IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුනරීන් මන්නාරම සුළං බලාගාර ගිවිසුම් අවලංගු කිරීමට තීරණයක් ගෙන නෑ

  • ගාස්තු සමාලෝචනයක්

විමුක්ති එස් රුද්‍රිගු


පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර පිළිබඳව අදානි සමූහ ව්‍යාපාරය සමග ශ්‍රී ලංකාව එළැඹ ඇති ගිවිසුම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව ඒ පිළිබඳ මතුව ඇති මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

අදාළ ව්‍යාපෘතියෙන් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තුව සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසුවේය.

අදානි සමූහ ව්‍යාපාරයේ විධායක නිලධාරීන් බල සැපයුම් කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා පගාව ලබාදුන් බවට ඇමෙරිකාව එල්ල කරන චෝදනා පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකාව අදානි ග්‍රීන් සමාගමට ලබාදී තිබූ ඩොලර් මිලියන 400 ක් වටිනා ව්‍යපෘතිය අවලංගු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. එලෙස මාධ්‍ය වාර්තා පළවීමත් සමග අදානි ග්‍රීන් සමාගමේ කොටස් අගයද පසුගිය 24 වැනිදා පහළ ගියේය. 

එලෙස කොටස් මිල පහළ යාමත් සමග අදානි සමුහ ව්‍යපාරය ප්‍රකාශයක් නිකුත් කළ අතර එහි සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාවේ උතුරු මන්නාරම සහ පුනරීන් දිස්ත්‍රික්කවල අදානි සමූහයේ මෙගාවොට් 484 (MW)  සුළං බල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය සහ නොමඟ යවන සුළු ඒවා බවය. ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇත්තේ පසුගිය වසරේ මැයි මාසයේ එළැඹි ගිවිසුම ගාස්තු පිළිබඳ නැවත සමාලෝචනයක් කිරීමට බවත් එය ගිවිසුම අවලංගු කිරීමක් නොවන බවත් එහි දැක්විණි. 

 



අදහස් (0)

පුනරීන් මන්නාරම සුළං බලාගාර ගිවිසුම් අවලංගු කිරීමට තීරණයක් ගෙන නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site