IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


දිට්වා හේතුවෙන් ආර්ථික වර්ධනයට සියයට 0.7 ක බලපෑමක්

ආපදාවේ හානිය ආසන්නව රු.බි. 320 ක් පමණ විය හැකි බවට අදහසක්.
පෞද්ගලික පරිභෝජනය, අපනයන ආදායම් පහළ යද්දී රජයේ වියදම් කිරීම් ඉහළට.


භානුක අමරසිංහ


දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය සියයට 0.5 - 0.7 අතර ප්‍රතිශතයකින් පහත වැටීමේ අවස්ථාවක් පවතින බව First Capital ආයතනය පවසයි. මෙම ස්වාභාවික ආපදා තත්වය සම්බන්ධයෙන් එම ආයතනය සකස් කළ මූලික ඇස්තමේන්තු වාර්තාවක මේ බව සඳහන්ව තිබේ.
ඒ අනුව පසුගිය නොවැම්බර් 28 වැනිදා සිට බලපෑ මෙම ස්වාභාවික ආපදාවේ ආර්ථික හානිය ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 700ත් - බිලියන 1.07 ත් අතර අගයක් ගනු ඇති බවත්, එය රුපියල් වටිනාකමින් බිලියන 210 ත් 320ත් අතර අගයක් ගනු ඇති බවත් එම ආයතනය පවසයි. ඒ අනුව මෙය මෙරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1ක ප්‍රතිශතයක් ගන්නා බව ඔවුන් සඳහන් කරයි.
“මෙහිදී කිසිදු ස්වාභාවික ආපදාවක් ඇති නොවුණා යන පදනමේ සිට බැලූ විට සැබෑ ආර්ථික වර්ධනය ආසන්න වශයෙන් සියයට 0.5ත් සියයට 0.7ත් අතර අගයකින් අඩු වේවි. විශේෂයෙන්ම පරිභෝජනය වෙත එල්ල වන බලපෑම්, ආයෝජන, දළ අපනයන සහ රජයේ වියදම්හි සිදු වන ඉහළ යෑම් යනාදිය ඊට හේතු වෙනවා.“

 



අදහස් (0)

දිට්වා හේතුවෙන් ආර්ථික වර්ධනයට සියයට 0.7 ක බලපෑමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 121 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site