IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


බදු නිදහස් කිරීමෙන් පමණක් ඍජු විදෙස් ආයෝජන ලබාගන්න බෑ

  • ව්‍යාපාර පරිසරය සහ ශ්‍රම වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩි දියුණු කිරීමෙන් සෘජ‌ු විදෙස් ආයෝජන ලබාගත හැකියි
  • ව්‍යාපාර පරිසරය වැඩි දියුණු කිරීමට රට තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් තිබිය යුතුයි
  • බදු නිදහස් කිරීම් ලබාදීමේ රාමුව ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි
  • ලබාදී ඇති ඉලක්කය හැකි ඉක්මනින් සපුරාලනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂාවෙන්
  • වාහන ඉල්ලු‍ම අඩුවුවහොත් ආනයනය පහත වැටීමෙන් රජයේ ආදායමට සැලකිය යුතු බලපෑමක්

විමුක්ති එස් රුද්‍රිගු


මෙරටට සෘජු විදෙස් ආයෝජන ගෙන ඒම සඳහා බදු නිදහස් කිරීම් මත පමණක් යැපීමට ශ්‍රී ලංකාව පුරුදු නොවිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ව්‍යාපාර පරිසරය සහ ශ්‍රම වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩි දියුණු කිරීමෙන් මෙරට සෘජු විදෙස් ආයෝජන ගෙන ඒමට හැකියව තිබෙන බවත් ව්‍යාපාර පරිසරය වැඩි දියුණු කිරීමට රට තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් තිබිය යුතු බවත් ඔහු පැවැසුවේය. වර්තමානය වනවිට රට තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති වී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

එහෙත් සෘජු විදෙස් ආයෝජන පැමිණෙන්නේ බදු නිදහස් කිරීම් යන ප්‍රතිලාභය සමග බවත් ඒ හේතුවෙන් මෙරට බදු නිදහස් කිරීම් ලබාදීමේ රාමුව ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසුවේය. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ව්‍යූහාත්මක ඉලක්කයක් බවත් ශ්‍රී ලංකාව එම ඉලක්කය හැකි ඉක්මනින් සපුරාලනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවත් පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය.

මෙරට වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයනය ශීඝ්‍රයෙන් ඉහළ ගිය බවත් මෙම වසරේ රජයේ ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පැමිණ ඇත්තේ වාහන ආනයනය බදු මගින් බවත් ඔහු පැවැසුවේය. වාහන සඳහා මෙරට තිබෙන ඉල්ලු‍ම පහළ ගියහොත් ඉන් ලබන වසරේ රජයේ ආදායමට බලපෑමක් වේදැයි යන්න ප්‍රශ්නයක් බවත් වාහන ඉල්ලු‍ම අඩුවුවහොත් ආනයනය පහත වැටීම මගින් රජයේ අදායමට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇත්දැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේදී ඇස්තමේන්තු කරුණු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් වාහන අනයනයෙන් පමණක් රජයේ ආදායම තීරණය නොවන බවත් සංචාරක ඉපැයීම්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරට එවන් මුදල් වැනි සාධකද රජයේ ආදායමට බලපාන බවත් ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාව මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය අවසානයට පැමිණ ඇති බවත් ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට සාකච්ඡා ආරම්භ කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 28 ක ණය ප්‍රමාණයෙන් තවත් ප්‍රතිව්‍යූහගත කිරීමට ඇත්තේ ඩොලර් බිලියන භාගයක පමණ ප්‍රමාණයක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණයද අරමුදල් වැඩසටහනේ ඉලක්කවලට අනුකූලව ප්‍රතිව්‍යූහගත කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බවද ඔහු පැවැසුවේය. ණය තිරසරභාවය මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධාන කුළුණක් බවද ඔහු ප්‍රකාශ කළේය. 

මේ වනවිට ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ද්වී පාර්ශ්වික ගිවිසුම් කීපයකට එළැඹී අවසන් බවත් නිල ණය හිමියන්ගේ කමිටුව සමග ගිවිසුම් අවසන් කිරීමට තිබෙන බවත් ඔහු පැවැසුවේය. එසේම වාණිජ ණය හිමියන් ලබාදී ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම තවමත් ඉතිරිව තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේදී ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ මහත්මිය ප්‍රකාශ කර සිටියේ ලෝක බැංකු වාර්තාව අනුව ආර්ථික අර්බුදයට පෙර මෙරට දිළිඳුකමින් පෙළෙන ජනතාව මෙන් දෙගුණයක් වර්තමානයේ දිළිඳුකමින් පෙළෙන බවයි. රටක වැඩි ප්‍රතිශතයක් දිළිඳුකමින් පෙළෙන විට රටක දිගු කාලීන ආර්ථික වර්ධනයක් ළඟා කර ගත නොහැකි බවත් ඒ හේතුවෙන් දුප්පත් සහ දැඩි අවදානමට ලක්වූ ජනතාව ආරක්ෂා කිරීම මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධාන අංගයක් බවත් ඇය ප්‍රකාශ කළාය.

සිවුවැනි සමාලෝචනයේදී මෙරට මාර්තු මාසය වනවිට සපුරාලිය යුතු සමාජ ආරක්ෂණ වියදම් ඉලක්කය ශ්‍රී ලංකාව සපුරා තිබූ බවත් නොවැම්බර් ඉලක්කය ශ්‍රී ලංකාව සපුරා ඇත්දැයි ඉදිරි මාසවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කරනු ඇති බවත් ඇය පැවැසුවාය. රටක දීර්ඝකාලීන ආර්ථික වර්ධනය සඳහා දිළිඳුකම අඩු කිරීම ප්‍රධාන සාධකයක් බවද ඇය සඳහන් කළාය.

 



අදහස් (0)

බදු නිදහස් කිරීමෙන් පමණක් ඍජු විදෙස් ආයෝජන ලබාගන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 591 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 503 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site