ශ්රී ලංකාවට, ඇමෙරිකා එක්සත් ජනපදය වැදගත් වන්නේ හුදෙක් වෙළෙඳ හවුල්කරුවකු ලෙස පමණක් නොවේ. ඊට වඩා වැදගත්කමක් ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් පවතී.
විශේෂයෙන් ඇඟලුම් ඇතුළු අපනයනවලට වඩාත් වැදගත් රට එය වන අතර මෙරට රැකියා සිය දහස් ගණනක් රැඳී පවතින්නේ මෙරට දළ ජාතික නිෂ්පාදිතයට සෑහෙන තරම් දායකත්වයක් ලබා දෙන වෙළෙඳපොළ ඇත්තේ එරටය. එහෙත් මෙකී සාර්ථකත්වයෙන් ඔබ්බට ගිය ව්‍යුහාත්මක අසමතුලිතතාවක් පවතී. වසරක් පාසා, ශ්‍රී ලංකාව ඩොලර් බිලියන ගණනක් වටිනා අපනයන එක්සත් ජනපදය වෙත කරන මුත්, ඇමෙරිකාවෙන් වාර්ෂිකව මෙරටට කරනුයේ අඩු වටිනාකමෙන් යුතු ආනයනයන්ය. මෙම අසමමිතික භාවය නිසා විශේෂයෙන් ට්‍රම්ප්ගෙන් පසුව ඇමරිකා එක්සත් ජනපද වෙළෙඳ ප්‍රතිපත්තිය තුළ ගනුදෙනුමය ස්වරූපය වැඩි වූ කළ ශ්‍රී ලංකාව තීරු බදු අවදානමට පාත්‍ර වූයේය.
ඉදිරියට යොමු විය හැකි එක් විභවතාවයෙන් යුතු මාවතක් වන්නේ ශ්‍රී ලංකාව මෙරිකා එක්සත් ජනපද ආර්ථිකය සමග කටයුතුවල නියැළෙන්නේ කෙසේදැයි නැවත සිතා බැලීමය. විශේෂයෙන් බොරතෙල්, පෙට්රෝලියම් නිෂ්පාදන, ස්වභාවික ද්‍රව වායු (LNG) ද්‍රව පෙට්රෝලියම් වායු (LPG) යන බලශක්ති අපනයනයෙන් ශ්‍රී ලංකාවට බලශක්ති පිරිවැය අඩු කර ගන්නා අතරම, වර්තමානයේ ගල්ෆ් කේන්ද්‍රීය සැපයුම්කරුවන් වෙත පවතින නැමියාවෙන් ඉවත්ව මෙරට අපනයන උදෙසා, තීරුබදු සහන ලබා ගත හැකි, කේවල් කිරීමේ හැකියාවෙන් යුතු ස්ථාවරයකට එළඹිය හැකිවේ. වෙනත් වචනවලින් කිවහොත් වෙළෙඳ පරතරය පියවීමේ පාලමක් ලෙස බලශක්ති සම්බන්ධ රාජ්‍යතාන්ත්‍රිකභාවය ඉවහල් කරගත හැකිවේ.
අසමාන, සම්බන්ධතාව
වෙළෙඳ ගනුදෙනු සම්බන්ධ සංඛ්‍යා ලේඛනවලින් බොහෝ දේ පැවසේ. 2023 වසරේ දී ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය වෙත ඩොලර් බිලියන 2.76ක් වටිනා භාණ්ඩ අපනයනය කළ අතර, එක්සත් ජනපදයෙන් ආනයනය කරනු ලැබුවේ ඩොලර් මිලියන 507ක් වටිනා භාණ්ඩ පමණි. මේ නිසා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.2කට වැඩි ද්විපාර්ශ්වික වෙළෙඳ අතිරික්තයක් හිමිවිය. මෙම රටාව පසුගිය අවුරුදු පහ පුරාම අඛණ්ඩව එකසේ පැවතිණි. එම වසර 5 පුරා ශ්‍රී ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 2.5 - 3.3 අතර ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කළ අතර, එරටින් ආනයනය කළේ ඩොලර් මිලියන 650ට අඩු වටිනාකමක් සහිත භාණ්ඩය.
ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදය වෙත නිල අපනයන ලෙස ඇඟලුම්, යට ඇඳුම්, ටී කමිස, ක්‍රීඩා ඇඟලුම් සහ ළඳරු ඇඳුම් යන ඇඟලුම් වලින්ද, රබර් ටයර්, අත්වැසුම්, තේ සහ මුහුදු ආහාරවලින් සමන්විත විය. ඒ අතර එක්සත් ජනපදයෙන් කරනු ලැබූ ආනයනයන්, සත්ව ආහාර, ඖෂධ, ප්ලාස්ටික් භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගුවන් යානා අමතර කොටස්වලට සම වූයේය. මෙම අසම්මතික බව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපයීම අතින් ප්‍රයෝජනවත් වුව ද, අනුපූරක බදු අයකිරීමවලට භාජන වීමේ අවදානමෙන් යුක්ත වූයේය.
ට්‍රම්ප්ගේ සිද්ධාන්තය හා අනුපූරක බදු
ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපද වෙළෙඳ ප්‍රතිපත්තියේ තීරණාත්මක වෙනසක් හඳුන්වා දුන්නේය. පරස්පරතාවයේ දර්ශනය යනු, යම් ඕනෑම රටක්, එ. ජනපදය සමග විශාල වෙළෙඳ අතිරික්තයක් භුක්ති විඳින්නේ නම් එයට ඇමරිකානු භාණ්ඩ ආනයනය කිරීමට, නැතහොත් තීරු බදුවලට මුහුණ දීමට බලපෑම් කිරීමයි. මේ සඳහා මූලික වාතාවරණය සකස් කරන ලද්දේ, 2018දී වානේ සහ ඇලුමිනියම් තීරු බදු වන අතර විශේෂයේ ආසියානු ආර්ථිකය ඒ සඳහා ඉලක්කර ගැනුණේය.
ඉන්දියාව, වියට්නාමය හා දකුණු කොරියාව ඊට කඩිනමින් හැඩ ගැසුණේ, ඇමරිකානු බොර තෙල්, ස්වාභාවික ද්‍රව වායු (LNG) හා කෘෂි උපකරණ ආනයනය කර ගනිමිනි. එයින් එම රටවල් කීර්තිනාමයත්, තීරු බදු සහනත් අත්කර ගත්තේය. කෙසේ වුවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින්නේ තියුණු අවදානමකි. මන්දයත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු වෙළෙඳපොළ ඇත්තේ විවිධාංගීකරණයට ලක් වූ, අපනයන මත නොව බොහෝ සෙයින් ඇඟලුම් කේන්ද්‍රකොටගෙන බැවිනි. මුලින්ම ශ්‍රී ලංකාවට සියයට තිහක ඇමරිකානු තීරු බද්දක් යෝජනා වුණ අතර ශ්‍රී ලංකාවේ අපනයනවලට ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ බරක් සොයා ගැනීමේ හදිසි අවශ්‍යතාව මතුවිය.
තරගකාරිත්වය උරගා බලන තැන ඇමරිකානු තීරු බදු හමුවේ තරගකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ස්ථාවරය කුමක් ද?
තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක තීරුබදු අනුපාතය සියයට 20 දක්වා (2025 අගෝස්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි) අඩු කරනු ලැබීය. මේ සමගම ශ්‍රී ලංකාව වියට්නාමය හා පකිස්තානය (20%නිසා) සමග එකඟ වූයේය. එහෙත් තවත් යම් රටක් තීරු බදු ඉවත් කිරීම් හා නිෂ්පාදන දාම උදෙසා සාකච්ඡා මාර්ගයෙන් සහන ලබා ගැනෙන්නේ එය අවාසිය තත්වයේ පැවතිණි. මුලින් සියයට 25 වැඩි කිරීමෙන් පසුව ඉන්දියාවේ අනුපාතය සියයට 25ක් වූ අතර බංග්ලාදේශය සාකච්ඡා කළ පසු එහි තීරු බදු අනුපාතය සියයට 20 බවට පත් කෙරිණි.
සියයට තිහක (සියයට 30) තීරු බදු අනුපාතය යටතේ එක්සත් ජනපදය වෙත අපනයනය කළහොත් අපනයන සියයට 44කින් පහත වැටෙතැයි ඇඟලුම් ක්ෂේත්‍රයට අනතුරු හඟවන ලදී.
