හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ශ්‍රී ලංකාවේ බැංකු අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධනය සඳහා වන ප්‍රධාන ආයතනය වන ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) පාලක මණ්ඩලයට පත් කර ඇතැයි නිවේදනය කර සිටියි.
දක්ෂ වෘත්තිකයෙකු වන පල්ලෙවත්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් MBA උපාධියක් සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන් කළමනාකරණය පිළිබඳ (ගෞරව) උපාධියක් ලබා ඇත. තවද ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනයේ සාමාජිකයකු, වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයකු මෙන්ම අවදානම් වෘත්තිකයන්ගේ ගෝලීය සංගමයේ (GARP) සහතිකලත් මූල්‍ය අවදානම් කළමනාකරුවකු (FRM) ද වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දමිත් පල්ලෙවත්ත ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩලයට