(රංජිත් රාජපක්ෂ)
කඩා වැටී තිබු තේ කර්මාන්තය කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමෙන් පසුව යළි නඟා සිටවු බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක සහ නොර්වුඩ් තේ වත්තේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසීය. ෆෙරොස් මජිත් මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානම සමග පනවා තිබු ඇදිරි නිතිය හමුවේ සෞඛ්‍යය සහ ආරක්ෂක අංශ වල උපදෙස් පරිදි, තේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන පැමිණි බවයි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ෆෙරොස් මජිත් මහතා මෙසේ කියා සිටියේය .
"කොවිඩ් 19 වෛසරය පැතිර යාමත් සමග අපිට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදුවුණා තේ කර්මාන්තයේ පැවැත්ම සදහා. රටේ ආර්ථිකය එක පැත්තකින් පවතින්නේ මේ තේ කර්මාන්තය හරි විදිහට ගියොත් විතරයි. රජය වැවිලි සමාගම් එක්ක එකතු වෙලා අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා“
“මුලින්ම අපිට අභියෝගයක් වුණේ සේවකයින්ගේ සෞඛ්‍යය තත්ත්වය ඉහල මට්ටමින් තබා ගැනිමයි. තේ නිෂ්පාදනය මොන හේතුවක් නිසාවත් අපි නතර කලේ නෑ. එ නිසා ශ්‍රි ලංකා වේ තේ සදහා ලෝක වෙලඳපොලේ විශාල ඉල්ලුමක් පවතිනවා.
වෛරසය පැමිණිමට පෙර තේ කර්මන්තය කඩා වැටෙමින් පැවතුණා , වෛරසය පැතිරමත් සමග අපිට එල්ල වුණ අභියෝග සමග සටන් කිරිම නිසා ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා ලොකු ඉල්ලුමක් ආවා .
“ තේ නිෂ්පාදනය කරන අනෙකුත් රටවල් තේ රට යවන එක නතර කරලා තියෙන නිසා ඒකත් අපිට ලොකු වාසියක් වුණා. එනිසා සැලකිය යුතු මිලක් ලැබුණා අපේ තේ වලට. අපිට තිබ්බ ලොකු අභියෝගය මෙම වෛරසය වතුකරයේ පැතිර යාම වලක්වා ගැනිමයි. මම ස්තුතියි කරනවා රජයට සහ සෞඛ්‍යය අංශ නිලධාරින් නිතරම අපි සමග එකතු වෙලා අපිව දැනුවත් කිරිම පිලිබදව.
මුලදි කර්මාන්ත ශාලා සේවකයින් මුඛ ආවරණ පැලදිම ප්‍රතික්ෂේප කරා ආරක්ෂක අංශ නිලධාරින් පැමිණලා පැහැදිලි කිරිමක් සිදු කරලා සේවකයින්ව දැනුවත් කරලා අපි සමග මිත්‍රශිලිව කටයුතු කලා.
අපි මේ වෛසරය පිලිබදව ධනාත්මකව හිතන්න ඕනි , අපිට ලෝක වෙලඳපොලට ගිහින් කියන්න පුළුවන් මෙ අවස්තාවේදිත් අපි අභියෝගයට මුහුණු දුන්න ආකාරය පිලිබදව කියලා. මේ වැනි අවස්තාවල සේවකයින් අඛණ්ඩව සේවයේ නිරත කර තේ නිෂ්පාදන කිරිමම අපිට වෙනත් රටවල් වලින් සහයොගය ලබා ගැනිමට පුළුවන් අවස්තාවක්.“
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලුණු බස් රථය අද පස්වරුවේ ගොඩගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සදහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යනු ලැබීය.
මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ නිවසක් ආලෝකමත් කිරීමට සවිකර තිබූ විදුලි බුබුළු වැලක සිදුවූ විදුලි කාන්දුවක් නිසාවෙන් එම විදුලි බුබුළු වැල ස්පර්ශ කළ නව හැ
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තේ කර්මාන්තය යළි යථා තත්වයට