IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දඹුල්ලේ එලවලු තොග මිල පහතට - සිල්ලර මිල ඉහලට

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වලට ගොවීන් රැගෙන එන එළවළු අලෙවි නොවීම නිසා විශාල වශයෙන් මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.


එලවලු තොග මිල මෙයාකාරයෙන් පහත වැටුණ ද ‍ප්‍රධාන නගරවල හා තදාසන්න ප්‍රදේශවල එළවළුවල සිල්ලර මිලෙහි කිසිදු අඩුවක් දක්නට නැතැයි පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ද පහත රට එළවළු රැසක් මේ දිනවල ලැබෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පැවසීය.


ඒ අනුව වම්බටු කැකිරි පිපිඤ්ඤා තක්කාලි මෑකරල් නෝකෝල් රාබු වට්ටක්කා ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් පහේ සිට රුපියල් 25 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අවස්ථාවෙන් අවස්ථාව වෙනස් වෙමින්  අලෙවිවන බව විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන ගොවීන් කියා සිටියේ අලුයම 4 සිට  රාත්‍රී 0 8 දක්වා තම නිෂ්පාදන රැගෙනවිත් ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට තමන්ට සිදු වන බව ය.


ඇතැම් දිනවලදී උදේ සිට සවස් කාලය දක්වාම නිරාහාරව සිට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව හිස් අතින් නිවෙස්වලට යෑමට සිදුව තිබෙන බවද එළවළු ගොවීහු වැඩිදුරටත් සඳහන් කර සිටිති.



අදහස් (1)

දඹුල්ලේ එලවලු තොග මිල පහතට - සිල්ලර මිල ඉහලට

de silva Wednesday, 25 April 2018 07:38 AM

ඕක දැනට අවුරුදු ගණනාවක ඉඳන් වෙන එකක් ඔය තත්වය වෙනස් කරන්න රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඕකේ ඉන්න අතරමැදියෝ දේශපාලන සම්බන්ධකම් තිබෙන මිනිස්සු, ඔය ගොවි සංගම්වල නිලතල දරන මෝඩයන්ට ඔය ගොවියන්ගේ එළවලු ටික එකතුකර ජංගම රථ ක්‍රමයකට කොළඹ වැනි තදාසන්න ප්‍රදේශවලට ගෙනවිත් රථයේම තබාගෙන සාධාරණ මිලකට පරි භෝගිකයට කෙලෙන්ම අලෙවි කිරීමට වැඩසටහනක් සකස් කිරීමට අපොහොසත් වී ඇත. ඉතින් ගොවියාත් පාරිභෝගිකය‍ාත් යන දෙදෙනාම අමාරුවේ වැටි ඇත.

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 754 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site