හර්ෂණ තුෂාර සිල්වා
පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය තෙවැනි වරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය එක්ව තෙවැනි වරටත් පවත්වනු ලබන ‘පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී ජනවාරි 12 වැනිදා සිට 14 දක්වා පැවැත්වේ.
ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම පාරිභෝගික ප්‍රජාවට පාකිස්තානයේ නිෂ්පාදිත භාණ්ඩ සහ සේවා ප්‍රදර්ශනය කිරීම සහ එරට නිෂ්පාදනවලට ශ්‍රී ලංකාව තුළ ඉහළ අවස්ථාවක් නිර්මාණය කිරීම මෙම වෙළෙඳ ප්‍රදර්ශනයේ අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වසරකට සිදුවන ද්විපාර්ශවීය වෙළෙඳ කටයුතුවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 300කට ආසන්න වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹදී
bandara Tuesday, 09 January 2018 06:13 PM
අතිගරු ජනාධිපතිතුමනි, අප විසින් කල යුත්තේ පිටරට බඩු ලංකාවේ අලෙවි කිරීමට ප්‍රවර්ධනය කිරීම නොව අපේ නිෂ්පාදන විදේශ රටවල ප්‍රවර්ධනය කිරීමයි.
maalThursday, 11 January 2018 04:34 AM
අපේ දේවල් පකිස්ථානයේ ප්‍රදර්ශනය කරනවානම් ඔවුන්ගේ දේවල් මෙහෙ ප්‍රදර්ශනය කිරීමෙන් ඇති අඩුව මොකක්ද. මේවා ද්වී පාර්ශ්වික වෙනවනම් දෙරටම හොඳයි නේද. ලින් මැඩි න්‍යාය පාවිච්චි කරන්න එපා.