IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නිර්භීත පියවර

මෑතකදී මම ශ්‍රී ලංකාවට ගිය විට, මගේ පළමු සංචාරයෙන් දශකයක් ගතවී තිබුණි. එවිටත් අද වැනි ආකාරයකින්ම, රටෙහි වෙනසක් ඇතිකරීමේ හැකියාව පිළිබඳ හැඟීමක් පිබිදී තිබුණි. ශ්‍රී ලාංකික ජනතාව රාජපක්ෂ වංශයේ පාලනය ප්‍රතික්ෂේප කරමින්, ජාති, ආගම සහ කලාප අභිබවා නව සන්ධාන ගොඩනඟා තිබුණි. වඩාත් සාධාරණ හා සමාන්තර අනාගතයක් සඳහා බික්‍ෂෙනසුලු‍ නමුත් සැබෑ බලාපොරොත්තුවක් එවක පැවතුණි.

වර්තමාන බලාපොරොත්තුව වඩාත් ගැඹුරුය, වෙහෙස මහන්සි වී උපයාගත් එකක් වන අතර, වඩාත් හදිසි බවක් දක්වයි. අරගලය ජාතිය පුරා බලාපොරොත්තුවේ ගින්න දැල්වීය. මට ගිය සෑම තැනකම මිනිස්සු ඒ ගැන ආඩම්බරයෙන් කතා කළහ. බිය පසෙකලා සාමකාමී විරෝධතා හරහා පුරවැසියන් තම ස්වෛරීභාවය ප්‍රකාශ කළ මොහොතක් ලෙස විදහා දක්වයි. 2022 ව්‍යාපාරය තරුණයන් සහ කාන්තාවන් විසින් ඇරඹුණත්, සියලු‍ පසුබිම්වලින් ආ ලාංකිකයෝ එකට එක්වූහ.
දශක ගණනාවක් පුරා රාජ්‍ය ආයතන දුර්වල කළ දූෂිත පාලනය යටතේ බෙදී ගිය රටක් එකමුතු විය. ජනතාව පද්ධතිමය වෙනසකට එක්වූයේ ඒ මොහොතේය. මෙම බලාපොරොත්තුව ඡන්ද පෙට්ටියේදීද පැහැදිලිව පළ වූ අතර, සාම්ප්‍රදායික, දූෂිත දේශපාලන ප්‍රභූන් ප්‍රතික්ෂේප කරමින්, තෙවැනි පාර්ශ්ව අපේක්ෂකයකු තෝරා ගැනීම සිදු විය. ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාතික ජනතා බලවේගයට (NPP) අවශ්‍ය සභාපාලන බලය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය ලබාදුන්හ.
කෙසේවෙතත් වසරක් පසුවන්න කලින්, පැහැදිලිව දැකිය හැක්කේ ජනතාවට ඇති ඉතා සීමිත ඉවසීම විදහා දක්වයි . දේශපාලන සංක්‍රාන්ති කාලයන්හි අභියෝගාත්මක බවත්, එවන් වෙනසකට කවුළුව ඉතා සීමිත බවත්, නිවැරදිව හා පරිණත භාවයෙන් ක්‍රියා නොකළහොත් මෙම මොහොත පහසුවෙන් පහව යනු ඇත යන්න පිළිගැනීමකි.
මෙම මොහොතේ, නව පරම්පරාවක ඉහළ අපේක්ෂාවන් සහ අලු‍ත් ආණ්ඩුවක් මුහුණ දෙන අභියෝග අතර, සම්මිශ්‍රණයකි. තීරණාත්මක ප්‍රතිසංස්කරණ කිරීමට අවශ්‍ය බලය රාජ්‍යයන් හට නොමැතිවීම, පසුගිය සංක්‍රාන්තින් වල දුර්වලතාවකි. එහෙත් මෙම ආණ්ඩුවට එවැනි පීඩනයක් නොමැත. 
මීළඟ මැතිවරණයට පෙර ත්‍රිත්ව විප්ලවීය වෙනස්කම් ක්‍රියාවට නැංවීමෙන් - (1) විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, (2) බලය විමධ්‍යගත කිරීම සහ (3) අතීතය පිළිබඳ සත්‍යය හා සහජීවනය ඇතිකිරීම, රජයට සිය නීතිගතභාවය තහවුරු කර ගනිමින් ශ්‍රී ලංකාවේ සියලු‍ම ප්‍රජාවගේ විශ්වාසය සහ සහාය ලබා ගත හැකි වනු ඇත. මෙය ජනපති දිසානායක මහතා විසින් දී ඇති පොරොන්දු ඉටු කිරීමක් ද වනු ඇත.


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම:
1978 සිට මෙරට දේශපාලනයේ බලය තනි පුද්ගලයකු තුළ කේන්ද්‍රගත වී තිබේ. මෙය පාර්ලිමේන්තුව දුර්වල කිරීම, අධිකරණය සහ සුළු ජාතීන්ගේ හඬ විකෘති වීමට භාජන ලක් කළේය. මෙය අසාධාරණය, අස්ථාවරත්වය සහ දඬුවම් නොලැබීම සඳහා ව්‍යුහාත්මක පදනමක් වූයේය.


බලය විමධ්‍යගත කිරීම:
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් පළාත් පාලන ආයතනවලට බලය බෙදාහැරීම, ජනතා සහභාගීත්වය වැඩි කිරීම සහ විශ්වාසය නැවත ගොඩනැගීම අවශ්‍ය වේ. පාර්ලිමේන්තු අධීක්ෂණය ශක්තිමත් කරමින්, අධිකරණයේ සහ ආයතනවල ස්වාධීනත්වය වර්ධනය කළ යුතුය.


