IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


තුර්කි ගුවන්සේවය කොළඹට

යුරෝපයේ හොදම ගුවන්සේවය ලෙසින්  හඳුන්වන  තුර්කි  ගුවන්සේවය  ශ්‍රී  ලංකාවේ සිය මෙහෙයුමි කටයුතු ඇරඹීය.
තුර්කි ගුවන්සේවය පියාසර කරන 98 වැනි රට ශ්‍රී ලංකාවයි.
තුර්කි ගුවන් යානා සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ ඉරිදා යන සතියේ දින පහක් ඉස්තාබුල් සිට  මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිනේ.

 

 

 

 



අදහස් (0)

තුර්කි ගුවන්සේවය කොළඹට

ඉසුරන්දි Thursday, 07 February 2013 02:21 PM

ආඩම්බරයි .(ස)

:       0       0

ප්‍රසන්න Friday, 15 February 2013 12:14 AM

සන්තෝසයි (දී)

:       0       0

ජයනි Friday, 08 February 2013 01:02 AM

මම මෙච්චරකල් හිතාගෙන හිටියේ ලොව හොඳම ගුවන් සේවය මිහින් ලංකා කියලා (නි)

:       0       0

සෝමවංස Friday, 08 February 2013 01:04 AM

යුරෝපයේ හොදම ගුවන් සේවය තුර්කි ගුවන් සේවයයි. ලෝකයේ හොදම ගුවන් සේවය කටාර් ගුවන් සේවය වන අතර 7 වැනි තැන තමයි තුර්කි ගුවන් සේවයට ලැබිලා තිබෙන්නේ. ශ්‍රි ලංකන් ගුවන් සේවයට ලැබී ඇත්තේ 70 වෙනි තැනයි. (නි)

:       0       0

සිසිර Thursday, 07 February 2013 02:25 PM

හැබැයි මාර ගණන් .(ස)

:       0       0

නිම්සරා Wednesday, 13 February 2013 08:58 AM

ලෝකේ හොදම ගුවන්සේවය වෙන්නේ සිංගප්පූරුව.(නදී)

:       0       0

සෙනරත් Thursday, 07 February 2013 02:28 PM

ඒක අපේ මුළු දිවයිනටම ලොකු ආඩම්බරයක්. (දී)

:       0       0

රනිල් Friday, 08 February 2013 01:55 AM

කවිද කියන්නේ තුර්කිය යුරෝපයේ හොදම ගුවන්සේවය කියලා.(නදී)

:       0       0

සිල්වා Friday, 08 February 2013 01:24 PM

යුරෝපයට ගමන්වාර පහක් යනවයි කියන්නේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට ලැබෙන ආදායමෙන් සියයට විස්සක අඩුවීමක්. කරුණාකර අපේ මගී ජනතාව ශ්‍රී ලංකන් ගුවන්සේවයම භාවිතා කරන්න. අපේ ශ්‍රී ලංකන් පාලක මන්ඩලයත් අනවශ්‍ය වියදම් අඩු කරලා ජනතාවට හොද සේවයක් ලබාදෙන්න බලන්න.(නදී)

:       0       0

රොෂාන් Friday, 08 February 2013 02:08 AM

කව්රු කොහොම කිව්වත් මම එකග වෙන්නෙ නැහැ මේ පුවතත් සමග. ලොව සහ යුරෝපයේ මීට වඩා හොද ගුවන් සේවා තිබෙනවා. ඕනෑ නම් පහදා දෙන්න පුළුවන්. (නි)

:       0       0

වගුරේගම Thursday, 14 February 2013 12:55 PM

අපි තාමත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ආදරෙයි.. දඬුමොණරට හෙණ ගහලා දියබරියෙක් ගත්ත දවසේ ඉඳන්.. හිතට ටිකක් හරි මදී..(ස)

:       0       0

ජීව Saturday, 09 February 2013 03:10 AM

අනේ හොඳයි, එතකොට ශ්‍රී ලංකන් එකට කටුනායකයි,මත්තලයි අතර පාඩුවේ දුව දුවා ඉන්න පුළුවන්. (නි)

