IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බිම තියන ගුවන් යානා තුනකට මසකට ඩෝ.මි 9 බැගින් වසර තුනක් ගෙවලා

ඇන්ජින් අමතර කොටස් නොමැතිකම හේතුවෙන් ගුවන්ගත කිරීමට නොහැකිව තිබුණු ගුවන් යානා තුනක් වෙනුවෙන්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ බලධාරීන්, වසර තුනකට මසකට ඩොලර් මිලියන 9 ක් (රුපියල් බිලියන 2.6 ක්) කුලී පදනම මත මුදල් ගෙවා ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඉන් එක් ගුවන් යානයක් මේ වන විට භාවිතයට ගෙන ඇති අතර ඉතිරි දෙක අප්‍රේල් මාසය වන විට ක්‍රියාත්මක වනු ඇති බවයි. 
අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, නව රජය, ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ තීරණය අවලංගු කළ බවත් ව්‍යාපාර සැලැස්මකට අනුව, ගුවන් සේවය ගොඩනැගීමට උත්සාහ ගන්නා බවත්ය.
එමෙන්ම, අභ්‍යන්තර ගුවන් සේවා කර්මාන්තය දියුණු කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය 2023 සහ 2024 වසර සඳහා බිලියන 3 ක මුදලක් ලාබ ලැබීය. එසේ ලාබ ලැබුවේ ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම හේතුවෙනි.



අදහස් (0)

බිම තියන ගුවන් යානා තුනකට මසකට ඩෝ.මි 9 බැගින් වසර තුනක් ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site