
(හර්ෂණ තුෂාර සිල්වා)
බිග්බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය අද (30) ආරම්භ විය. මෙවර වෙනස්ම අයුරකින් පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.
ඇන්ඩෘ යැප් හා ජැක්ලින් එන්ග් රටවල් රැසක පැවැත්වෙන බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ සම නිර්මාතෘවරුන් වන අතර ප්‍රෝරීඩ් ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රි මහතා බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව තුළ සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි. බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා හවුල්කරු ලෙස දීපක් මාධවන් මහතා කටයුතු කරයිග
ඒ අනුව මෙවර පොත් ප්‍රදර්ශනය අන්තර්ජාලය ඔස්සේ අද (30) සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර ප්‍රදර්ශනයේ දී පොත් සඳහා 50%ත් 90%ත් අතර වට්ටම් ලබා දී ඇත. පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දින සියල්ලේදී ම පැය 24 ම මුළුල්ලේම පොත් මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇත.
බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් ප්‍රදර්ශනය මගින් ඇනවුම් කරන රු. 7.999 ක් දක්වා වන සෑම මිලදී ගැනීමක් සඳහාම පාඨකයන්ට ගෙවීමට සිදු වන්නේ රට අභ්‍යන්තර කුරියර් ගාස්තු පමණක් වීම ඔවුනට සැලසෙන මනා පහසුවකි. රුපියල් 8000 ට වැඩි මිලදී ගැනීම් සඳහා කිසිදු කුරියර් ගාස්තුවක් අය නොකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
වැඩිදුර විස්තර සඳහා http://www.bigbadwolfbooks.lk/
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බිග්බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