එය එම ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වූවන්ටත්, දළ ජාතික නිෂ්පාදිතයටත් හානිකර වූ පහත වැටීමකි. සියයට 20 තීරු බදු අනුපාතයේ දී පවා ශ්‍රී ලංකාවේ තරගකාරී හැකියාව බිඳී යන සුළුය. වොෂින්ටනය තවදුරටත් සහන සැලසීම නොකළහොත් මිලදී ගන්නන් අප වෙතින් ඉවත්ව වියට්නාමය හා පාකිස්තානයෙන් ඇඟලුම් ඇණවුම් කරනු ඇත. බලශක්ති ආනයනයත් යෝජනා කරමින් ශ්‍රී ලංකාව, වොෂින්ටනය සමග කල්තියා සාකච්ඡා කිරීමට පෙළැඹිය යුත්තේ මේ නිසාය. එයින් කල්පවත්නා වාසි අත්කර ගත හැකිවේ.
ශ්‍රී ලංකාවේ ටයර් කර්මාන්තය කාලයක් ලෝකය පුරා කීර්තිනාමය දිනා සිටියේය. ගෝලීය ප්‍රමිතිය, ඉහළම ස්වභාවික රබර්වලින් තැනූ ටයර් සැපයුමෙන් එම ගෞරවණීය බව අත්කර ගැනිණි. ශ්‍රී ලාංකීය කම්හල්වලින් ශක්තිමත් හා ගුණවත් බවෙන් උසස් කාර්මික ටයර් ඇමෙකාවට ආනයනය කෙරිණි. කෙසේ වුවද එම අංශයට චීනයත් සහ ඉන්දියාවෙන් එවූ අඩු පිරිවැය නිෂ්පාදන සමග තරග කරන්නට සිදු වූ බැවින් අපේ ටයර්වලට ගෝලීය වෙළෙඳපොළේ තිබුණු තැන නැතිව ගියේය. නොබෝදා ශ්‍රී ලංකාවට පැන වූ සියයට විස්සක තීරු බද්ද, ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කරන්නකි. මිලෙන් අඩු අමුද්‍රව්‍ය යොදාගෙන කළ පල ඔස්සේ ආර්ථික වාසි ලබාගෙන නිෂ්පාදන සිදුකරන ආසියානු අති විරුද්ධ තරගකරුවන් හමුවේ තරගකාරී බවෙන් අඩු ශ්‍රී ලාංකීය නිෂ්පාදනවලට තර්ජන එල්ල වනු ඇත. ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකානු බලශක්ති ආනයන ව්‍යාප්ත කිරීම වැනි අන්‍යෝන්‍ය වෙළෙඳ සම්මුති ඔස්සේ මෙම තත්වය සමනය නොකළහොත් මෙම තීරුබදු අවදානම තිබෙන ශ්‍රී ලංකාවේ බොහෝ වටිනා අපනයන අංශයන් පහත වැටෙනු ඇත.
ආසියාවෙන් සංසංදනාත්මක පාඩම් ඉන්දියාව, වියට්නාමය හා බංග්ලාදේශය:-
ඉන්දියාවෙන් අනතුරු අඟවන මුත් උපදේශනාත්මක උදාහරණ සැපැයේ. 2019දී එක්සත් ජනපද තීරුබදු තර්ජනවලට මුහුණ දෙමින් නව දිල්ලි රජය තිව්‍ර ලෙස ඇමෙරිකානු බොර තෙල් ආනයනයන් වැඩි කළේය. උපරිම ලෙස බොර තෙල් අපනයනය කළ කාලයේ දිනකට තෙල් බැරල් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කෙරිණි. ඉන්දියාව එහි සැපයුම් විවිධාංගිකරණයට ලක් කරන අතරවාරයේම, මෙයින් ආතතිය ලිහිල්කොට ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගිතා උදෙසා අලුත් මාර්ගයක් විවර වූයේය. පසු කලෙක එම නිසා රුසියාව සමග මතභේද හටගත් නමුත් මුලින් උගත් පාඩම පැහැදිලිය. ඇමරිකානු වෙළෙඳ හිඟය බලශක්ති මිලදී ගැනීමෙන් අඩුකොට තීරුබදුවල පීඩනය මෘදු කළ හැකිවේ.
