රාජ්‍ය ඖෂ්‍ය නීතීගත සංස්ථාවේ ශාඛා ජාලය පුළුල් කිරීමේ වැඩ සටහන යටතේ මාතලේ සහ දඹුල්ල නගරයන්හි නව ඔසු සැල් දෙකක් වීවෘත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
කෙටි කාලීන සැළැස්මක් යටතේ සෑම දිස්ත්‍රික්කයක් සදහාම එක් ඔසුසලක් බැගින් සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයක් සදහාම එක් ඔසුසලක් ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කිරිමට නියමිතය.
මේ පිළිබදව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතාට උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍යංඹය සඳහන් කරයි.
එම වැඩපිළිවෙල යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මාතලේ දිස්ත්‍රික්කය සදහා වූ ඔසුසල මාතලේ නගරයේ දී එළැඹෙන 25 දින පෙරවරු 10.00 ට ද, දඹුල්ල නගරයේ නව ඔසුසල එදින පස්වරු 2.00 ට ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
කෑගල්ල, බදුල්ල, අම්බලන්ගොඩ, දර්ගා නගරය වැනි නගර වල ඔසුසල් ද විවෘත කිරීමට සැළසුම් කර ඇතැයි අමාත්‍යංශය පවසයි.
(36698)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දඹුල්ලට හා මාතලේට නව ඔසුසල්
smn Thursday, 21 March 2019 01:23 PM
ඉතාම හොඳ වැඩක්…..අපගේ සුභ පැතුම් !
ගාමිණී Thursday, 21 March 2019 11:41 PM
ඉතාම හොඳ වැඩක්. අගයකරමි.