මෙරට දෙමළ භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයකු වන චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය Pinnacle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දෙමළ භාෂා ඇකඩමිය ලෙසත්, Asia Business සම්මාන උළෙලේදී මෙරට වඩාත් විශ්වාසනීය දෙමළ භාෂා උපකාරක පන්තිය ලෙසත් සම්මාන දිනූ අතර එහි නිර්මාතෘ චින්තා විජේසූරිය මහත්මිය Women Legend සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දෙමළ භාෂා ගුරුවරිය ලෙස සම්මානය දිනා ගත්තාය.
ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමවේදයක් යටතේ ඉගැන්වීම් සිදු කරන චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය ජනප්‍රිය උපකාරක පන්තියක් ලෙස නමක් දිනා ඇත. තවත් එක් උපකාරක පන්තියක් වීම වෙනුවට බහු භාෂා දැනුම තුළින් සමාජය බල ගැන්වීම එම ආයතනයේ දැක්ම වේ.
කැලණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධිය හා දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවත්ල බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් දෙමළ භාෂාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවත් ලබා ඇති චින්තා විජේසූරිය මහත්මිය වසර ගණනාවක අත්දැකීම් සහිත අධ්‍යාපනවේදිනියකි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පිරිනමන දෙමළ භාෂාව පිළිබඳ විශේෂ කතා කිරීමේ පුහුණුවක් සම්පූර්ණ කර ඇති ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් දෙමළ භාෂාව කතා කිරීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක්ද හදාරා තිබේ. ඇය උතුරු ඉන්දියානු හින්දි භාෂා ඩිප්ලෝමාවදල දකුණු ඉන්දියානු හින්දි භාෂා ඩිප්ලෝමාවද හදාරා ඇති අතර කැලණිය විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යා උපදේශන ඩිප්ලෝමාවද හදාරා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දෙමළ භාෂා ඇකඩමියට ප්‍රධාන සම්මාන රැසක්