වියට්නාමය, තීරුබදු පිළිබඳ සාකච්ඡා සමග ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉදිරියට ගියේය. ඇමරිකානු කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන ආනයනය කිරීමට පෙළඹීම නිසා විශාල වෙළෙඳ ගිවිසුම්වලට බැඳුණේය. අද වන විට වියට්නාමය ඇඟලුම් උදෙසා ශ්‍රී ලංකාව ගෙවන තීරුබදු අනුපාතයට ගෙවුවද, පිරිමානය සැපයුම් දාම ඒකීයකරණය හා අන්‍යනෝයන්‍ය හුවමාරුව හේතු කරගෙන ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ කොටස අභිබවා තිබේ.
බංග්ලාදේශය 2024 – 2025 කාලයේ සාකච්ඡාමය විසඳුමකට ඒමට අසීරු වුවද අවසානයේ ඇමෙරිකාවට ඇඟලුම් අපනයනය කරන දෙවැනි විශාලතම රට බවට පත්විය. මුලින් නිෂ්පාදනය කළ තීරු බදු අනුපාතයට වඩා අඩු අනුපාත පසුව බංගලාදේශය උදෙසා නිවේදනය කෙරිණි. එක්සත් ජනපදයෙන් සිදුකරන කපු අපනයන හා කෘෂිකාර්මික භාණ්ඩ ආනයනය වැඩි කිරීම ඔස්සේ එම තත්වය අත්කර ගත්තේය. මෙයින් කොළඹ ආණ්ඩුවට දෙන පණිවිඩය පැහැදිලිය. ප්‍රමාණය යම් තරමකට බලපාන මුත් වැඩිපුර බලපාන්නේ ක්‍රමෝපායයි.
එක්සත් ජනපදයෙන් බලශක්ති ආනයනය කළ යුත්තේ ඇයි ?
ශ්‍රී ලංකාව මුළු මනින්ම රඳා පවතින්නේ ආනයනය කළ බලශක්ති මතය. (LNG) ස්වභාවික ද්‍රව වායු ඇමෙරිකාවෙන් ආනයනය කිරීමේ විභවතාව ඇති තවත් බලශක්තියක් වුවද ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිවීම නිසා ශ්‍රී ලංකාව තවම ඊට සූදානම් නැත. ඒ සඳහා අවම වශයෙන් තව වසර 4 ක් වත් ගතවනු ඇත. එහෙත් පෙට්රෝලියම් බලශක්ති ආනයනයට මුල පිරීම සඳහා වේගවත්, මෙන්ම ප්‍රායෝගික විකල්පය ද වේ. එල්.ජී. ගෑස් ගෘහයන් හා කර්මාන්ත තුළ තීරණාත්මක කාර්යභාරය ඉසිලීම වැඩි වෙමින් පවතී.
ගෘහස්ත පරිභෝජනය උදෙසා වර්තමානයේ ශ්‍රී ලංකාව වාර්ෂිකව එල්.පී. ගෑස් මෙට්රික් ටොන් 450,000 ක් පමණ ආනයනය කරයි.
එම සැපයුම් සිදු කරනුයේ රාජ්‍ය හිමිකාරිත්වය ඇති, ලිට්‍රෝ ගෑස් හා (Laugfs) ලාෆ්ස් ගෑස් යන සමාගම් දෙකෙනි. සෞදි අරාබියේ ගිවිසුම් මිල යටතේ පදනම් මිල මත ටොන් එකකට ඩොලර් 650 අනුව ගණන් බැලු විට වාර්ෂික ආනයන වටිනාකම වන්නේ ඩොලර් මිලියන 300 – 400 කි. කෙසේ වුවද මිල ගණන් නිතරම ටොන් එකකට ඩොලර් 75 ට හෝ ඩොලර් 80 ට දක්වා ඉහළ යා හැකිවන අතර නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු කළ විට මෙම වාර්ෂික අගය ඩො. මිලියන 430 දක්වා පමණ ඉහළ යයි. මීට ලාෆ් සමාගම විසින් අමතරව හම්බන්තොටින් බංග්ලාදේශයට අපනයනය කෙරෙන මෙ.ටොන් 36000 එක් කළ විට ශ්‍රී ලංකාවේ LP ගෑස් ආනයනය – අපනයන වටිනාකම්වලට වාර්ෂිකව ඩො.මි. 500 ක් පමණ එකතු වේ. මෙම පරිමාණයෙන්, ඇමෙරිකාවෙන් වර්තමානයේ කෙරෙන ආනයන සියයට සියයක් නියෝජනය වන අතර ඒ මගින් වොෂින්ටනය සමග තීරු බදු පිළිබඳ සාකච්ඡාවට ශක්තියක් ගොඩ නැගේ.
