ප්‍රින්ස් රත්නායක
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව ‘ඇසොසියේෂන් ඔෆ් ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රේනින්‘ යටතේ සංවිධානය කරන ලද ‘ෆයිව් ස්ටාර් බිස්නස් චැලන්ජ් කොම්පිටිෂන් 2017‘ තරගාවලියේ ජය ශ්‍රීලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට හිමිවිය.
ඒ සඳහා ඉදිරිපත්වූ කළමානාකරණ පීඨ සිසුන් සඳහා හිමිව ඇත්තේ මූල්‍ය සමාගමක සිද්ධි අධ්‍යනයක් විශ්ලේශනය කර එහි ශක්තීන්, දුර්වලතා,තර්ජන, අවස්ථා හඳුනාගෙන මූල්‍ය සමාගමේ පැවැත්ම වර්ධන කරගැනීමට විශ්ලේශනාත්මක වාර්තාවක් සැපයීම වේ.
මෙම කණ්ඩායම 28 වැනි තැනට පළමු වටයෙන් තේරී දෙවනවටයට පිවිස ඇති අතර එහිදී පෙරකී වාර්තාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත. ඉන් අවසන් වටය සඳහා ද මෙම කණ්ඩායම අවසන් කණ්ඩායම් 3 අතරට තේරී පත්ව ඇත. එහිදී එම සිද්ධි අධ්‍යනය උසස් ක්‍රම වේදයන්ඔස්සේ විශ්ලේශනය කරමින් එම සමාගමේ අභිවෘද්ධීයට මූල්‍ය ගලනයන් සිදු කරන්නේ කෙසේද යන්න විද්වත් මණ්ඩලයේ ප්‍රශ්න කිරිම් වලට දෙන ලද පිලිතුරු මත කොළඹ හා කැළණිය විශ්වවිද්‍යාල අභිබවමින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත .
දෙවන ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලයටත් තෙවන ස්ථානය කැළණිය විශ්වවිද්‍යාල කණ්ඩායමටත් හිමිවිය.
ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නෙ ජයාග්‍රාහී ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල කණ්ඩායම එහි උපකුලපති මහාචාර්ය එම් සුනිල් ශාන්ත මහතා, පීඨාධිපති අචාර්ය අතුල ඥාණපාල ඇතුලු ආචාර්වරුන් සමග ඡායාරුපයකට මුහුණදුන් අයුරුය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘බිස්නස් චැලේන්ජ්‘ තරගයෙන් සබරගමුව මුල් තැනට
MC Niroshan Jayasooriya Friday, 03 November 2017 11:57 PM
සුභපැතුම්......