:       0       0

ක්‍රිශාන්ත Thursday, 07 February 2013 02:47 PM

තුර්කි ගුවන් සේවයට වඩා ශ්‍රි ලංකා ගුවන් සේවට හොඳයි .(ස)

:       0       0

නිල් Monday, 11 February 2013 10:52 AM

බලන්නත් ලස්සනයි (දී)

:       0       0

ඩොන් Friday, 08 February 2013 01:58 PM

ලෝකයේ නොම්මර එකේ සේවය දෙන්නේ එමිරේට්ස් සහ එයාර්වේස්. (නි)

:       0       0

කුමා Friday, 15 February 2013 06:45 PM

මටත් කියන්න තියෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය හොඳයි.ඇඟට පතට නොදැනී පියාසර කිරීම සහ ගොඩබෑම් කරන නිසා.(නදී)

:       0       0

ලියනගේ Thursday, 14 February 2013 06:09 AM

එයාර් ලංකා තරම් කිසිම ගුවන් සේවයක් මිනිසුන්ගෙන් පැසසුම් ලබලා නැහැ. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 09 February 2013 09:06 PM

ලෝකයේ 2012 හොදම ගුවන් සේවය කොරියන් ගුවන් සේවයට..!(නු)

:       0       0

විජිත් Friday, 15 February 2013 03:31 AM

යුරෝපා වල හොදම සේවය මේක නම්, ‍යුරෝපා රටවල ඉදලා අපේ මිනිස්සුන්ට මේක දෙන්න එපැයි. (නි)

:       0       0

ලංකා Friday, 08 February 2013 02:47 PM

තුර්කි ගුවන් සේවයට වඩා ශ්‍රි ලංකා ගුවන් සේවට හොඳයි. මම එහෙම කියන්නේ නියමුවන්ගේ දක්ෂකම් මැනලයි. ඒකෙන් කියන්නේ අනතුරු වලට ලක්වීමම නොවේ. ඇගට පතට නොදී ගොඩබෑම් ආදිය දිහාත් බලල. අනික ඔය එන්නේ ලංකාවේ ඉදන් මාලේ වලට යන ශ්‍රි ලංකන් එකේ කැලි ටික අහුලන්න. අනික ඇයි ශ්‍රි ලංකන් ගුවන් සේවයේ තියන යානා 27යි මිහින් එකේ තියන යානා ටිකයි අරගෙන ඇමරිකා මහද්වීපයට ගුවන් සේවා අරබන්න බැරි? එතකොට ලංකාවෙන් යන අයට ඩුබායි වල නිකන් කාලේ කන එකවත් නැතිවේවිනේ.(නදී)

:       0       0

දුම්ත් Friday, 08 February 2013 06:51 AM

ආපු එක හොදයි. ඒත් අනුන්ගේ ඒවා වර්නනා කර කර ඉන්නේ නැතුව ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා එකට එකතු කරලා වෙන නමක් දාලා හිරි කලමනාකාරිත්වයට යන වියදම නැති කරලා මගීන්ට හොද සේවයක් දෙන්න පුළුවන්නම් හොදයි.(නදී)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 10:12 AM

අපේ ඇමතිතුමෙක් නම් කිවුවේ මිහින් ලංකා කියලා. (නි)

:       0       0

මාලා Thursday, 14 February 2013 08:30 AM

අර පොල් කඩන්න ගිය මිනිහා හොරකං කරපුවා මතකද..... ඉතින් අපේ ගුවන් සේවයට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද (ස)

:       0       0

උපුල් Saturday, 09 February 2013 11:38 AM

ගුවන්සේවා ආරම්භ කරන එක හොදයි.අපේ ගුවන් සේවා දෙකට තමයි තාමත් අපි කැමති. ශ්‍රී ලංකන්, මිහින් ලංකාට ජය!(නදී)

:       0       0

නාරද Saturday, 09 February 2013 11:45 AM

ඔබේ කීම හරියටම හරි. මම දැනට ගුවන් සේවා හයක ගමන් කරලා තියෙනවා.ලංකාවේ නිලධාරීන් තරම් නිවැරදිව,පහසුව ගොඩබාන තවත් අය හමුවුනේ නෑ.එයට හොඳම සාක්ෂිය ඔබට පිටිපස්සේ ඉන්න සංචරකයොන්ගේ විශ්මය .(නදී)

