(ජුඩ් සමන්ත)
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් 2017 වර්ෂය තුළ සිදු කරන ලද වැටලීම් වලදී අධිකරණය හමුවේ නඩු පවරා රුපියල් ලක්ෂ 60 කට වඩා වැඩි දඩ මුදල් ලෙස රජයට හිමි කර දී ඇත.
ගෙවී යන වසර තුළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පුත්තලම දිස්ත්‍රික්කය තුළ වැටලීම් 1000 කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත.
සහල් ඇසුරුම් වල මිල සඳහන් නොකිරීම,කල් ඉකුත් වීමේ සහ නිෂ්පාදිත දිනය නිෂ්පාදන වල සඳහන් නොකිරීම,එස්.එල්.එස්.ප්‍රමිතියට අනුකූල නොවන ලෙස ගිනිකූරු නිෂ්පාදනය කිරීම සහ අලවිය,එස්.එල්.එස්.ප්‍රමිතියට අනුකූල නොවන බෝතල්වල පානීය ජලය ඇසිරීම සහ අලවි කිරීම,කල් ඉකුත් වූ භාණ්ඩ අලවිය සහ අලවි කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම,මිල ප්‍රදර්ශනය නොකර භාණ්ඩ අලවි කිරීම,සඳහන් මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලවි කිරීම යන චෝදනා යටතේ ව්‍යාපාරිකයින්ට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතන දෙකක් වෙත සහල් ඇසුරුම් වල මිල සඳහන් නොකිරීම හේතුවෙන් ආණමඩුව සහ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයන් හී නඩු පැවරීම්ද සිදු කර ඇත. එහිදී අදාල ව්‍යාපාරික ආයතන දෙකට රුපියල් ලක්ෂ 2 බැගින් දඩ නියම කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පුත්තලම පාරිභෝගික අධිකාරිය රජයට ලක්ෂ 60 ක් උපයා දෙයි
M.L.Haja Sahabdeen Thursday, 04 January 2018 12:04 PM
ඔය නඩු වැටෙන්නේ බොහෝවිට ගතමනාව නොදුන් අයට එරෙහිවයි. මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා ගාන ඉල්ලනවා. .එත් අවාසනාව කඩකාරයෝ අල්ලස් දුන්නු එක එළිපිට කියන්න බයයි.