IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘‘ප්‍රහාරයෙන් පසු රටපුරා හෝටල් කාමර සියයට 90ක් හිස්‘‘

(නිමල කොඩිතුවක්කු)
 
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මෙරට හෝටල් කර්මාන්තය බරපතල අර්බුදකාරී තතත්වයකට පත්කරමින්   රටපුරා හෝටල් කාමර 90%ක් පමණ හිස්ව පවතින බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා ලංකාදීපයට පැවැසීය.
 
සංචාරකයින් විසින් වෙන්කර තිබූ හෝටල් කාමර මේ වනවිට අවලංගු කරමින් පවතින බව සඳහන් කළ ඒ මහතා හෝටල් කර්මාන්තය ඉදිරියට පවත්වා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද පැවසීය.
 
මේ වනවිට රටවල් ගණනක රජයන් විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති බැවින් ඉදිරි කාලයේදී සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව සභාපතිවරයා පැවැසීය.
 
රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ මේවනවිට ගෙන ඇති ක‍්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකවේ සුරක්ෂිත බව සම්බන්ධයෙන් පරිපූර්ණ වාර්තාවක් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කරන ලෙසට තම සංගමය රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
 
හෝටල් කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් වාර්තාවක් ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය විසින් රජයට ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා පැවැසීය.
 
හෝටල් කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් රජය මගින් ක‍්‍රියාත්මක කරනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවද සනත් උක්වත්ත මහතා වැඩිදුරටත් කීය.



අදහස් (3)

‘‘ප්‍රහාරයෙන් පසු රටපුරා හෝටල් කාමර සියයට 90ක් හිස්‘‘

janahitha Thursday, 09 May 2019 04:45 PM

ත්‍රස්තවාදීන්ගේ එක උපාය මාර්ගයක් තමයි ආර්ථිකය වැට්ටවීම. මේ සඳහා වෙනත් වැඩපිළිවෙලවල් සොයාගත යුතුයි.

:       0       5

norman senanayake Friday, 10 May 2019 02:54 AM

විදේශ විනිමය උපයන හොදම දෙයක් තමයි සංචාරක ව්‍යාපාරය , දැන් එක තාවකාලික පසුබෑමකට පත්වෙලා. ලෝකයේම මේ ව්‍යාපාරයේ හැටි එහෙමයි. අපි විදේශ විනිමය උපයන දේ වගේ ම විදේශ විනිමය එලියට යන අංශ ගැන දැන්වත් අවධානය යොමුකරන්න ඕන. ප්‍රධාන වශයෙන් ඉන්ධන සහ ගල් අගුරු යන වියදම අඩු කරගත හැකි ක්‍රම ඇතිතරම් තියෙනවා මේ ලෝකය තුල. අපේ කුණු කළමනාකරණය කලොත් එක දිනකට ටොන් විසිදාහක් විත්තරවත් වේවි. එමගින් ඉන්ධන නිපදවීමට පුළුවන් දිනකට ටොන් අටදාහක් විතර , ගැස් ටොන් දහදාහක් විතර .. මේවා කරන්න රජයේ වියදමක් නැතිව තාක්ෂනය සහ ආයෝජනය ගෙන එන්නටත් පුළුවන්. නමුත් යෝජනාවලියක් ඉදිරිපත් කලොත් මුලින් අතිවිශාල මුදලක් සන්තෝෂම් දීමට සිදුවෙනවා එයනම් කල නොහැකි වෙනවා. අපි මෙය කලොත් රටට වාර්ෂිකව USD බිලියනයකට වැඩ ඉතුරු වෙනවා. කුණු එකතු කිරීමට සම්බන්ද වන අතිවිශාල පිරිසකට ගම් මට්ටමින් විශාල මුදලක් ලැබෙනවා. ඉතින් මේවා කාට කියන්නද.

:       3       123

sehanSunday, 12 May 2019 07:31 AM

යන්නේ කොහෙද මල්ලේ පොල්.

:       209       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site