
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ කිරම එච්.ප්‍රේමතිලක
මෙරට වගා අතර දකුණු පළාතට ද විශේෂ තැනක් හිමිය. ඒ දකුණට ආවේනිකවූ ආර්ථික භෝග වගා රැසක් නිසාවෙනි. තේ, පොල්, රබර්, කුරුඳු වැනි ප්‍රධාන භෝග වගාව ද ඒ අතරය. ප්‍රධාන භෝගයන් නොවන එහෙත් සැලකිය යුතු ආර්ථික වටිනාකමක් ඇති වගා ද දකුණු පළාතේ නැත්තේ ද නොවේ. පුවක් වගාව එවන් එකකි. බොහෝ දෙනා නොදනිතත් පුවක් අපනයනය කර විදෙස් විනිමයක් ලබාගත හැකි වගාවකි.
එදා පුවක් වගාව දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට තෙදිසාවේම යහමින් තිබුණේය. එහෙත් අද පුවක් වගාව මුළුමනින්ම නොවුණත් ගාලු දිසාවෙන් සමුගෙන යාමට පටන්ගෙන තිබේ. ඊට බලපෑ කරුණු කාරණා රැසකි. එහෙත් තවමත් මාතර සහ හම්බන්තොට දෙදෙසාවේ එදා මෙන් යහමින් නොවුණත් පුවක් වගාව දක්නට ලැබේ. එම දෙදිසාවේ බොහෝ අය නොවුණත් එම වගාවේ යෙදෙන්නන් මෙරට සහ පිටරට පුවක් අලෙවි කර ජීවත් වෙති. පුවක් වගාව මෙරටේ බොහෝ ප්‍රදේශවල වැවිය හැකි භෝගයක් බැවින් සහ නඩත්තු කිරීමට අමතර පිරිවැයක් දැරීමට නොහැකිවීම එයට තවත් හේතු බව පුවක් පිළිබඳව දන්නා අය කියති.
පුවක් ගස තනිකරම ආර්ථිකමය වටිනාකමකින් යුක්ත ගසක් වන අතර ආයු කාලය අවුරුදු 35ත් 45ත් අතරය. පුවක් ගසට අමතරව පොහොර දැමීමක් හෝ අමතර නඩත්තු කිරීමක් අනවශ්‍ය වගාවකි.
මාතර දිසාවේ උරුබොක්ක සහ මැකිලියතැන්න යන ගම්මානවලද හම්බන්තොට දිසාවේ කටුවන, කිරම යන ගම්මානවල පුවක් වගාව කෙරේ. පොදුවේ ගත් කල දකුණු පළාතට අයත් ගාල්ලේ මෙන්ම මාතර සහ හම්බන්තොට දිසාවේද පුවක් වගාව ඇත්තේ නරක තැනකය.
බෙන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජේ.ඉඳුරුවගේ:-
මීට කලකට ඉහතදී ගාලු දිසාවේ හැම ගමකම වගේ පුවක් ගස් තිබුණා. ඒ දවස්වල පුවක් ගෙඩිය අලෙවි වුණේ ශත ගණන්වලට. දැන් අපේ ප්‍රදේශවල පවතින පුවක් හිඟය නිසා පුවක් ගෙඩිය රුපියල් විස්ස විසිපහ තරම් ඉහළ මිලකට යනවා. මේකේ තියෙන සැලකිය යුතුම කරුණ තමයි අපේ පුවකෙන් හදන කරුංකාවලට ඉන්දියාව, පකිස්තානය වගේ ආසියාතික රටවලින් තියෙන ඉහළ ඉල්ලුම. ඒ ඉල්ලුම සපයන්න අපට ඉතා අපහසුයි. හේතුව පුවක් ගස් නැහැ. විවිධ අවශ්‍යතා නිසා පුවක් ගස් කැපීම මෙයට හේතුවක් වුණා. කපන පුවක් ගස් සඳහා අලුතින් පුවක් හිටෙව්වේ නැහැ.
