IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තේ මිල ඉහළ යාමෙන් ආදායම වැඩිවෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)
ජාත්‍යන්තර වෙළෙඳපොළේ  තේ මිල ගණන් ඉහළ යෑම නිසා මේ වසරේ මුල් මාස නවයක කාලයේදී තේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,139.6ක් දක්වා වර්ධනය වී තිබේ. 


ජාත්‍යන්තර වෙළෙඳපොළේ තේ මිල ඉහළ ගණන් ඉහළ යෑමට අමතරව තේ අපනයන පරිමාව සුළු වශයෙන් වර්ධනය වීම තේ අපනයන ආදායම ඉහළ යෑමට මෙන්ම සමස්ත අපනයන පරිමාව ඉහළ යෑමට ද හේතු වූ බව සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරයි.


පසුගිය වසරේ මුල් මාස නවයක කාලයේදී ලැබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 950කට අපනයන ආදායමට සාපේක්ෂව මේ වසරේ මුල් මාස නවයක කාලයේදී තේ අපනයන ආදායම සියයට 20කින් වැඩි වී තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පමණක් ලැබූ ඩොලර් මිලියන 114.9ක ආදායමට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බර් මාසයේදී තේ අපනයන ආදායම සියයට 19.2ක වර්ධනයක් පෙන්නුම් කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 136.9ක ආදායමක් ලැබීමට සමත්ව තිබේ. 


මේ අතර රුසියාව මෙරට තේ ඇතුළු වැවිලි නිෂ්පාදන අපනයනවලට පැනවූ තහනමෙන් තේ කර්මාන්යට විශාල බලපෑමක් වනු ඇතැයි කර්මාන්තයේ පිරිස් පවසති. 


රුසියාව යනු මෙරට තේ වෙළෙඳපොළේ ප්‍රධාන අපනයන මධ්‍යස්ථානයකි. රුසියාව වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් තේ කිලෝග්‍රෑම් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් ආනයනය කරයි. එය සමස්ත තේ අපනයනවලින් සියයට 12ත් 15ත් අතර ප්‍රතිශතයකි. 


රුසියානු තේ වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ තේවලට හිමි ප්‍රතිශතය සියයට 23කි.               

මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුසියාව ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 436ක වටිනාකමින් යුත් තේ ටොන් 141,300ක් ආනයනය කළ බව රේගු වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.



අදහස් (3)

තේ මිල ඉහළ යාමෙන් ආදායම වැඩිවෙයි

Perakum Saturday, 23 December 2017 07:57 AM

වැඩක් නෑ. ඒකෙ වාසිය ගන්නේ ආණ්ඩුව නේ. තේ කම්කරුවටත් කිසියම් සහනයක් දෙන්න ක්‍රමවේදයක් නැද්ද?

:       43       31

ukku banda Tuesday, 26 December 2017 06:09 PM

තේ වතුවල වැඩකරන කම්කරුවෝ තාමත් ජීවත් වන්නේ ලයින් කාමරවල පඩිය රුපියල් 700 යි. මිල වැඩිවෙලා ඇති පලේ මොකක්ද කම්කරුවෝ හැමදාම දුක්විඳිනවා

:       44       51

prabash Saturday, 30 December 2017 11:45 AM

කම්කරුවන් වහාම උසස් කර වැටුප රුපියල් 10000කින් වැඩි කරන්න. ලඟ එන ඡන්දය සඳහා සූදානම් වන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site