IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


බලශක්ති සංවර්ධනයට ආසියානු යටිතල පහසුකම් බැංකුවෙන් ඩො.මි. 52ක්

 

  • කෙරවළපිටිය - කොළඹ වරාය L දෙවැනි සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම මුදල් ලබාදීලා.

මෙරට බලශක්ති සම්ප්‍රේෂණය තවදුරටත් ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්තියේ වර්ධනය වෙත සහයෝගය දැක්වීම අරමුණු කරගනිමින් ආසියානු යටිතලපහසුකම් ආයෝජන බැංකුව (AIIB) එක්සත් ජනපද ඩොලර් මිලියන 52ක ආධාරයක් ලබාදීම පසුගියදා සිදුව තිබේ. 

ඒ අනුව ඊට අදාළ ණය එකඟතාව සම්බන්ධයෙන් එම බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීම පසුගියදා සිදුව තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ  වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් රජාට් මිස්රා අත්සන් තබා තිබේ. මෙම අවස්ථාව වෙත විදුලිබල සහ බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ AIIB හි සභාපති ජින් ලිකුආන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත. 

මෙහිදී කෙරවළපිටිය - කොළඹ වරාය L දෙවැනි සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් අදාළ මුදල් ලබා දෙන බව සඳහන් වෙයි. මේ හරහා ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති හැකියාව සඳහා පවතින බාධා ඉවත් කිරීම සහ තිරසාර සංවර්ධනය තවදුරටත් දියුණු කිරීම අපේක්ෂාව බව එම බැංකුව සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය මගින් කෙරවලපිටිය විදුලි උපපොළෙහි සිට කොළඹ වරායේ L ග්‍රිඩ් උප පොළ දක්වා 220kv තනි-පරිපථ භූගත කේබල් පද්ධතියක් නිර්මාණය, සැපයුම් ලබාදීම, ඉදිකිරීම, අත්හදා බැලීම සහ ක්‍රියාත්මක කිරීම අදාළ වෙයි. ඒ අනුව මෙය මෙම මාර්ගය ඔස්සේ දිවෙන දෙවැනි භූගත සම්ප්‍රේෂණ කේබලයද වෙයි. එහි පළමු අදියර 2019 වසරේදී සම්පූර්ණ කෙරිණි. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණවීමත් සමගින්ම එය කොළඹ නගරයෙහි පුරෝකථනය කෙරී ඇති විදුලි අවශ්‍යතාව සැපිරීම‍ට එය ප්‍රමාණවත් වනු ඇතැයිද අදහස වී තිබේ.

2016 වසරේ සිට මෙහෙයුම් සිදු කරන ආසියානු යටිතලපහසුකම් ආයෝජන බැංකුව සතු ප්‍රාග්ධනය එක්සත් ජනපද ඩොලර් බිලියන 100කි. අද වනවිට එම බැංකුව මගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති පහක් වෙත සහයෝගය දක්වා ඇති අතර, බලශක්තිය, ප්‍රවාහන සහ නාගරික අංශය තුළ ක්‍රියාත්මක එම ව්‍යාපෘති වෙත ලබාදී ඇති සමස්ත අරමුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 534ක් පමණ වෙයි.



අදහස් (0)

බලශක්ති සංවර්ධනයට ආසියානු යටිතල පහසුකම් බැංකුවෙන් ඩො.මි. 52ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 748 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 903 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site