IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නවීකරණය වූ Toyota Lanka කුරුණෑගල ශාඛාව විවෘත වේ

Toyota ලංකා පෞද්ගලික සමාගම නවීනතම Toyota වාහන සහ Toyota Genuine අමතර කොටස් බෙදාහරින ශ්‍රී ලංකාවේ බලයලත් එකම අලෙවි නියෝජිත ආයතනය වේ. ජපානයේ Toyota Tsusho Corporation හි පූර්ණ අනුබද්ධ ආයතනයක් වන Toyota Lanka (Private) Ltd ජපානයේ Toyota Motor Corporation හි ගෞරවනීය සාමාජිකයෙක්ද වේ. 

2008 වසරේ කුරුණෑගලදී ආරම්භ වූ මෙම Toyota Lanka අලෙවි මධ්‍යස්ථානය, පාරිභෝගිකයන්ට ලොව සුපතළ ගුණාත්මක Toyota සේවා රැසක් ලබාදීම වෙනුවෙන් නවතම ස්ථානයක නවීකරණය කරන ලද පහසුකම් සමඟින් පසුගියදා විවෘත කෙරිණි. මෙහිදී Toyota වාහන මිලදී ගැනීමට, අලෙවියෙන් පසු සේවා ලබාගැනීමට සහ Toyota Genuine අමතර කොටස් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතී. මෙම නවතම ශාඛාව Toyota Lanka හි සභාපති  Sachio Yotsukura මහතා අතින් විවෘත කෙරුණු අතර මෙම සුවිශේෂ අවස්ථාව වර්ණවත් කිරීම සඳහා Toyota Lanka හි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා ඇතුළු සේවක සේවිකාවන් සහ එම ප්‍රදේශයේ පාරිභෝගිකයෝ රැසක් ද එක්ව සිටියහ.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Toyota Lanka  හි සභාපති Sachio Yotsukura මහතා මෙසේ පැවැසුවේය. “Toyota Lanka දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික හදවත්වල ඉහළින්ම වැජඹෙන විශ්වාසනීය නාමයක්. රටේ වාහන ආනයන සීමා ඉවත් කීරිමත් සමඟ අපගේ වටිනා පාරිභෝගිකයන්ට පෙරටත් වඩා විශිෂ්ට සේවාවක් සැපයීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. කුරුණෑගල ශාඛාව සියලු‍ම Toyota වාහන හා සම්බන්ධ සේවා පහසුකම්වලින් අංග සම්පූර්ණ කරමින් පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීම එලෙස ආරම්භ කළ ගමන්මඟේ තවත් එක් සුවිශේෂ පියවරක්.”‍ 

Toyota Lanka කුරුණෑගල ශාඛාව මඟින් Toyota  මෝටර් රථ සඳහා අවශ්‍ය සියලු‍ම සේවා පහසුකම් එකම වහලක් යටට ඒකාබද්ධ කිරීමෙන් සිය පාරිභෝගිකයන්ගේ වටිනා කාලය, ශ්‍රමය සහ මුදල් ඉතිරි කිරීම සඳහා Toyota Lanka සමාගම දරණ උත්සාහය මනාව විදහා දැක්වේ. 

“වර්තමාන පාරිභෝගිකයන් අතිශයින් කාර්යබහුලයි. ඒ නිසාම ඔවුන් සිය අවශ්‍යතා ඉතා කෙටි කාලයකින් අඩු වෙහෙසකින් සපුරා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. Toyota Lanka  කුරුණෑගල ශාඛාව මෙයට කදිම විසඳුමක්. “ Toyota Lanka හි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

නවීකරණය වූ Toyota Lanka කුරුණෑගල ශාඛාව විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site