IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රීමා චිකන් අපනයන වෙළෙඳ පොළට පිවිසීමේ අපේක්ෂාවක


භානුක අමරසිංහ


වර්තමානයේදී සිය සමාගම දේශීය කුකුළු මස් වෙළෙඳපොළ වෙත සිදු කරන අතිරික්ත සැපයුමත් සමගින් සිය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ ඇති අවස්ථා සොයා බලන බව ‘ප්‍රීමා චිකන්’ සන්නාමය හිමි සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී (Ceylon Grain Elevators PLC) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Cheng Chih Kwong පවසයි.

එම සමාගම මගින් නිකුත් කළ 2024 වසර සඳහා වන වාර්ෂික වාර්තාව තුළ අදහස් දැක්වීමක් සිදුකරමින් ඒ මහතා මේ බව පවසා තිබේ. “අද වනවිට අප සමූහය මෙම අතිරික්ත නිෂ්පාදනය අපනයනය කළ හැකි විදේශ වෙළෙඳපොළ පිළිබඳව ගවේෂණය කරමින් සිටිනවා.” ඔහු පවසයි.

කෙසේ වෙතත් දැනට මෙරට තුළ කුකුළු මස් නිෂ්පාදනය සඳහා පවතින ඉහළ පිරිවැය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ තරගකාරී මිල ගණන් ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අභියෝගයක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අනුව මෙම තත්වය සම්බන්ධයෙන් ඊට අදාළ රජයේ බලධාරීන් සමගින් මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කරයි. “මෙහිදී අපි අවස්ථා පවතින අපනයන වෙළෙඳ පොළ හඳුනාගැනීම සහ ඒ වෙත පිවිසීම සඳහා රජයේ සහයෝගය බලාපොරොත්තුව සිටිනවා.” 

මේ අතර මෙම අපනයන වෙළෙඳපොළ අවස්ථා සම්බන්ධයෙන් මෙම වාර්තාව තුළ අදහස් දක්වා ඇති සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගමේ සභාපති වික්‍රම සේනක වීරසූරිය මහතාද, එම කටයුතු සාර්ථක කරගැනීම සඳහා රජයේ ධනාත්මක සහයෝගය බලාපොරොත්තු වන බව පවසා සිටියි.

2024 වසරේ මූල්‍ය වර්ෂයේදී සිලෝන් ග්‍රේන් එලවේටර්ස් සමාගම රුපියල් මිලියන 23,993ක ආදායමක් රැස් කරගැනීමට සමත්ව ඇති අතර, එය 2023 වාර්තා කළ රුපියල් මිලියන 19,595ට සාපේක්ෂව සියයට 22 ක වර්ධනයකි. 

 



අදහස් (0)

ප්‍රීමා චිකන් අපනයන වෙළෙඳ පොළට පිවිසීමේ අපේක්ෂාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site