:       0       0

අජිත් Thursday, 07 February 2013 04:26 PM

අපේ සුබ පැතුම් (ස)

:       0       0

ෂෙරිප් Friday, 15 February 2013 07:45 PM

හොදම ගුවන්සේවය ගැන කතාකරන්න කලින් ගුවන් යානාවල ගමන්කර තිබීම ඉතා වැදගත්.(නදී)

:       0       0

අසංක Thursday, 14 February 2013 09:29 AM

පිටරට දේ සිරි සැප දේ.(ස)

:       0       0

හසිත් Friday, 15 February 2013 06:16 AM

දන්නේ දනිති. (නි)

:       0       0

නිල් Friday, 08 February 2013 03:50 PM

කාටද ආඩම්බර (දී)

:       0       0

මනෝජ්-කටාර් Saturday, 09 February 2013 12:41 PM

ලොවේ හොදම ගුවන්සේවය කටාර් ගුවන්සේවයයි. (නදී)

:       0       0

චූලා Wednesday, 13 February 2013 10:51 AM

අපේකමයි, කුහකකමයි නැතුව මම හේමාල් සමග එකග වෙනවා. (නි)

:       0       0

හේමාල් Saturday, 09 February 2013 12:57 PM

ශ්‍රී ලංකා ගුවන් සේවය තාමත් හරියට කළමනාකරණය කරගන්න බැහැ.. ටිකට් ගත්තට ගුවන්තොටුපොලේදි කියනවා ආසන නැහැ කියලා.. වෙන දවසක දාන්නද කියාල.. මේ වගේ මිනිසුන් ඉන්නකම් ඕක දියුණු කරන්න බැහැ.. මීට වඩා සැළසුමක් ඇතිව වැඩ කළ යුතුයි.. මෙය මට දෙවරක් උන අත්දැකීමක්.. (නු)

:       0       0

දිලීප් Sunday, 17 February 2013 06:51 AM

කොයි හැටි කොහොම වෙතත් ශ්‍රී ලංකන් එකේ ඉන්න වයස වැඩි අය අයින් කරනව නම් හොදයි.(නදී)

:       0       0

සමන් Friday, 08 February 2013 04:15 PM

කටාර් ගුවන් සේවය එක උනේ කොහොමද මම දන්නේ නෑ. මම නම් අයෙත් යන්නේ නෑ කියලා හිතාගත්ත. SKYTRAX සමීක්ෂණ සාධාරණ නෑ. (ස)

:       0       0

ඉනාමලුව Friday, 08 February 2013 06:15 PM

හලාල් කෑම විකුණන්නේ ඒවා කන්න කැමති අයට විතරයි. (නි)

:       0       0

සෙනවිරත්න Friday, 08 February 2013 09:12 AM

ඇත්ත ඇති සැටියෙන් පවසනවනම් ලොව හොදම ගුවන්සේවය වුනේ ශ්‍රී ලංකන් ගුවන්සේවය. ඇත්තටම එහෙම ආකර්ශනයක් ආවේ එවකට අපේ දයාබර ගුවන් සේවිකාවෝ ඇද පැලදගෙන හිටිය මොනර පිහාටු රාශියන් සමග පසුතලය දිලිසෙන ලස්සන කොලපාටක් නිසා බව මගේ හැගීමයි. දැන්වත් එම ලස්සන ඔසරිය නැවත අදින්න කිවිවා නමි ලොව අංක එකට නැවතත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැමිනෙයි.(නදී)

:       0       0

කමල් Saturday, 09 February 2013 01:11 PM

අනේ අනේ... (ස)

:       0       0

අනුර Friday, 08 February 2013 09:19 AM

එතකොට සිංගප්පූර්, බ්‍රිටිස් ගුවන්සේවය, එතකොට කැතී පැසිපික්.(නදී)

