(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා කර ඇති ‘ටොම් ඇන් ඊජේසී’ (TomEJC) අඹ විශේෂයේ පැළ වගාවන්හි දිලීර රෝගයක් හටගෙන ඇතැයි ගොවීහු කියති.
උසින් අඩි දෙකත් - තුනත් අතර වන, දහස් ගණනක අඹ පැළවල දලු මේ හේතුවෙන් පිළිස්සී ගොස් ඇති බව ඔවුහු කියති.
මාස කිහිපයකට ඉහත දී නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් රැසක ‘ටොම් ඇන් ඊජේසි’ නම් අඹ විශේෂයට අයත් පැළ වගා කර තිබිණි. දිලීර රෝගය හේතුවෙන් නාඋල වගාබිම් රැසකට හානි සිදුවී ඇත.
වැසි තත්ත්වය සමඟ මෙම දිලීර තත්ත්වය හටගෙන ඇති බවද, වෙළඳපොළේ පවතින දිලීර නාශක දියර මීට පිළියම් වශයෙන් භාවිත කිරීම වඩාත් සුදුසු බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.





2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාඋල අඹ විශේෂයකට දිලීරයකින් බැට
SL Monday, 11 November 2019 05:47 AM
තෙල්බෙහෙත් කාරයින්ගෙන් වගාව පරිස්සම් කරගන්න ඕනේ... තෙල් ටික විකුණගන්න ඕනේදෙයක් කරනවා..
Kumar Tuesday, 12 November 2019 02:33 AM
මම ඇමරිකාවේ කරනදේ ගැන ලියන්නේ මෙරට කෘෂිකර්මය දියුණු නිසයි. මේ රටේ දැන් දිලීර පාලනයට සුළු ගොවියෝ පාවිච්චි කරන්නේ කොහොඹ තෙල්, වතුර සමග මිශ්‍රණය කර ඉසීමයි. අපේ ගෙවත්තේ තිබෙන සියලුම දිලීර ව්‍යාප්තිය පාලනය කරන්නේ මේ ආකාරයටයි. කොහොඹ තෙල් වලට මේ රටේ කියන්නේ "නීම් ඔඉල්" කියලා. කොලකන කෘමීන් කොලකන එක නතර කරනවා.