ඇමෙරිකාවෙන් එල්.පී. ගෑස්, මිලදී ගැනීම මැද පෙර දිගින් මිලදී ගැනීමට වඩා ලාභදායි වේද? එක්සත් ජනපදයේ LP ගෑස් උදෙසා කීර්තිනාමය දිනා ඇති Mont Belvieu හි පෙට්රෝලියම් නිෂ්පාදන, සෞදි අරාබියේ ගිවිසුම් ගත මිලට වඩා සියයට 10 ක් හෝ 20 පමණ මිලෙන් අඩුය. 2018 සිට 2023 දක්වා මිල ගණන් අතර මෙකී පරතරය තිබී ඇත.
නැව් ගාස්තු පිරිමැසුම් එක්සත් ජනපදයේ සිට සහ මැදපෙරදිග සිට හම්බන්තොට දක්වා සැසඳීම:-
ගෑස් ප්‍රවාහණය කරන ඉතා විශාල නෞකා (VLGC) මගින් ගෑස් ප්‍රවාහනය කිරීමේ දී අභියෝගාත්මක අවස්ථා සඳහා දේ. 2025 අගෝස්තුවේ ඉදිරිපත් කළ මිල ගණන් අනුව US Gulf ජපානය දක්වා බෝල්ටික් එක්ස්චේන්ජ් අය කළේ ගෑස් මෙට්රික් ටොන් එකකට ඩොලර් 138 කි. ඒ අතර BLPGL මැද පෙරදිග සිට ජපානයට ප්‍රවාහනය කිරීමට ඉදිරිපත් කළ මිල මෙ.ටොන් එකකට ඩොලර් 77 ක් පමණ විය. මෙම දුර ප්‍රමාණය ගලපා ගත් විට හම්බන්තොට දක්වා නැව් ගාස්තුව US Gulf සිට මෙ.ටොන් එකකට ඩොලර් 118 ක් වන අතර මැද පෙරදිග සිට හම්බන්තොටට, මෙ.ටොන් එකකට ඩොලර් 31 කි. ඒ අනුව මෙ.ටො. එකකට ඩොලර් 87 ක වෙනසක් ඇත. එහෙත් මෙම නැව් ගාස්තුවල අවාසිය මධ්‍යයේ වුව ද ඇමෙරිකාවේ Mont Belvieu හි අවම පදනම් මිල නිසා, එය මැද පෙරදිගින් සැපයුම් කරනවාට වඩා තරගකාරි මිලකි.
ප්‍රොපේන් ඇසුරින් මෙය වඩාත් පැහැදිලි කළ හැකිය. ගල්ෆ් ඒෂියා අපනයන ගිවිසුම් අනුව වර්තමානයේ සෞදි ගිවිසුම් මිල මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 520 කි. Mout Beliveu ගෙනෙන ප්‍රොපේන් (සැපයුම් කෙරෙනුයේ එ.ජ. සැපයුම් …පීඩනය අනුවය) මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 350-350කට මිලට ගත් කළ ඊට එක්සත් ජනපදයේ සිට නැව් ගාස්තුව වූ ඩො. 118/මෙ.ටො. එකතු කළ විට ඇමරිකාවේ සිට ගෙනෙන ගෑස් මෙ.ටො. එකක් ගොඩබාන මිල ඩොලර් 468 ක් 498 ක් පමණ වේ. මැද පෙරදිග සෞදියෙන් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 520 ගානේ ගෙනෙන ගෑස් උදෙසා ඩොලර් 31ක නැව් ගාස්තු එක් කළ විට මෙ.ටො. එකක් ගොඩ බාන මිල ඩොලර් 551 කි. එවිටද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් නැව්ගත කොට ප්‍රවාහනය කිරීම ඩොලර් 50 සිට 80 දක්වා වාසි සහගතය.