:       0       0

යොහාන් Tuesday, 19 February 2013 02:34 PM

මම මේකේ කාලසටහන බැළුවා. ඩුබායි ඉදලා එන්නේ. හරියට පරංගියා කෝට්ටේ ගියා වගේ. ඩුබායි,තුර්කි,කොළඹ නැතුව පුළුවන්නම් ඩුබායි සිට කොළඹ සෘජු ගමනත් දාන්න.(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 08 February 2013 09:32 AM

රනිල් හරි, කවිද කියන්නේ ලෝකේ හොදම ගුවන්සේවය තුර්කි ගුවන්සේවය කියලා.(නදී)

:       0       0

සුමුදු - වෙරෝනා Sunday, 10 February 2013 02:53 AM

තුර්කි ගුවන් සේවය යුරෝපයේ 2011 වසරේ හොදම ගුවන් සේවය. ලෝකයේ හොදම ගුවන් සේවය නෙවෙයි. (නදී)

:       0       0

කමල් Sunday, 10 February 2013 03:17 AM

ලෝකයේ හොදම ගුවන් සේවා 1. කටාර් 2. ඒසියානා 3. සිංගපූරු 4. කැතේ පැසිපික්.. 5. ඕල් නිපෝන්. 6. එතියාඩ් 7. තුර්කිෂ් 8. එමිරේට්ස් 9 තායි. 10 මැලේසියා(නු)

:       0       0

සමන් Saturday, 16 February 2013 01:42 PM

අපේ ගුවන් සේවය දියුනු වෙලා (දී)

:       0       0

රවී Sunday, 17 February 2013 06:05 PM

සෘජු ගුවන්ගමන් ශ්‍රී ලංකන් ගුවන්සේවය යන නිසා මම තෝරාගෙන තියෙන්නේ ශ්‍රී ලංකන් එක්ක යන්නයි. සේවය තව ට්කක් හොද වුනානම් අපූරුයි.(නදී)

:       0       0

ශාන් Sunday, 10 February 2013 05:45 PM

රොෂාන් හරියට හරි. කටාර් ගුවන් සේවය යුරෝපයට එක සේවයකුත් දකුනු ආසායාවට තව සේවයකුත් දානවා.(නදී)

:       0       0

නිත්‍යා Friday, 08 February 2013 10:03 AM

තුර්කි තමයි ලොව හොඳම ගුවන් සේවය කියලා කවුද කියන්නේ (ස)

:       0       0

රෝහිත Thursday, 07 February 2013 06:06 PM

සන්තෝසයි ,,,,,,සන්තෝසයි ,,,,,,(දී)

:       0       0

බන්ඩාර Thursday, 07 February 2013 06:18 PM

මම හිතන් හිටියේ මිහින් ලංකා කියලයි (ස)

:       0       0

ඩයස් Sunday, 10 February 2013 05:50 AM

අපේ මිහින් ලංකා යානා මාලේට වැඩි කරන්න. ශ්‍රී ලංකන් යානා පැරිස්, රෝම් වලට , ෆෑන්ක්පට් වලට ගමන් වාර වැඩි කරන්න. ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ඒ රටවල ප්‍රචාරය හරිම අඩුයි. තානාපති කර්යාල ටිකක් අවදි කරවන්න, ඒ ගැන. (නි)

:       0       0

හිල්ම් Thursday, 07 February 2013 06:39 PM

බලන්නකෝ ඒකේ හැටි (දී)

:       0       0

රොක් Thursday, 07 February 2013 06:41 PM

අනිත් ගුවන් යානාවල මිලට වඩා මිළ වැඩියිද? (නි)

:       0       0

ලලිත් කටාර් Saturday, 09 February 2013 02:06 PM

ඔය ඇවිල්ලා තියෙන්නේ හොදකට නෙමෙයි.. ශ්‍රී ලංකන් ගුවන් සේවය වට්ටන්න.. අහුවෙන්න නම් එපා..!(නු)

:       0       0

චානුක Saturday, 23 February 2013 09:19 AM

ඒත් අපිට ලංකාවේ ඉදගෙන දකුණූ ඇමරිකාවට යන්නත් කොච්චර දුකක් විදින්න ඕනෑද? (නි)

