර්මාතෘ ජැකලින් එන්ග් මෙසේ විස්තර කළා ය. ”‍පොරොන්දු වූ පරිදි, පොත් ලෝලීන්ට සියයට 90 ක් දක්වා වූ වට්ටම්ද සමගින් අප මෙවර පැමිණෙනවා. තවද අවම වශයෙන් රු. 9,000 ක පොත් මිලදී ගන්නන්ට නොමිලේ පොත් සිය නිවසටම ප්‍රවාහනය කර ගැනීමේ හැකියාවද මෙවර හිමි වනවා. බිග් බෑඩ් වුල්ෆ් ලංකාවට පැමිණෙන තුරු පොත් ලෝලීන් සේම, පාසැල් ළමයින්, විශ්ව විද්‍යාල සිසුන්, තරුණයන් සහ ගුරුවරුන් වැනි පොත් සහ පෙළපොත් භාවිතා කරන්නන් ද ඉතා ආශාවෙන් බලා සිටින බව අප දන්නවා.

මෙවර පොත් ප්‍රදර්ශනය පොත් ලෝලීන් හට විශාල වරප්‍රසාද රැසක් හිමිකර දීමට නියමිතය. මෙහිදී, අවම වශයෙන් රු. 17,000.00 මිලදීගැනීමක් සඳහා 10% වට්ටමක් ලබා දෙන අතර, “එක් පොතක මිලට පොත් දෙකක් මිලදී ගැනීම ” සහ “ඕනෑම ආකාරයේ පොත් තුනක් පොත් දෙකක මිලට මිලදී ගැනීම ” වැනි ප්‍රවර්ධන කටයුතුද සංවිධානය කර ඇත.

පාරිභෝගිකයන්ට සහ රසිකයන්ට මැයි 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 12 දක්වා http://www.bigbadwolfbooks.lk  හි බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් අලෙවි වෙබ් අඩවියට පිවිසිය හැකිය.

 



අදහස් (0)

බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය මැයි 05 ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site