කටුවන පඤ්ඤාජීව හිමි:-
මේ වනවිට දකුණේම පාහේ පුවක් කර්මාන්තය රැඳිලා තියෙන්නේ රැකිලා තියෙන්නේ තවමත් කටුවන හා ඒ අවටයි. රටට වැඩක් ගත හැකි වගාවක් බලධාරීන්ට වගේ වගක් නැතිව විනාශවී යාමට මෙසේ ඉඩදී තිබීම කණගාටුදායකයි. පොල්, කොස් ආදී ගස් රකින්න රජයෙන් තහංචි දානවා වගේම පුවක් ගස් කැපීමටත් එරෙහිව තහංචි පනවන්න ඕන. නැත්නම් ඉතිං අපිට අවශ්‍ය පුවක් පිට රටින් ගෙන්වන්න සිද්ධ වේවි. දකුණේ ජනප්‍රිය වගාවක්වූ පුවක් ගහ වඳවී ගියේ එක එක අවශ්‍යතාවලට යයි කියමින් කපා දැමූ නිසයි. පුවක් වගාව ආයෙත් ප්‍රචලිත කළොත් විශාල විදේශ විනිමයක් ගන්න පුළුවන්.
එස්.ඒ.සිරිපාල:-
දැනට පුවක් වගාව දකුණේ වැඩෙයෙන්ම තියෙන්නේ හම්බන්තොට දිස්තික්කයේ. ඒ අතරිනුත් කටුවන අපි ඉන්න ප්‍රදේශයේ. දැනට තියෙන තත්වය හමුවේ අපේ ප්‍රදේශවලත් පුවක් වගාවට වැඩි ආයුෂක් නැති බව පේනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා.
මේ වනවිට මම පුවක්වලින් මාසයකට රුපියල් විසිපන්දහසක පමණ ආදායමක් ගන්නවා. එම ආදායම වසරේ අධික නියං කාලවලදීත්, වර්ෂා කාලවලදීත් වෙනසක් වෙන්නේ නැහැ. පුවක් පලදාව තියෙනකම්ම ආදායම ගන්නවා. පුවක් ඵලදාව අඩු කාලවලදී මිල ගණන් ඉහළ ගියත් පුවක් ඵලදාව අඩු කාලවලදී පුවක් මිල අඩු වූවත් ඵලදාව වැඩි නිසා කාල දෙකෙහිදීම ආදායමේ වෙනසක් ඒ තරම්ම වෙන්නේ නැහැ. අමු පුවක් ලෙසත් පුවක් වේළාගෙන කරුංකා ලෙසත් අලෙවි කර ආදායම් ලබනවා.
පුවක් කරුංකා කරලා විකුණන විට අතරමැදියන් විශාල වශයෙන් ලාබ ගන්නවා. අපිට ලැබෙන්නේ සොච්චමක්. මේ ක්‍රමය නතර කර දිය යුතුයි. රජය හෝ රජයානුබද්ධ ආයතන මේ සඳහා මැදිහත් විය යුතුයි. එතකොට අපේ ආදායමත් ඉහළ යනවා. අපේ ගම්මානවල පුවක් වගාකරුවන් අතරමැදියන්ගෙන් ගොඩක් බැට කනවා. සාධාරණ මිලකට අපේ පුවක් ගන්න වැඩපිළිවෙළක් හදන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
ඊ.බී සෝමදාස
මම සතියකට රුපියල් දහඅට දහසක් පමණ පුවක් වගාවෙන් ගන්නවා. අපි පස්දෙනෙක්ගේ කෑම වියදම සොයා ගන්නේ පුවක් විකුණලයි. ඉදිලා ගස්යට වැටෙන පුවක් වේළාගෙන කරුංකා කරගන්නවා. ඒවත් විකුණලා මාසයකට රුපියල් විසි දහසක පමණ මුදලක් ගන්නවා. මේ ආකරයට පුවක් වගාවෙන් හොද ආදායමක් ගන්න පුලුවන්. අපි ඉල්ලන්නේ මේ පළාතේ තරුණ පරපුර මේ සඳහා යොමු කිරීමට වැඩපිළිවෙළක් හදන්න කියලයි.
