IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් 'පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක්' ව්‍යාපෘතියයටතේපිරිසුදු හරිත අනාගතයක් ගොඩනැඟීමේ අරමුණින් පරිසර හිතකාමී අයුරින් PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී.

මෙම වැඩසටනේ මූලික අරමුණ වනුයේ මෙම PET ප්ලාස්ටික් බෝතල් එකතුකිරීම පිළිබඳව මහජනතාව තුළ උනන්දුවක් නිර්මාණය කිරීමයි.

මෙමව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින්වරැන් බෙවරේජස් ලංකාහි නීති අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ සිය අදහස් දැක්වූවාය."පිරිසුදු හරිත ලංකාවක් ” ව්‍යාපෘතිය හරහා මෙරට පාරිසරික වගකීම් ආරක්ෂා කරමින් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට වරැන් බෙවරේජස් ලංකාකැපවීමෙන් කටයුතු කරනවා. මහජනතාව සවිබලගන්වමින් නිවැරදි අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කරමින් පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම අපගේ අරමුණයි."

PET ප්ලාස්ටික් යනු නිවැරදිව වගකීමක් සහිතව කළමනාකරණය කරන විට වටිනා සම්පතකි. මෙම මුලපිරීමේ මූලික අරමුණ බවට පත්වනුයේ PET ප්ලාස්ටික් බෝතල් නිසි ලෙස එකතුකිරීම සහ බැහැරකිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මහජනතාව තුළ අවබෝධයක්නිර්මාණයකිරීමයි.

මෙම PET ප්ලාස්ටික් බෝතල් නිසි පරිදි ප්‍රතිචක්‍රිකරණය කිරීමෙන් පාරිසරිකමය වශයෙන් ධනාත්මක බලපෑමක් නිර්මාණය කිරීමේ හැකියාව පවතියි. වරැන් බෙවරේජස් ලංකා එම වගකීම ඉටුකිරීමේ නැංගුරම බවට පත්වෙමින් සමාජය තුළ යහපත් මතයක් ගොඩනැඟීමට කැපවී සිටියි.

වරැන් බෙවරේජස් ලංකාමෙම තිරසාරත්ව වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද විදුලි බලයෙන් ධාවනය වනු ලබන බයිසිකල් හඳුන්වාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.

-595



අදහස් (0)

පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site