
ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට යුරෝපීය ප්‍රමිති මත පදනම්ව ඉදිකරන ලද විනෝදජනක උද්‍යානය පර්ල් බේ (Pearl Bay). අක්කර 23 ක් පුරා විහිදී ඇති විවිධ ක්‍රියාකාරකම් කලාප නිසා ආයතනික සහ පවුලේ විනෝද චාරිකා සඳහා ඉතා ජනප්‍රිය වී ඇත. එය විනෝදය සහ උද්යෝගයෙන් අමතක නොවන අත්දැකීම් නිර්මාණය කරන ස්ථානයක් ලෙස කීර්තියක් දිනාගෙන සිටියි.
ඩේවිඩ් පීරිස් ලෙෂර් (පෞද්ගලික) සමාගමේ විධායක අධ්‍යක්ෂ, ග්‍රිබ්සන් හපුකොටුව සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ස්ථාවර වීමත් සමග ජනතාවගේ ජීවන තත්වය වසංගතයට පෙර මට්ටමට යළිත් ගෙන ඒමට සමාගම උත්සහ කරයි. විවේකය සහ විනෝදය සඳහා ආකර්ෂණීය ස්ථාන සොයන පිරිස් වැඩි වී ඇති අතර, පර්ල් බේ මේ වනවිට සියලු දෙනා සඳහා ම විනෝදාත්මක අත්දැකීම් ලබාදෙන නවතම තේරීම බවට පත්ව ඇත.
පර්ල් බේ ඩේවිඩ් පීරිස් සමාගම් සමූහයට අයත් ඩේවිඩ් පීරිස් රේසින් ඇන්ඩ් ලෙෂර් (පුද්ගලික) සමාගම සහ ඩේවිඩ් පීරිස් ලෙෂර් (පෞද්ගලික) සමාගමේ හිමිකාරිත්වය සහිතය.
දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්නව ඇති පර්ල් බේ වෙත කොළඹ සිට විනාඩි 30 කින් ළගා විය හැකිය. නවීන ජල ක්‍රීඩා අත්දැකීම් ලබාදෙන ස්පෑෂ් බේ (Splash Bay), වායු රයිෆල් මගින් වෙඩි තැබීමේ අත්දැකීම් ලබාදෙන ටාර්ගට් බේ (Target Bay), ඉලක්කයට දුන්නෙන් විදීමේ අත්දැකීම් ලබාදෙන ඇරෝ බේ (Arrow Bay) යන අත්දැකීම් විනෝදය සඳහා පැමිණෙන්නන්ට ලබාදෙයි. යම් බේ (Yum Bay) ආහාර පාන ලබාගත හැකිය. මෑතකදී හදුන්වාදෙන ලද වෙල්නස් බේ (උැ(Wellness Bay) හිදී (Garra Rufa Fish) (Doctor Fish - Therapy) ලබාගත හැක.
පර්ල් බේ හි නවීන ජල ක්‍රීඩා අත්දැකීම් ලබාදෙන ස්පෑෂ් බේ, එය විවිධ ජල ක්‍රීඩා දහසයකින් සමන්විතය. තත්පර හයක් තුළ මීටර් අසූඅටක් පහළට ඇදෙන ග්රැවිටි ස්ලයිඩර් මීටර් එකසිය විස්සක් පහළට ඇදෙන ලූප්හෝප් සහ මීටර් හතළිහක් පහළට ඇදෙන මැට් රේසර් ස්ලයිඩර් ප්‍රධාන වේ. කුඩා දරුවන් සඳහා මෙම උපාංග සහිත ළමා කලාපයක් ද සකසා ඇත.
විනෝදාස්වාදය විඳගැනීමට පැමිණෙන ජනතාවගේ ගමන්මලු ආරක්ෂිතව තබා යෑමට වෙනමම ස්ථානයක් මෙන්ම, ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධා නොවන පරිදි වෙන් වෙන් වශයෙන් සකසන ලද නාන ස්ථාන, ඇදුම් මාරුකර ගැනීම සඳහා කාමර පහසුකම් මෙහි ස්ථාපිත කොට ඇත. පෞද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම්, ආගන්තුක සේවා, සිල්ලර වෙළෙදසල් සහ රෝද පුටු භාවිත කරන්නන් සඳහා පහසු ප්‍රවේශයන් ද ඇත.

2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
503
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පර්ල් බේ ආයතනික සහ පවුලේ විනෝද චාරිකාවලට ජනප්‍රියම ස්ථානයක්