‘පොල්’ මෑත කලායේ අපේ රටේ වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවකි. පොල් නිසා මෙරට රිළවුන් බැනුම් නොඇසූ දිනයක් නැති තරම්ය. අපේ රටේ පොල් අර්බුදයට වග කිව යුත්තේ රිළවා පමණක්ද?
පොල් අපේ රට ඇතුළු ආසියාතික රටවල ආහාර පිසිම සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය නිපැයුමක් විම නිසාම ඒ සඳහා ඇති ඉල්ලුමද ඉහළ මටට්මක පවතී. රුපියල් 60, 70 කට තිබූ පොල් ගෙඩිය එක්වරම රුපියල් 200 ඉක්මවා යාමත් සමග රට තුළ පොල් සම්බන්ධයෙන් වඩාත් කතා බහක් ඇති විය.
මෙයට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් ලෙස පොල් සඳහන්ව තිබිණ. තේ රබර් පොල් යන වැවිලි බෝග ත්‍රිත්වය මෙරටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ආදායම් මාර්ගද විය. එහෙත් පසු කාලීන එම ස්ථාන වෙනත් අංශ විසින් ඩැහැ ගනු ලැබිණ.
ලෝකයේ පොල් නිෂ්පානය වැඩි වශයෙන් කරන රටවල් අතර ප්‍රථම ස්ථානය ඉන්දුනීසියාවට හිමි වන අතර එහි වාර්ෂික පොල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 17 ක් පමණ වෙයි. දෙවැනි ස්ථානය පිලිපීනයට හිමි වන අතර එහි වාර්ෂික නිෂ්පානය මෙට්‍රික් ටොන් මිලියන 14. 7 ක් පමණ වෙයි. තෙවැනි ස්ථානය ඉන්දියාවට හිමි වන අතර ඉන්දියාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 14 ක් පමණ වෙයි. එහි සිව් වැනි ස්ථානය බ්‍රසීලයට හිමි වන අතර එහි වාර්ෂික පොල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලිනය 2.4 ක් වෙයි. මෙම ලැයිස්තුවේ පස් වැනි ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් පමණ වෙයි.
මෙම ජාත්‍යන්තර දත්ත මාධ්‍යයේ අප උත්සාහ කරන්නේ ලෝකයේ පොල් නිෂ්පාදනය කරන රටවල් අතර පස් වැනි ස්ථානයට පත්ව සිටින අපේ රටේ ජනතාවට පරිභෝජනයටවත් ප්‍රමාණවත් පොල් නිෂ්පාදනය කර ගත නොහැකි වන්නේ ඇයිදැයි විමසීමටය.
ශ්‍රී ලංකා මහ බැංකුව 2025 පෙබරවාරි මාසය සඳහා නිකුත් කර ඇති කෘෂිකාර්මික දත්ත විශ්ලේෂණයේ දැක්වෙන්නේ 2020 ජනවාරි මාසයේ දී රුපියල් 60 ක්ව පැවැති පොල් ගෙඩියක මිල 2025 ජනවාරි වන විට රුපියල් 180 ඉක්මවා තිබූ බවයි. 2020 ජනවාරි මාසයේ රුපියල් 250 ක මට්ටමේ පැවැති පොල් තෙල් බෝතලයක මිල 2025 ජනවාරි වන විට රුපියල් 700 මට්ටමට ළඟා වී තිබූ බවද එහි සඳහන් වෙයි. 2024 ජනවාරිවලට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේදී පොල් ගෙඩි නිෂ්පාදනය සියයට 32.3 කින් අඩු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයට මෙවන් බලපෑමක් ඇති වීමට බලපෑ හේතු මොනවාද? පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත මගින් කරන ලද තොරතුරු ඉල්ලීමකට ලබා දී ඇති තොරතුරු මත මේ සම්බන්ධයෙන් සොයා බැලිම මෙහි අරමුණයි.