ගෘහස්ථ ගෑස් උදෙසා මිල පරිවර්තනය කළ විට: කී.ග්‍රෑ. 12.5 සිලින්ඩරයකින් කීයක් ඉතිරි වේද?
2025 සැප්තැම්බරයේ දී සෞදි ප්‍රොපේන්වල මිල මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 520 කට තීරණය වූ අතර Mout Belvieu ප්‍රොපේන්වල සාමාන්‍ය මිල වූයේ මෙ.ටො. එකක් ඩොලර් 325 කි. අමතර නැව් ගාස්තුව වූ ඩොලර් 87/මෙ.ටො. 1කට එකතු කළ විට පවා, ඇමෙරිකාවේ සිට ආනයනය කිරීම මැද පෙරදිගින් සැපයුම් කරන්නට වන මෙ.ටො. එකකට ඩොලර් 22-52 පමණ වාසි සහගත වේ.
මෙම ඉතුරුම කී.ග්‍රෑ. 12.5 සිලිංඩරයකට පරිවර්තනය කළ විට කි.ග්‍රෑ. 12.5 සිලින්ඩරයක් දළ වශයෙන් රු. 80-රු. 200 පමණ ඇමෙරිකානු ඩොලර් 1ක් ශ්‍රී.ලං. රු. 302 ලෙස සැලකූ විට) මිලෙන් අඩුවේ. වර්තමානයේ ලිටෝ ගෑස් 12.5 සිලින්ඩරයකට කොළඹ මිල වූ රු. 3690 හා ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල වූ 4100 අනුව සලකා බැලුව ද මෙය පාරිභෝගිකයාට යම් තරමක සහනයකි. කර්මාන්ත උදෙසා යෙදවුම් පිරිවැය (මිල ද) මෙහිදී අඩුවන බැවින් එහිදී අපනයන තරගකාරිත්වය ඉහළ යයි.
රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වය වෙෙළඳ කටයුතු නැංවීම උදෙසා
මෙම උපාය මාර්ගය යථාර්ථවත් කිරීම පිණිස රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) ඉතා වැදගත් වේ. රජය, ඇමරිකානු වෙළඳ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කිරීමට මූලික විය යුතු වන අතර ලිට්‍රො ගෑස් හා ලාෆ් ගෑස් සමාගම් යටිතල පහසුකම් හා ධාරිතාව උදෙසා සහයෝගයෙන් ක්‍රියා කළ යුතුවේ. ඇමෙරිකාවෙන් LP ගෑස් විශාල තොග පිටින් ගෙන ඒමේ යටිතල පහසුකම් දැනට පවතින්නේ හම්බන්තොට වරායේ ලාෆ් සමාගම සතුව බැවින් වෙළෙඳ පොල ප්‍රමුඛයා වන ලිට්‍රො සමාගම අවශ්‍ය ධාරිතාව සැපයුම් කරමින් අන්‍යෝන්‍ය වශයෙන් වාසි සහගත හවුල්කාරිත්වය පවත්වාගත යුතුය. එවැනි සහයෝගිතාවන් ඔස්සේ බලශක්ති ආනයනය කිරීමෙන් තීරුබදු සාකච්ඡාවල දී කේවල් කිරීමේ ශක්තිය වර්ධනය වේ.
හම්බන්තොට වරායේ සිට බලශක්ති කේන්ද්‍රස්ථානය දක්වා
ශ්‍රී ලංකාවේ තුරුම්පුව හම්බන්තොට වරායයි. බටහිර – පෙරදිග මුහුදු මාර්ගයේ පිහිටීමත්, ඉතා විශාල ගෑස් නෞකා (VLGC) ප්‍රවේශවීමේ හැකියාව නිසා ඇමරිකානු LP ගෑස් ආනයනය කිරීමට පමණක් නොව ඒවා සමීපතම වෙෙළඳපොළ වෙත ප්‍රති අපනයනය කිරීමේ පහසුකම් ද එම වරායෙන් සැපයේ. බංගලාදේශය, මාලදිවයින හා නැගෙනහිර ඉන්දියාවේ පවා නොගැඹුරු වරායවලට ඉතා විශාල ගෑස් නෞකා (VLGC) ඇතුළු කිරීමේ පහසුකම් නැත. එම නිසා හම්බන්තොට වරායට ප්‍රවේශ ස්ථානයක් ලෙස කටයුතු කොට විශාල ඇමෙරිකානු නෞකාවලින් පවා මහ නැව් බඩු ගබඩාකොට ප්‍රති අපනයනය කළ හැකිය.
