IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බීම් හෙළ ඔසු ලංකාට ව්‍යවසායකත්ව සම්මාන

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී කාර්මික නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. 

1984දී ඇරැඹූ මෙරට ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බීම් හෙළ ඔසු ලංකා සමාගම පුළුල් පරාසයක විහිදී ඇති ශාකසාර නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. ළමයින් සඳහා වන ජීවා පැණිය සහ කප්පරවල්ලිය පැණිය, බීම් සුව ධරණී සහ ශාකසාර තේ, බීම් බාම්, ප්‍රතිශක්තිය වර්ධනය කරන සුදර්ශන කරල් සහ සුවෝදා පේයාව බීම් නිෂ්පාදන අතර ප්‍රධාන වේ. දිවයින පුරා බටහිර සහ ආයුර්වේද ඔසුසල්වලින්, සුපිරි වෙළෙඳසල්වලින් මෙම නිෂ්පාදන මිල දී ගත හැකිය.

ගුණාත්මක බව සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වන බීම් හෙළ ඔසු ලංකා සමාගම සාම්ප්‍රදායික ආයුර්වේද දැනුම සහ නවීන තාක්ෂණය මුසු කරමින් සිය නිෂ්පාදනවල ඇති ස්වාභාවික ඖෂධීය වටිනාකම තහවුරු කරයි. සිය නිෂ්පාදන ක්‍රියාවලිය පුරා අදාළ සනීපාරක්ෂක ප්‍රමිති අනුගමනය කරන එම සමාගම ISO 22000:2018 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයද ලබා ඇත. පසුගිය කාලය පුරා ඔවුන් දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. නිෂ්පාදන ක්‍රියාවලිය නිසා පරිසරයට වන හානිය උපරිම ලෙස අවම කිරීමට බීම් හෙළ ඔසු ලංකා සමාගම වග බලා ගනියි. අපද්‍රව්‍ය උත්පාදනය අවම කර ඇති එම සමාගම ජලය, විදුලිය සහ අනෙකුත් සම්පත් පරිභෝජනය කරන්නේ අරපිරිමැස්මෙනි. පරිසර නීති සහ රෙගුලාසිවලට අනුකූලව කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය සඳහා ක්‍රියාකාරීව සහාය වන එම සමාගම බල ශක්තිය හා ස්වාභාවික සම්පත් සුරැකීමට සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය උපරිම මට්ටමෙන් ඉහළ නැංවීමට කටයුතු කරයි.



අදහස් (0)

බීම් හෙළ ඔසු ලංකාට ව්‍යවසායකත්ව සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site