IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ත්‍රස්තවාදී උවදුරු ආවරණය කෙරෙන රක්ෂණාවරණ ඉල්ලුම ඉහළට

(හර්ෂණ තුෂාර සිල්වා)

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු ත්‍රස්තවාදී උවදුරු ආවරණය කෙරෙන රක්ෂණාවරණ සඳහා ඇති ඉල්ලුම වැඩි වී ඇතැයි ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා ලංකාදීපයට අද (29) පැවැසීය.

රක්ෂණ ප්‍රතිලාභීන් ඉකුත් ඉරිදා (21) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු අදාළ රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇතැයි ද මංජුල ද සිල්වා මහතා කීවේය. 

ත්‍රස්තවාදී උවදුරු ආවරණය කෙරෙන රක්ෂණාවරණය සඳහා ඇති ඉල්ලුම වේගයෙන් වැඩි වී ඇති බව රක්ෂණ සමාගම් ද දැනුම් දී ඇතැයි හෙතෙම කීය.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද සඳහන් කළේය. 

“මේ රක්ෂණාවරණය යුද්දේ කාලෙත් තිබුණා. ඊට පසුවත් තිබුණා. එහෙත් මිනිස්සු පසුගිය කාලයේදී ඒකට ඉල්ලුම් කළේ නැහැ. එහෙත් පසුගිය දා එල්ල වූ ප්‍රහාරයත් සමඟ ඊට තිබෙන ඉල්ලුම් වැඩි වෙලා. ජාතික රක්ෂණ භාර අරමුදලේ, වැඩවර්ජන, සිවිල් කලකෝලහාල, ත්‍රස්තවාදී ක්‍රියා යන්න යටතේ තමයි මේ ආවරණය එන්නේ. 

වාහන රක්ෂණ ලබාගැනීමේදී අතිරේක රක්ෂණයක් ලෙස තමයි මෙය හිමිවන්නේ. ජාතික රක්ෂණ භාර අරමුදල මෙය කෙළින්ම අලෙවි කරන්නේ නැහැ. රක්ෂණ සමාගම්වලින් තමයි මෙය අලෙවි කරන්නේ. 

වාහනවලට අමතරව, ගොඩනැගිලි, නිවාස, කාර්යාල යනාදියට මේ රක්ෂණාවරණය ලබාගන්න පුළුවන්.”



අදහස් (0)

ත්‍රස්තවාදී උවදුරු ආවරණය කෙරෙන රක්ෂණාවරණ ඉල්ලුම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site