ඒ.පී.චමින්ද සමරසිංහ:-
පුවක් නෙළීමට අවශ්‍ය ශ්‍රමිකයන් නැති එකත් ලොකු අඩුවක්. ශ්‍රමිකයන් හිඟ නිසා ඉන්න අයගේ ගාස්තුව වැඩියි. වැඩි ගාස්තුවක් ගෙවලා පුවක් නෙළගෙන වැඩක් නැහැ. මට පුවක් ගස් 450ක් පමණ තියෙනවා. සති දෙකට වරක් පුවක් කඩනවා. පුවක් අස්වැන්න නෙළන්නාට දින දෙකකට රුපියල් තුන්දහස් පන්සීයක් ගෙවනවා. සමහර ගස්වලින් සති දෙකකට වරක් කඩන්න පුවක් මේරීමක් සිදු වෙන්නේ නැහැ.
ඒ.පී පිංදෝරිස් :-
මට ඵලදාව ලබන පුවක් ගස් 300ක් පමණ තියෙනවා. පුවක් පන්දහසක් පමණ සතියකට කඩනවා. ලොකු පුවක් තෝරලා වෙළෙඳපොළට ගෙනියනවා. තේරෙන පුවක් වේළල කරුංක කර විකුණනවා. ගෙදර වියදමට අවශ්‍ය මුදල් පුවක්වලින් විතරක් ගන්නවා. සමහරු ඉවක් බවක් නැතිව එක එක අවශ්‍යතා සඳහා පුවක් ගස් කපනවා. මේ නිසා ටිකෙන් ටික පුවක් වගාව නැතිවෙලා යනවා.
මම ආණ්ඩුවට යෝජනා කරනවා පුවක් හොඳින් වැවෙන ප්‍රදේශ සොයා බලා අලුතින් පුවක් පැළ සිටුවීමේ ව්‍යාපෘති දියත් කරන්න කියලා. දැන්ම ඒ යෝජනාව ක්‍රියාත්මක නොකළොත් අපේ පළාතේ පුවක් කර්මාන්තයට දෙවියන්ගේම පිහිටයි.
දෙලේගේ සෝමපාල:-
මගේ ඉඩම් තුනකම පුවක් ගස් 650ක් පමණ තියෙනවා. සතියකට පුවක් හයදහසක් පමණ කඩනවා. කුලී කාරයෝ ලවා පුවක් කඩා ගෙදරට ගෙනත් දානවා. වෙළෙඳුන් ගෙදරට ඇවිත් පුවක් රැගෙන යනවා. ගෙදර සියලුම වියදම් දරා මුදල් ටිකක් ඉතිරි කරනවා. පුවක් මිල අඩු කාලයේදී පුවක් වේළා මිල කාලයට කරුංකා විකුණා එයිනුත් ලොකු ආදායමක් ගන්නවා. මාර්තු, අප්‍රේල්, මැයි කාලවල පුවක් ඵලදාව අඩුයි. එම කාලවලදී පුවක්වලට ඉහළ මිලක් පවතිනවා. අඩු වියදමෙන් වැඩි ආදායමක් ලබා ගැනීමට හැකි එකම වගාව පුවක් වගාවයි. මේ අනුව බලනවිට පුවක් වගාව රට දියුණුවට ගන්න පුළුවන් හොඳ වගාවක්. අවාසනාවකට අදාළ අයගේ අවධානය මේ වගාවට අඩුවෙන් තිබීමයි.
2025 දෙසැම්බර් මස 04
121
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණේ පුවක් වගාවට නරක කලදසාවක්