:       0       0

තරිදු Wednesday, 13 February 2013 06:35 PM

තුර්කි ගුවන් සේවය හොදයි. සේවයත් හොදයි. ෂීට් හොද ප්‍රමිතියකට තියෙනවා.(නදී)

:       0       0

සම්පත් Thursday, 07 February 2013 12:11 PM

අපට ආඩම්බරයක් .(ස)

:       0       0

මොහොමඩ් Monday, 11 February 2013 07:45 AM

හුරේ! අපිට හලාල් තියෙනවා. (නි)

:       0       0

නිරන් Friday, 08 February 2013 08:26 PM

ඇයි ලෝකෙ හොදම ගුවන් සේවය කියලා බොරුවට දාන්නෙ.. මේවා හොදයි කවදාවත් ලංකාවෙන් පිට නොගිය අයට..!(නු)

:       0       0

නයනා Wednesday, 20 February 2013 12:33 AM

සජිත්ගේ කථාව සහතික ඇත්ත. ලංකාවේ අයව ගණන් ගන්නේ නැති කමත් සමහර අපේ ගුවන් සේවිකාවන් ළඟ තියෙනවා. මිත්‍රශීලී බවක් නැහැ.(නදී)

:       0       0

රොෂාන් Friday, 08 February 2013 08:39 PM

සමන් මම ඔබ සමග එකග වෙනවා.. කටාර් හොද නැහැ කියලා. නමුත් ඔයා යන කලාපය අනුව ඒක වෙනස් වෙනවා.. යුරෝපයේ කටාර් ගුවන් සේවය තරු පහේ පහසුකම් තියෙනවා.. නමුත් අපි මැද පෙරදිග සිට ලංකාව හෝ ඉන්දියාව පැත්තට යනකොට පහසුකම් මදි.!(නු)

:       0       0

අමිල Sunday, 10 February 2013 07:01 PM

ඒ වුණාට මේකේ යන අයට කියන්නේ තමන්ගේ ගමන් මලු ප්‍රවේශම් කරගන්න කියලා. (නි)

:       0       0

මුනේ Tuesday, 19 February 2013 10:50 AM

නියමයි (දී)

:       0       0

සංජීව Thursday, 07 February 2013 07:45 PM

එන එක නම් හොදයි. හොද සේවාවක් දෙන්නේර්‍ ශ්‍රී ලංකන් ගුවන් සේවය විතරයි.(නදී)

:       0       0

මධූෂ Sunday, 10 February 2013 07:06 PM

ලෝකයේ හොදම ගුවන් නියමුවන් ඉන්නේ ලංකාවේ. ඒ ගැන නම් ආයි කතා දෙකක් නැහැ. (නි)

:       0       0

සිල්වා Thursday, 07 February 2013 08:53 PM

පිටරටට ආවඩමින් ඉන්නේ නැතුව අපේ පාඩු පිට දුවන අපේ ගුවන්සේවා දෙකම එකතුකරලා ශක්තිමත් කලමනාකරණයක් මත ශක්තිමත් ගුවන්සේවයක් හදන්න ඕනේ. නැත්නම් අපිට වෙන්නේ ගුවන් සේවා දෙකම නැතිවෙන එකයි.(නදී)

:       0       0

දිනේෂ් Saturday, 09 February 2013 04:07 PM

අනුර ඔයා කැතී පැසිපික් ගුවන්සේවයේ ගිහින් තියනවද?(නදී)

:       0       0

සජිත් Monday, 18 February 2013 02:01 PM

මම මාස 3 කට වරක් වත් සිංගප්පුරුවේ සිට ලංකාවට එනවා. මම මගේ රටේ දේවල් වලට කැමති වුවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාවිච්චි කරන්නේ නැත. ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් සලකන්නේ සුද්දන්ට පමණි. එම නිසා මම එමිරේට්ස් ගුවන් යානා තෝරා ගනිමි. අපේ ගුවන් සේවිකාවන් ආකල්ප අතින් දියුණු දවසට අපේ ගුවන් සේවය දියුණු වෙනු ඇත. (නි)

:       0       0

හසරැල් Thursday, 21 February 2013 09:49 AM

මීට වැඩිය හොද ගුවන් සේවා යුරෝපයේ ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