ශ්‍රී ලංකාවේ පොල් වගා සංග්‍රාමය උදෙසා කොළඹ කුරුණෑගල සහ හලාවත කේන්ද්‍ර කර පොල් ත්‍රිකෝණයක් නිර්මාණය වූ අතර පසු කාලයේදී මෙම කලාපයටම අයත් පොල් ඉඩම් විශාල වශයෙන් කට්ටි කර විකිණීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වෙමින් තිබිණ.
පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ලබා දී ඇති පොල් අස්වනු දත්ත අනුව 2023 පොල් ගෙඩි ඵලදාවට වඩා 2024 වසරේ පොල් ගෙඩි ඵලදාව ගෙඩි මිලියන 190 ක අඩු වීමක් වාර්තා වී තිබේ.
මෙතරම් පොල් ප්‍රමාණයක් අඩු වීමට බලපා ඇති හේතු ගැන විමසා බැලීමේදී අක්කරයකින් ලබා ගන්නා අස්වනු ප්‍රමාණය අඩු වීම, ඇතැම් දිලීර රෝග, මෙන්ම වන සත්ව හානියද බලපා ඇති බව සඳහන් වෙයි.
2023 හා 2024 වසරවලදී වැඩිම පොල් ගෙඩි නිෂ්පාදනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එය 2023 දී ලැබූ පොල් අස්වැන්න ගෙඩි මිලියන 1091 ක් ලෙසත් 2024 දී ගෙඩි මිලියන 984 ක් ලෙසත් සඳහන් වෙයි.
දෙවැනියට වැඩිම පොල් නිෂ්පාදනයක් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි. 2023 වසරේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් පොල් ගෙඩි මිලියන 529ක් ලෙස සහ 2024 දී ගෙඩි මිලියන 476 ක් ලෙසත් සටහන් වී තිබේ.
මෙයට අමතරව 2024 වසරේදී දිස්ත්‍රික් මට්ටමින් ලැබී ඇති පොල් ගෙඩි අස්වනු ප්‍රමාණය මෙලස සඳහන් කර තිබේ. මොණරාගල දිස්ත්‍රික්කයෙන් ගෙඩි මිලියන 85, බදුල්ල දිස්ත්‍රික්කයෙන් ගෙඩි මිලියන 20 ක්, මාතර දිස්ත්‍රික්කයෙන් පොල් ගෙඩි මිලියන 40 ක්, කෑගල්ලෙන් ගෙඩි මිලියන 68 ක්, ගම්පහින් පොල් ගෙඩි මිලියන 277 ක්, කළුතරින් ගෙඩි මිලියන 54 ක් වශයෙන් වාර්තා වි තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පොල් ගෙඩි මිලියන 44 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගෙඩි මිලියන 127 ක්, හම්බන්තොටින් ගෙඩි මිලියන 101ක්, අනුරාධපුරින් ගෙඩි මිලියන 104 ක්, මන්නාරමින් ගෙඩි මිලියන හතරක් වශයෙන්ද 2024 වසරේදී පොල් අස්වැන්නක් ලැබි තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පොල් ගෙඩි මිලිනය 22 ක්, මුලතිව් වලින් ගෙඩි මිලියන 19ක්, පොලොන්නරුවෙන් ගෙඩි මිලියන 34ක්, අම්පාරෙන් ගෙඩි මිලියන 34 ක්, මාතලෙන් ගෙඩි මිලියන 84 ක්, නුවරඑළියෙන් ගෙඩි මිලියන පහක්, මහනුවරින් ගෙඩි මිලියන 34 ක් ගාල්ලෙන් පොල් ගෙඩි මිලියන 50ක්, මඩකලපුවෙන් ගෙඩි මිලියන 25 ක් යාපනයෙන් ගෙඩි මිලියන 32ක්, කිලිනොච්චියෙන් ගෙඩි මිලියන 19 ක් සහ වව්නියාවෙන් ගෙඩි මිලියන 15 ක් වශයෙන් දිවයිනෙන් පොල් ගෙඩි මිලියන 2,754 ක අස්වැන්නක් 2024 වසරේදී ලැබී තිබිණ. කෙසේ නමුත් 2023 වසරේදී මෙම දිස්ත්‍රික්කවලින් පොල් ගෙඩි මිලියන 2,944 ක අස්වැන්නක් ලැබී තිබූ අතර එය මෙම වසරට වඩා ගෙඩි මිලියන 190 ක වැඩි වීමකි.
