IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


දඹුල්ලේ එළවළු මිල පහළට

(කාංචන කුමාර ආරියදාස)


මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කෙරෙන එළවළු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට ලැබීමෙන් එළවළු  මිල ගණන් පහළ බැස ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.


යාපනය, මාතලේ, අනුරාධපුර ,පොලොන්නරුව, කුරුණෑගල, ආදී   දිස්ත්‍රික්ක වලින් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අළුයම් කාලයේ වැඩි වශයෙන් එළවළු තොග ලැබෙන බවද ඔවුහු සඳහන් කළහ.


ඒ අනුව පසුගිය සති කීපයේ එළවළු කිලෝවක් රුපියල් 100 ක ටත් එහා මිලකට අලෙවි වු පතෝල නෝකෝල් රාබු වට්ටක්කා දඹල මෑ කරල් ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 20 සිට 40 දක්වා වූ මිලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අලෙවි   වෙන බව ව්‍යාපාරිකයෝ පවසති.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (24)  දින උදෑසන විශාල වශයෙන් තක්කාලි තොග වෙළඳපොළට ලැබීමත් සමඟ රුපියල් 85ක් 100 ත් අතර මිලකට අලෙවි වූ තක්කාලි කිලෝවක් රුපියල් 30 දක්වා පහත වැටී තිබීම ද විශේෂත්වයකි.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ ඉදිරි දින කිහිපය ගතවෙද්දී එළවළු මිල මෙයට වඩා විශාල වශයෙන් තවත් පහළ මට්ටමකට පැවතිය හැකි බවය. එමෙන්ම කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට් කිලෝවක තොග මිල රුපියල් 300 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.


යාපනය අර්ධද්විපයෙන් මේ දිනවල රතු ලූනූ තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බවත් පසුගිය සතියේ රතුළුණු කිලෝවක තොග මිල රුපියල් එකසිය අසූවක් ව පැවතිය ද මේ වන විට රතුලුනු කිලෝවක මිල රුපියල් 80 දක්වා පහත වැටී තිබීම ද විශේෂත්වයක් බව වෙළෙන්දෝ පවසති.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ බොහෝ ගොවීන් කියා සිටියේ එළවළු මිල පහත වැටුණ හොත් තමන්ට විශාල  පාඩුවක් සිදුවන බවයි. නෝකෝල් කිලෝවක් රුපියල් 20 කට අලෙවි වීමත් සමඟ බරපතල ප්‍රශ්නයක් ඇති බව ගොවීන් පවසති. 


එමෙන්ම එළවළු තොග මිල මෙසේ පහත වැටුණ ද සිල්ලර මිලෙහි කිසිදු අඩුවක් නොමැති බව ගොවීහු පෙන්වා දෙති. 


එක් ගොවියකු  කියා සිටියේ තමන් ගෙන් රුපියල් 20 කට මිලදී ගත් නෝකෝල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිටම වෙළඳසලක කිලෝව රුපියල් 80කට  අලෙවි කරන බවයි.



අදහස් (4)

දඹුල්ලේ එළවළු මිල පහළට

sam Friday, 24 August 2018 08:51 AM

මා කුඩා කාලේ මගේ එළවලු කොටුවේ රාබු හිටවා සාර්ථක අස්වැන්නක් ලබාගෙන රාබු රාත්තල සතය ගානේ වික්ක බව (1970 දශකයේ පන්නිපිටිය, කොට්ටාව ප්‍රදේශයේ ) අදටත් මතකයි .

:       22       76

dias Friday, 24 August 2018 02:06 PM

එළවළු වල තොග මිල පහල වැටුනට කවදාවත් පාරිභෝගිකයාට නම් අඩුවට එළවළු ලැබෙන්නේ නැහැ. එකේ වාසිය හැමදාම ගත්තේ අතරමැදි මුදලාලි. මේ හුරා කෑම නවත්වන්නට තමා '70 දශකයේ මර්ක්ෆෙඩ් වැනි ආයතන බිහි කලේ. මා යෝජනා කර සිටිනවා ගොවියට සහ පාරිභෝගිකයාට කරන සාධාරණයක් ලෙස, මේ ගොවීන්ට තමුන් වගා කල එළවළු පාරිභෝගිකයාට කෙලින්ම මිලදී ලබා ගැනීමට ක්‍රමයක් සලස්වන්නට කියා.

:       0       273

kalpa Sunday, 26 August 2018 02:08 AM

සෑම්ගේ අදහසට විරුද්ධව අදහස්දීම කණගාටුයි. එම කාලයේ රුපියල ඉහළ අගයක් ගත්තා. එනිසා එවැනි තත්ව තිබුණා. එළවළු මිල පහළට කිව්වත් වන්දනා ගමන් සඳහා එම ප්‍රදේශ හරහා ගමන්කරන කිසිවෙකුට පහළමිල ගණන් වලට එළවළු ලැබෙන්නේ නැහැ.

:       0       22

ajith Sunday, 26 August 2018 04:12 AM

එළවලු තොග එනකොට විසිකරන්න තරම් එනවා නැතිවෙන කොට නෑ. මේ ක්‍රමයෙන් ගොවියටයි, පාරිභෝගිකයාටයි දෙගොල්ලන්ටම පාඩුයි. රජය මැදිහත් වෙලා මේක කළමනාකරණය කරනවා නම් නිකරුනේ එළවලු විනාශ වෙන එකත් නවත්වන්න පුළුවන්. මාස ගාණකට කලිනුත් එළවළු විකුණාගන්න බැරුව අලින්ට දුන්නා.

:       0       139

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site