IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බදුල්ලේ තේ වතු රැසකට කළු පුල්ලි අංගමාරය

නිශාන්ත කුමාර

 
අධික වර්ෂාව හා මීදුම හේතුවෙන් තේ වගාවට වැළඳී ඇති කළු පුල්ලි අංගමාරය හෙවත් බ්ලිස්ටර් බ්ලයිට් නැමැති දලු අව පැහැගැන්වී කඩා වැටීමේ රෝගී තත්වයක් හේතුවෙන් පිටමාරුව එළමාන, මඩොල්සිම, කොකාගල ආදී ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන්ගේ දෛනික ආදායම 50% -75 % ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි කුඩා තේ වතු හිමියෝ පවසති.

මේ දිනවල නොකඩවා ඇදහැලෙන මහ වැසි හා පැය 24 පුරාම පවත්නා මීදුම් තත්ත්වය මීට හේතු වී ඇතැයි  වට ගොම්මන කුඩා තේවතු හිමියන්ගේ සමිතියේ  ආර්. එම්. ජයතිලක මහතා පැවැසීය.

"මේ වන විට අපි බලාපොරොත්තු නොවූ අන්දමින් මේ ප්‍රදේශවලට වර්ෂාව ලැබෙනවා. එක දිගටම පවතින වැස්ස වගේම මීදුම තේ වගාවට හිතකර නැහැ. විශේෂයෙන්ම මේ තත්ත්වය මත තේ වතු රැසක තේ දලු හා පත්‍රවල පුල්ලි  තත්වයක් හට ගෙන තියෙනවා. ඒ වගේම දලු මැළ වී කඩා වැටෙනවා. මේ තත්වය මත තම එකම ආදායම තේ වගාව කරගත් ගොවි ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.  

මේ තත්වය මත දලු නෙළීමේ කටයුතු අඩාල වෙලා තියෙනවා. ඒ වගේම විශාල දලු ප්‍රමාණයක් අපතේ යාමටත් පටන්ගෙන තියෙනවා." 

මේ සම්බන්ධයෙන් අප ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරියකුගෙන්  ද විමසීමක ද කළේය.

"මේක වැස්සත් මීදුමත් එක්ක එන රෝගී තත්වයක්. තේ දල්ලට හිරු එළිය නොවැඩීමත් එක්ක තමයි මේ රෝගය හට ගන්නේ. මේකට වෙළඳපොළේ විවිධ නම් වලින් කෘෂි රසායන වර්ග තියෙනවා.

විශේෂයෙන්ම  කොපර් සල්පේට්  සහිත කෘෂී රසායනිකයක් යෙදීමෙන් මෙය සාර්ථකව පාලනය කර ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය විස්තර අප කාර්යාලයෙන් හෝ ඒ ප්‍රදේශය භාර තේ පරීක්ෂක හා ව්‍යාප්ති නිලධාරීන්ගෙනුත් ලබා ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ මෙම රසායන වැස්ස පවතින විට අඛණ්ඩව එම රසායනික යෙදීම පමණයි."



අදහස් (1)

බදුල්ලේ තේ වතු රැසකට කළු පුල්ලි අංගමාරය

ලසන්ත Sunday, 02 December 2018 08:02 AM

මෙය සෑම වර්ෂයකම නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිදුවන දෙයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site