අතීතය පිළිබඳ සත්‍යය හා සහජීවනය:
යුද්ධය අවසන් වී වසර 16 ක් ගියද, අතුරුදහන් වූවන්ගේ වාර්තා තවමත් සොයා සිටින්නෝ සිටිති. මොවුන් අතර කාන්තාවන්ට ඔවුන් වැන්දඹුවන්ද, භාර්යාවන්ද කියා කිසිදා පැහැදිලි කර නැත. මොවුහු පලිගැනීමට තැත් නොකරති. ඔවුහු සත්‍යය පමණක් සොයති. ඔවුන් අතර උතුරේ යුද්ධයෙන් බලපෑමට ලක් වූ විනදිතයන් මෙන්ම දකුණේ කැරැලි කාලයේදී බලපෑමට ලක් වූ බොහෝ වින්දිතයන් සිටී. මතකය සහ යුක්තිය නොමැතිව සාමය ඇතිකළ නොහැක.
පළමු පියවරක් ලෙස, වසර ගණනාවක් තිස්සේ විවිධ ආණ්ඩු විසින් විවේචකයන්, විරෝධීන් සහ සුළු ජාතිකයන්ට එරෙහිව අහඹු අත්අඩංගුවට ගැනීම, වධ හිංසාව සහ අනෙකුත් අපයෝජන සඳහා භාවිත කළ දැඩි නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම වැනි පියවර ඇතුළත් වේ. මෙම නීතිය අවලංගු කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ දිගුකාලීන ඉල්ලීමකට පිළිතුරු ලබාදීමට වඩාත් වැදගත් වන අතර, එය අතිශය අවදානමට ලක්වූ පුද්ගලයන්ට ඔවුන්ගේ ගෞරවය සහ ආරක්ෂාව වැදගත් බව පෙන්වයි.මෙම පියවර ශ්‍රී ලංකාව වෙනස් මඟක් හරහා ගමන් කිරීමට ඇරඹුමක් වනු ඇත. අරගලය අපට පෙන්වා දුන් පරිදි , ශ්‍රී ලංකාව ශක්තිමත් වන්නේ බලවත් පුද්ගලයකු නිසා නොව, සියලු‍ ශ්‍රී ලාංකිකයන් හවුල්කරුවන් බව හැඟෙන මොහොතේ ය.
දේශපාලන සංක්‍රාන්ති දුෂ්කර වන අතර, ඒවායේ වර්ධනය රේඛීය නොවිය හැක. ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් තුළ හැඳින්විය හැකි ප්‍රගතියක් ඇතිවී ඇත, එහෙත් ප්‍රධාන සංශෝධන ක්‍රියාවට නැංවිය යුතුය. නව ආණ්ඩුවේ සාර්ථකත්වය අක්‍රිය කිරීමට සංකීර්ණ සහ ව්‍යුහාත්මක, දේශපාලන, සමාජීය සහ ආර්ථික ගටලු‍ ඇති විය හැක. තවමත් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ඇතත්, මෙරට දැවැන්ත ප්‍රගතියක් ලබා ඇත. නව ආණ්ඩුවට ඇති අවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා බොහෝ අභියෝග පවතින අතර, ඒවා සාර්ථකව හැසිරවිය හැකි බවට අපේක්ෂාවක් පවතී.
මේ මොහොතේ ශ්‍රී ලංකාව තනි වී නැත. ගැඹුරු බෙදීම් සහිත දිග්ගැස්සුණු අභ්‍යන්තර ගැටුම්වලින් ගොඩ ඒම සඳහා අනෙකුත් රටවල් මෙම බික්‍ෂෙනසුලු‍ ගමන් මාර්ගය අනුගමනය කර ඇත. මෙම ප්‍රතිසංස්කරණ හිතකාමී රජයට අභ්‍යන්තරව සහ ජාත්‍යන්තරව හොඳ හිතක් සහ විශාල සහයෝගයක් ඇති අතර, එය ප්‍රධාන පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිර්භීත පියවර ගැනීමට උපයෝගී කර ගත යුතුය.
(බිනයිෆර් නව්රෝජී විවෘත සමාජ පදනමෙහි (Open Society Foundations) සභාපතිනිය වේ, එය මානව හිමිකම්, සමානභාවය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ලෝකයේ විශාලතම අරමුදලයි. නව්රෝජී, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිඥවරියක් ලෙස, වැඩසටහන් නායකත්වය දැරූ උප සභාපතිවරිය ලෙසද, ආසියා-පැසිෆික් කලාපීය ප්‍රථම අධ්‍යක්ෂවරිය ලෙසද, නැගෙනහිර අප්‍රිකා ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කර ඇත. නව්රෝජී මානව හිමිකම් නිරීක්ෂණ ආයතනයෙහි (Human Rights Watch) විමර්ශකවරියක් ලෙසද කටයුතු කර ඇති අතර, ඇය හාවර්ඩ් (Harvard) නීති පීඨයේ දේශකවරියක් ලෙසද, හාවර්ඩ්හි කාර් මානව හිමිකම් මධ්‍යස්ථානයෙහි (Carr Center for Human Rights) සමාජිකවරියක් (Fellow) ලෙසද කටයුතු කර ඇත. නවරෝජී කලොම්බියා (Columbia) විශ්වවිද්‍යාලයෙහි නීති පීඨයෙන් JD උපාධියක් සහ හාවර්ඩ් නීති පීඨයෙන් LLM උපාධියක් ලබාගෙන ඇත.)



අදහස් (0)

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නිර්භීත පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site