සුධීර Thursday, 07 February 2013 01:02 PM

සතුටුයි. (නි)

:       0       0

ශීලා Sunday, 17 February 2013 10:46 AM

මම නම් කියන්නේ හොදම එක අලිතාලියා.(නදී)

:       0       0

විරාජ් Thursday, 21 February 2013 04:00 PM

සජිත්ගේ කතාව ඇත්ත. මමත් නිතර යනවා වුණත් අපි කලු හින්දද කොහෙද සැළකිළි නැහැ. (නි)

:       0       0

ප්‍රියංකර Saturday, 16 February 2013 06:33 PM

http://www.worldairlineawards.com/Awards_2012/europe.htm (නි)

:       0       0

පීරිස් Tuesday, 12 February 2013 02:39 AM

පැරිසියේ සිට ලංකාවට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතියකට දින 4ක් ගමන් කරනවා. ඊට අමතරව අනෙකුත් ගුවන් සේවා දිනකට ගමන් වාර 10ක් පමණ තිබෙනවා. නමුත් මෙම සියලුම සේවා අතරින් ශ්‍රී ලංකන් තමයි හොඳම ගුවන් සේවය. පැය 9ක් වැනි කෙටි කාලයකින් පැරිස් සිට ලංකාවට ලගා වෙනවා. අනිකුත් ගුවන් සමාගම් අපේ ලංගම වගේ පැය14 කට වඩා යනවා. විදේශිකයන් වැඩියෙන් කැමති අපේ ගුවන් සේවයට. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 08 February 2013 10:34 PM

මෙයාලා ඔය වගේ අදහස් දක්වන්න හරිම දක්ෂයි..!(නු)

:       0       0

වරුණ Thursday, 07 February 2013 01:32 PM

මේක අපි ලබපු ජයග්‍රහණයක් (දී)

:       0       0

සමන් Thursday, 07 February 2013 01:36 PM

ටර්කි බ්‍රෑන්ඩ් කියලා කුකින් ඔයිල් එකකුත් තියෙනවනේ. (නි)

:       0       0

ෂාෆීක් Wednesday, 13 February 2013 01:35 PM

අලුත් ගුවන් යානයක් කොළඹට පැමිණීම අගය කලයුතු දෙයක්. ඒ වගේම ශ්‍රී ලන්කන් හොද සේවාවක් දෙනවනම් මගීන් එය තෝර ගනී. ලගකදී ඉදලා ශ්‍රී ලන්කන් සේවාව ටිකක් පහත වැටිලා. සමහර විට දැන් තරගකාරීත්වය වැඩි වෙනකොට සේවාව හොද වෙවී.(ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 07 February 2013 01:42 PM

ලොව හොඳම ගුවන්සේවය??????? යුරෝපයේ හොදම ගුවන්සේවය????? අනේ මන්දා තුර්කි ගුවන් සේවය හොද එකක් නෙමෙයි..... .(ස)

:       0       0

නාමල් Wednesday, 13 February 2013 09:42 PM

තුර්කියේ ඉන්නවා ම‍ගේ යාලුවෙක්. අහලා කියන්නම්. (නි)

:       0       0

සුජීව Wednesday, 13 February 2013 09:46 PM

යුද්ධය තිබුණා නම් ඔය එකක්වත් නැහැ. (නි)

:       0       0

ෂාෆීක් Wednesday, 13 February 2013 01:42 PM

2000 මුල් බාගයේ නම් ශ්‍රී ලන්කන් දකුණු ආසීයාවේ හොදම ගුවන් යානය උනා, ඒ වගේම කාර්ගෝ හසීරීමේත් වීශේෂ ස්ථානයකට පැමිණියා. ශ්‍රී ලන්කන් එකේ ග්රෝඋන්ඩ් ස්ටෆ්ෆ් ලගේ සේවාව නම් ඒ තරම් සතුටු නැහැ. (ස)

:       0       0

චමින්ද Thursday, 07 February 2013 11:06 PM

ආඩම්බරයි! (නි)