ඉන්දු පැසිෆික් කලාපයේ පිහිටි හම්බන්තොට, බලශක්ති කේන්ද්‍රස්ථානයට වඩා වැදගත්වේ.
වොෂින්ටනයේ දෘෂ්ටි කෝණයෙන් බැලු විට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය, හුදෙක් වෙළඳ පහසුකමක් පමණක් නොවන්නේය. එක්සත් ජනපද, ඉන්දු පැසිෆික් උපාය මාර්ගයේ දී බලශක්ති මාර්ග සහ සම්පාදන කේන්ද්‍රස්ථානයක්, ආරක්ෂාව සමගත් සැපයුම් දාම සමගත් චීනය සමග තරගයේදීත් එකට වෙළී පවතී. ඇමරිකානු බලශක්ති ප්‍රවාහයන් සමග හම්බන්තොට සම්බන්ධ කිරීමෙන් ශ්‍රී ලංකාවට ඉන්දු පැසිෆික් කලාපයේ, හුදෙක් අපනයන ආර්ථිකයට නැඹුරු කුඩා ස්ථානයක් පමණක් නොව ක්‍රමෝපාය හවුල් කරුවකු ලෙස ස්ථානගත විය හැකිය.
මෙය තීරුබදුවලට ඔබ්බෙන් යන වාසි සලසන කටයුත්තකි. හම්බන්තොට කලාපීය බලශක්ති ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස වෙෙළඳපොළ දිනා ගැනීම පමණක් නොව, ඉන්දු පැසිෆික් වැඩ පිළිවෙළට අදාළ ආයෝජන ස්ථානයක් ලෙස ඇ.එ.ජ. අවධානය දිනා ගැනීම ද කළ හැකිය
ආසියාවේ ඉහළ යන ඉල්ලු
මෙම ක්‍රමෝපාය සැලැස්ම ඉල්ලුම් ප්‍රක්ෂේපනයක් සමග තවත් ශක්තිමත් වේ. ගෝලීය LP පරිභෝජනයෙන්, මේ වන විටත් සියයට 42 කට දායක වනුයේ ආසියාවයි. එම ඉල්ලුම නාගරිකරණය, කර්මාන්තකරණය හා නිවාස භාවිතය වැඩිවීමත් සමග තවත් ඉහළ යයි.
ශ්‍රී ලංකාව කෙරේ සාර්ව
ආර්ථික බලපෑම්:-
තීරු බදු අනුපාතය සියයට 20 තිබිය දී, තරගකරුවන් සාකච්ඡා අසාර්ථක වුණොත් ශ්‍රී ලංකාවට ඇඟලුම් අපනයනයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 800 දක්වා වූ පාඩුවක් සිදු විය හැකියි. මෙයින් අදහස් වන්නේ එම ක්ෂේත්‍රයේ යම්තමින් හෝ සිදුවන හැකිලීමකදී දස දහස් ගණනකට රැකියා අහිමිව යා හැකි බවයි. අපනයන ඉපැයුම් පහත වැටීමෙන් විදේශ සංචිත තවදුරටත් පහළ යා හැකි වේ.
බලශක්ති සම්බන්ධ ගනුදෙනුව නිසා ශ්‍රී ලංකාවට තීරු බදු අනුපාතය සියයට 20 සිට සියයට 15 දක්වා සියයට 5 කින් අඩු කරගත හැකි වුවහොත් ඇඟලුම් අංශයට වාර්ෂිකව තීරු බදු පිරිවැය ඩො. මිලියන 150-200 පමණ ඉතිරි කර ගත හැකිය. නිවාසවල භාවිත ගෑස් සිලින්ඩරයකින් ඉතිරිවන රු. 80-200 සමග මිශ්‍ර වූ විට එය සෑහෙන තරම් පිරිමැසුමකි. එයින් පාරිභෝගික ක්‍රය ශක්තිය වැඩි වන අතර සංචිතවල තත්වය ද ස්ථිර වේ.
