(නිමල කොඩිතුවක්කු)
ගුණාත්මක බව පදනම්ව දියර කිරි මිල තීරණය කෙරෙණ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කළ බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මිල්කෝ ආයතනයේ සභාපති, කිරී ගොවීන් ඇතුලු නියෝජිතයන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත්කිරීමට පියවර ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ දී පැවති හමුවකදී මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
සති දෙකක් තුල කමිටු වාර්තාව සකසා අවසන් කර අමාත්‍යංශය වෙත ලබා දිය යුතු බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා දියර කිරි මිලදී ගැනීමේදී විධිමත් හා වර්තමානයට ගැලපෙන ප්‍රායෝගික ක්‍රමවේදයක් සැකසීම මෙහි අරමුණ බවත් සඳහන් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දියර කිරි මිල තීරණයට කමිටුවක්
Nuwan Monday, 01 March 2021 10:54 AM
කමිටු නම් අහස උසට... නමුත් රටට වෙච්චි දෙයක් නැහැ.... නාස්තිය මිසක්...!!!
SENITHMonday, 01 March 2021 01:23 PM
මේ කමිටු ටික ඒකාබද්ධ කරන්න බැරි වෙයිද දන්නේ නැහැ.