
අවුරුදු සමයත් සමග පාරිභෝගිකයෝ විවිධ මාදිලියේ රෙදිපිළි මිලදී ගැනීමටත් සිය දෛනික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ අටියෙනුත් වෙළෙඳ නගර කරා ඒකරාශී වූහ. අවුරුදු සමය එසේ නිමාවී ගිය ද එම කාල සීමාවේ වෙළෙඳාමේ තතු සෙවීමට ගිය ගමනේ දී අපි ගොඩ වැදුණේ පන්නිපිටිය නිශ්ශංක මහතාගේ වෙළෙඳසැල වෙතටයි.
|
භාණ්ඩවල මිලට පාරිභෝගිකයා අතේ මුදල් නොගැවසීමත් බිස්නස් අඩුවෙන්න හේතුවක් වුණා.ඒ වගේම මේ වෙද්දී සිල්ලර, තොග වෙළෙඳාම විසිරිලා තියෙන්නේ. මේ වෙද්දී පාරිභෝගිකයාට කලින් වගේ පුරුදු තැනින් ගිහින් බඩු මිලදී ගන්න ඕනේ නෑ. පාරිභෝගිකයාට පහසු තැනකින් භාණ්ඩ මිලදී ගන්න වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. පාරිභෝගිකයන් සෑම විටම උත්සාහ කරන්නේ ඔවුන්ගේ අතේ ඇති මුදලට බඩුවක් මිලදී ගන්න. භාණ්ඩයේ ගුණාත්මක බවට වඩා මිල අඩු කොතන ද ඒ තැනට ගිහින් භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයො පුරුදුවෙලා ඉන්නවා.
පන්නිපිටියේ වෙළෙද ව්‍යාපාරික |
එහිදී එහි හිමිකරුවන ඩී.ඒ.එම්. නිශ්ශංක මහතා
අවුරුදු සමයේ බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
ගිය වසරට සාපේක්ෂව ගත්තම මේ පාර යම් මට්ටමක බිස්නස් එකක් තිබුණා. අවුරුදු සමයත් එක්ක බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ. බිස්නස් සාමාන්‍ය මටට්මක තමයි තිබුණේ.
Q: බිස්නස් ඒ මට්ටමට ඒමට බලපෑ හේතු මොනවාද?
අපි වසර විස්සක කාල සීමාවක ඉඳන් බිස්නස් කරන්නේ. එළවළු, සිල්ලර බඩු සහ තොග බඩු බිස්නස් තමයි කරන්නේ.
අවුරුදු සමය කියලා බඩුවල මිලෙහි අඩුවීමක් වුණේ නැහැ. එහෙත් පාරිභෝගිකයෝ ඔවුන්ට පුළුවන් මට්ටමෙන් අවුරුදු සැමරුවා. භාණ්ඩවල මිලට පාරිභෝගිකයා අතේ මුදල් නොගැවසීමත් බිස්නස් අඩුවෙන්න හේතුවක් වුණා.
ඒ වගේම මේ වෙද්දී සිල්ලර, තොග වෙළෙඳාම විසිරිලා තියෙන්නේ. මේ වෙද්දී පාරිභෝගිකයාට කලින් වගේ පුරුදු තැනින් ගිහින් බඩු මිලදී ගන්න ඕනේ නෑ. පාරිභෝගිකයාට පහසු තැනකින් භාණ්ඩ මිලදී ගන්න වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. පාරිභෝගිකයන් සෑම විටම උත්සහ කරන්නේ ඔවුන්ගේ අතේ ඇති මුදලට බඩුවක් මිලදී ගන්න. භාණ්ඩයේ ගුණාත්මක බවට වඩා මිල අඩු කොතන ද ඒ තැනට ගිහින් භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයො පුරුදුවෙලා ඉන්නවා.
කාලයක් තිස්සේ අපෙන් බඩු ගන්න පුරුදු වුණු පාරිභෝගිකයෝ පිරිසක් හිටියත් ඉදිරියේ දී ඒ තත්වය තවත් වෙනස් වෙන්න පුළුවන්.
මනීෂා වීරසිංහ
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