කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී දින කිහිපයක වර්ධනය ඊයේ (ඔක්. 08) යම් පසුබැසීමක් වාර්තා කළේය. දිනය ආරම්භයේ මුල් පැය තුළ සැලකිය යුතු බිඳ වැටීමක් වාර්තා කරන ලද අතර මධ්‍යහ්නය වනවිට එය තරමක ආවරණය කරගත හැකි විය.
කෙසේ නමුත් ගනුදෙනු අවසානයේ දී දර්ශක පහත වැටිණ. මෙම ස්වභාවය ඇති විය හැකි බවට ලක්ෂණ දින ගණනක් විද්‍යමාන වෙමින් තිබුණි. වෙළෙඳපොළ වාර්තා අනුව මිල දී ගැනීමේ ප්‍රවණතාව සියයට 64.51 ක වැනි ඉහළ අගයක තිබිය දී තාවකාලික පදනමක් මත කොටස් විකිණීම දර්ශක පිරිහීමට බලපෑ බව සඳහන් කළ හැකිය.
අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ උච්ඡාවචන සහිතව හැසිරෙනු ඇත. උපායශීලී මිල දී ගැනීම් නිර්දේශ කළ හැකිවේ. ලාබ සඳහා විකිණීමේ ප්‍රවණතාව තවදුරටත් පවතින්නට ඉඩ තිබේ.
ගනුදෙනු අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,097.99 ක් දක්වා පහළ වැටිණ. ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 65.24 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,163.22 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 28.32 ක පහළ යාමක් සේවාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 7.32 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 38,497 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 189.4 ක් විය. සමාගම් 110 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 149 කි.
විදේශ ආයෝජන අංශ යුහුසුළු වූ දිනයක් බව නිරීක්ෂණය කළ හැකි විය. මිල දී ගැනීම් රු. මිලියන 811.7 ක් වනවිට විකිණීම් රු. මිලියන 1,007.0 කි. කෙසේ වෙතත් රු. මිලියන 177 ක පමණ අවාසියක් සිදු විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
503
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිරිහීම අවසානයේ වර්ධනයක අපේක්ෂා