මෙම දත්ත පෙන්වා දෙන්නේ 2023 වසරට වඩා 2024 වසරේදී පොල් අස්වැන්න ගෙඩි මිලියන 190 කින් අඩු වී ඇති බවයි.
මේ වන විට බහුලව කතා බහට ලක්ව ඇති පොල් වගාවට රිළවුන් දඩු ලේනුන් වැනි වන සතුන්ගෙන් සිදු වන හානි සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පොල් වගා කිරීමේ මණ්ඩලය පිළිතුරු වශයෙන් ලබා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කය නියැදියක් වශයෙන් තෝරා ගෙන පොල් වගාවට සිදු වන වන සත්ව හානිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර ඇති බවත් එහිදී පොල් අස්වැන්නෙන් සියයට 30 කට පමණ මෙම වන සතුන්ගෙන් හානි සිදු වන බව හෙළි වී ඇති බවත්ය. මෙය නියැදියක් වුවත් සමස්ත ලංකාවටම මෙම තත්වය පවතින බව සිතිය හැකිය.
ශ්‍රී ලංකාවෙ පොල් වගා ඉඩම් ප්‍රමාණය සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2014 දී කර ඇති සමීක්ෂණයෙන් පසුව විධිමත් සමීක්ෂණයක් කර නැති නමුත් එම සමීක්ෂණය පදනම් කර ගෙන කර ඇති ඇස්තමේන්තුගත ඉඩම් ප්‍රමාණයක් පවතින බවත් පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
2014 වසරේදී දිවයින පුරා පොල් ඉඩම් අක්කර 10,95,982 ක් (අක්කර දස ලක්ෂයයි අනූ පන්දහස් නවසිය අසූ දෙකක්) වාර්තා වි තිබූ අතර 2023 වසරේදී ඇස්තමේන්තු ගත පොල් ඉඩම් ප්‍රමාණය අක්කර 11, 86,131 ක් (එකොළොස් ලක්ෂ අසූ හය දහස් එකසිය තිස් එකක්) වශයෙන් සටහන්ව තිබේ. ඒ අනුව දශකයක් තුළ දිවයිනේ පොල් ඉඩම් ප්‍රමාණය අක්කර 90,149 කින් ඉහළ ගොස් තිබේ. ඒත් අපේ පොල් නිෂ්පාදනයට සිදු වන්නේ කුමක්ද සොයා බැලිය යුතුව තිබෙන බව අපගේ හැඟීමයි.
දිවයිනේ වැඩිම පොල් ඉඩම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 2014 දී අක්කර 4,19,312 ක් වන අතර 2023 ඇස්තමේන්තුව අනුව අක්කර 4,29,418 ක් වෙයි. දෙවැනියට වැඩිම පොල් ඉඩම් ප්‍රමාණයක් පවතින්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ වන අතර එය 2014 දී අක්කර 1,86,053 ක් වන අතර 2023 ඇස්තමේන්තුව අනුව අක්කර 1,94,771 ක් වෙයි.
අනෙකුත් දිස්ත්‍රික්කවලත් 2014 වසරට වඩා 2023 වසරේ ඇස්තමේන්තු ගත පොල් ඉඩම් ප්‍රමාණය යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. මෙතරම් පොල් ඉඩම් ප්‍රමාණයක් පවතිද්දීත් පොල් අස්වැන්න අඩු වීමට බල පා ඇත්තේ වන සත්ව හානි පමණක්ද? වග කිව යුත්තේ රිළවා පමණක්ද?
ඡායාරූප (අන්තර්ජාලයෙනි)
ශ්රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොල් වගාවට වුණේ කුමක්ද?