IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාස්කු ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර රැසකට සහන පැකේජයක්

(මනෝජ් හර්ෂික)

ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර රැසකට සහන පැකේජයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (30) පැවැසීය.

සංචාරක, ප්‍රවාහන, කලා ආදී ක්ෂේත්‍ර ගණනාවකට මෙම පැකේජය මගින් සහන සැලසෙන බව අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

ප්‍රහාරය හේතුවෙන් ප්‍රබලම බලපෑම එල්ල වූ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් මීට පෙර ද සහන රැසක් ලබා දීමට රජය කටයුතු කළ බවත් අවිධිමත් ලෙස සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෘත්තීන්වල නිතර පාර්ශ්වයන් හා සංචාරකයන්ගේ පැමිණීම පහළ යාමෙන් දැඩි පීඩාවට පත්ව ඇති බවත් නව සහන පැකේජයට එම පාර්ශ්වන්ද ඇතුළත් කර ඇති බව ද අමාත්‍යවරයා කීය.

සංචාරක ක්ෂේත්‍රයට අදාළ රැකියාවන්හි නිරත ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන්, ස්වයං රැකියා නියුක්තිකයන් හා අනිකුත් අනියම් ව්‍යාපාරිකයන්ගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීමට සඳහා සංචාරක පොඩ්ඩෝ නමින් නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා කීවේය.

මේ යටතේ රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත් ව පොලී රහිත ණය මුදලක් ලබා දෙන අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ලබා දෙනු ලබන මෙම ණය මුදල ගෙවීම සඳහා වසරක සහන කාලයක් ද හිමිවේ.

පෞද්ගලික බස් රථ හිමියන් වෙනුවෙන් 2019 වසරේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක සඳහා පමා සහන කාලයක් හිමිවන අතර ඊට අදාළව බැංකු සහ කල් බදු සමාගම් වෙත මේ වන විට චක්‍ර ලේඛ නිකුත් කර තිබේ.

මීට අමතරව එළිමහන් සංගීත සංදර්ශන පවත්වනු ලබන කණ්ඩායම්වල සාමාජිකයන් ලබා ගත් ණය හා ලීසිං පහසුකම් වෙනුවෙන් සහන කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

ජුනි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 3.46% සහන පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත් ව කාරක ප්‍රාග්ධන මුදලක් ලබා දෙනු ලැබේ. මෙම ණය මුදලේ පොලියෙන් 75%ක් ම දරනු බලන්නේ රජය මගිනි.

තොරණ නිර්මාණකරුවන්, විදුලි කාර්මික ශිල්පීන්, චිත්‍රශිල්පීන් සහ විරුදු ශිල්පීන් වෙනුවෙන් ද සහන සැලසීමේ වැඩපිළිවෙළක් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.



(ඡායාරූප -  ලහිරු හර්ෂණ)

 

 



අදහස් (2)

පාස්කු ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර රැසකට සහන පැකේජයක්

sana Friday, 31 May 2019 05:00 AM

ඔයාව ගෙදර යවන එක තමයි හැමෝටම තියන සහනය

:       49       1

rasika Friday, 31 May 2019 02:30 PM

මුලු රටේම ආරක්ෂාව පාවලා දීල හරි සල්ලි හොයනවා කියලා හිතන් අාපු ආණ්ඩුවට මොකද වුනේ..? තිබුණු දේත් නැති වුණා. ආරක්ෂාව මුලට දාන්න ඕනේ.. එහෙම නැතිව මොන සංවර්ධනයක්ද? නැවත බෝම්බ පිපිරෙන්න ගත්තාම රටට කොහෙන්ද ආයෝජකයෝ එන්නේ..?

:       123       78

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site