සමානුපාතික වාසි දෙපාර්ශවයටම
මෙහි ක්‍රමෝපායික හා ආර්ථික තර්කය පැහැදිලිය. ශ්‍රී ලංකාව බොර තෙල්, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන, එල්පී ගෑස් ආදිය ඇමෙරිකාවෙන් ආනයනය කරන්නේ නම් එවිට දෙපාර්ශවයේ වෙළෙඳ හිඟය අඩුවී, තීරු බදු සම්බන්ධ ශ්‍රී ලංකා සාකච්ඡාවලට ඉඩ සැලසෙන අතර වොෂිංටනයේ කීර්තිනාමය ද ඉහළ යයි.
ශ්‍රී ලංකාවට ඇමෙරිකානු බලශක්ති අඩු මිලට ලබාගත හැකි වන අතර මැද පෙරදිග වෙත පමණට වඩා රඳා පැවැත්මෙන් ඉවත්වී හම්බන්තොට කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට හැරවීමේ විභවතාව ද උදාවේ.
මෙය දෙපාර්ශවයටම සමානුපාති වාසිගෙන දෙන්නකි. ඇමෙරිකාවට, එහි බලශක්ති අපනයන උදෙසා ආසියානු වෙළෙඳපොළ හිමිවෙන අතර ශ්‍රී ලංකාවට අඩු මිලට බලශක්ති ලැබී තීරු බදු අඩු කිරීම උදෙසා ශක්තිමත් ලෙස සාකච්ඡාවලට එළඹීමේ අවස්ථාව හා ප්‍රති අපනයනය කිරීමේ අවස්ථා හිමිවේ. මෙම ක්‍රියාව යථාර්ථවත් කරනු පිණිස ශ්‍රී ලංකාව ඒ හා සමාන්තර වූ ක්‍රියාකාරකම් හඹා යා යුතුය. පළමුව බලශක්ති ආනයනය තුලින්, වර්තමාන සියයට 20 තීරු බදු අනුපාතය අඩු කර ගැනීම අරමුණු කොට රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට එළඹිය යුතුය. දෙවනුව හම්බන්තොට කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීම සහතික කර ප්‍රතිඅපනයනය කිරීමේ විභවතාව ගැන ඇමෙරිකාවේ විශ්වාසය දිනාගත යුතුය. තුන්වැනිව (Mount Belvieu) මොන්ට් බොල්වියු දර්ශකයට සම්බන්ධ මිල යාන්ත්‍රණය ගැන සාකච්ඡා කළ යුතුවේ. අවසානයේ මෙම ඉතිරි කිරීම්වල කොටසක් අවම වශයෙන් LP ගෑස් සිලින්ඩර මිල ලෙස නිවාස හිමියන්ට යන බවට ප්‍රතිපත්ති සම්පාදකයන් සහතික කර ගත යුතුවේ.
ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා මෙහෙයවීම් මෙවලමක් ලෙස බලශක්ති භාවිතය:-
එක්සත් ජනපදයේ වෙළඳපොළ වෙත ප්‍රවිශ්ඨ වීමේ අවස්ථාව ආධාර ප්‍රදානය කිරීමක් ලෙස ශ්‍රී ලංකාවට සැලකිය නොහැකිය. ට්‍රම්ප්ගේ යුගයේ දී අනුපූරක තීරු බදු නියම කිරීමෙන්, අතිරික්තයක් සහිත අපනයන සිදුකරන රටවල් තම ගෙවුම් ශේෂ පාලනය කර ගැනීමේ මං සොයා යුතු බව පැහැදිලිය. ශ්‍රී ලංකාවට ඒ සඳහා යෝග්‍යතම ප්‍රායෝගික ක්‍රමෝපායික විසඳුම එක්සත් ජනපදයේ බලශක්ති ආනයනය කිරීමයි.
2025 ඔක්තෝබර් 03 Daily FT හි පළවූ "Energy diplomacy: How Sri Lanka can bridge trade gap with united stats” ලිපියේ පරිවර්තනය
- සමන් පුෂ්ප ලියනගේ
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බලශක්තිය: ඇමෙරිකන් තීරු බද්දට විකල්ප මොනවාද ?