IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පරිසර හිතකාමීව නිපදවන කුළුබඩු සඳහා නොමිලේ ගැප් සහතික

 (මොහොමඩ්  ආසික්)
 
කුළුබඩු සඳහා ජාත්‍යන්තරව පිළිගත් GAP සහතික (යහපත් කෘෂිකාර්මික පිළිවෙත් භාවිත කළ බවට සහතික) නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රථම වරට  ආරම්භ කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ ජනක ලින්දර මහතා පැවසීය.
 
අවිධිමත් කෘෂි රසායන භාවිතය සීමා කර සෞඛ්‍ය රක්ෂිත  හා ගුණාත්මක බව තහවුරු කරමින් පරිසර හිතකාමීව නිපදවනු ලබන කුළුබඩු සඳහා මෙම සහතික නිකුත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය. 
 
මෙහි පළමු පියවර වශයෙන් ගම්මිරිස්, කෝපි හා කුරුඳු යන බෝග සඳහා මෙම GAP සහතික අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නොමිලේ නිකුත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.  
 
අප ගන්නා ආහාරවලට වගා බිමේදී, ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේදී මිනිස් සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය එකතු වීමේ දැඩි අවදානමක් පවතින බවත්, එබැවින් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වන බවත්, මේ වන විට ලොව විෂ සහිත ආහාර පරිභෝජනය කරන රටවල් අතරින් ලංකාවද  ඉහළ ස්ථානයකට පත්ව ඇති බවත් පැවසූ අධ්‍යක්ෂකවරයා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ( GAP- GOOD AGRICULTURE PRACTICES) අනුගමනය කිරීමෙන්  මෙම තත්ත්වයන් වළක්වා ගත හැකි බවත් ප්‍රකාශ කළේය.
 
නීරෝගි දිවියක් උදෙසා සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය කර ගැනීමේ අවශ්‍යතාව වර්තමානයේ ජාතික මෙන්ම අන්තර්ජාතික මට්ටමෙන් අවධානයට ලක් වී ඇති බවත්  මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා කුළුබඩු බෝග වගාකරුවන්, නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් යොමු කර ගැනීමේ අරමුණින් GAP වැඩසටහන ක්‍රියාවට නංවන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

පරිසර හිතකාමීව නිපදවන කුළුබඩු සඳහා නොමිලේ ගැප් සහතික

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site