:       0       0

ජයසිංහ Tuesday, 12 February 2013 04:51 AM

අපේ ශ්‍රී ලංකන් අපට හොදයි.(නදී)

:       0       0

බන්දුල Sunday, 10 February 2013 08:07 PM

දේශපාලනීකරණය වීම නිසා අපේ ගුවන්සේවා දෙකට කවදාහරි වෙන්නේ ලංගමයට උනු දේම තමයි.(නදී)

:       0       0

ඩිලාන් Tuesday, 12 February 2013 01:56 PM

දැන් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට වඩා ටර්කි හොදයි. (නි)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 01:50 PM

මනෝජ් කියලා තියෙනවා කටාර් ගුවන්සේවය කියලා. එතකොට ඉතියෝපියා, නයිජීරියා, බංගලාදේශ තව තොච්චර තියෙනවද?(නදී)

:       0       0

සේනක Thursday, 07 February 2013 02:14 PM

මම මෙච්චරකල් හිතන් හිටියේ ලොව හොඳම ගුවන් සේවය ශ්‍රී ලංකන් කියලා. අපරාදේ තුර්කි වලට පරාද වුණේ .(ස)

:       0       0

දුලිත Thursday, 14 February 2013 12:34 PM

ලංකාවට මොකක් හරි ආවොත් ඒක ලෝකෙ ලොකුම එක හරි, ලෝකේ හොදම ඒක,,,වෙන ඒවා ලංකාවට එන්නේ නැත්ද,, අනේ මන්ද මේවා මිනිස්සු විස්වාස කරනවනේ...(ස)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 07:37 PM

මම නම් කියන්නේ ලෝකයේ හොදම ගුවන් සේවය මිහින් ලංකා කියලයි. (නි)

:       0       0

මැක්සි Saturday, 16 February 2013 08:30 PM

අපෝ! ශ්‍රී ලංකන් එක දැන් මෙලෝ රහක් නැහැ. වයින් බියර් විතරක් දීලා ලොකු ගානක් ගන්න නිසා ශ්‍රී ලංකන් එපාවෙලා . ගියපු කාලයක්වත් මතක නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘General Insurance Summit 2023’ සාර්ථකව පවත්වයි
2024 ජුලි මස 25 35 0

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජනරල් ලිමිටඩ් විසින් සංවිධාන කරන ලද ‘General Insurance Summit 2023’ වැඩසටහන, ‘Unveiling Excellence - A New Era Unfolds’යන තේමාව යටතේ පසුගිය දා මීගමුව Jetwing Blueහෝටලයේ


දිගු කාලීන තිරසාරත්වයට පුනර්ජනනීය බලශක්තිය
2024 ජුලි මස 17 236 1

ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ කාර්මික සංවර්ධනයට මෙන්ම නූතන සමාජය නිර්මාණය වීමට මූලික වශයෙන් බලපෑ සාධකයක් ලෙස හඳුන්වා දිය හැකි ෆොසිල ඉන්ධන, ක්‍රමයෙන්


LOLCෆිනෑන්ස් මෙතෙක් ලැබූ ඉහළම ලාභය වාර්තා කරයි
2024 ජුලි මස 16 319 0

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLCෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වසර සඳහා රුපියල් බිලියන 21.5 ක ලාභ වාර්තා කරමින් සුවිශේෂී කාර්යසාධනයක් සටහ


ලිට්‍රෝ ගෑස් ලෝක LPගෑස් දිනය සමරයි
2024 ජුලි මස 15 62 0

2024 ලෝක LPගෑස් දිනය සමරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LPගෑස් සැපැයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, පරිසර හිතකාමී බලශක්තිය ප්‍රවර්ධනය කිරීමෙන් සමා


විවිධ දක්ෂතා දැක්වූ තරුණ තරුණියෝ 40ක් ඇගැයෙති
2024 ජුලි මස 15 43 0

සූර්යා විම් සහ ශ්‍රී ලංකා තරුණ කවුන්සිලය එක්ව මෙරට දක්‍ෂතා දක්වන තරුණයන් ඇගැයීම උදෙසා සංවිධානය කෙරුණු තරුණ සම්මාන උළෙලක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී


Earthfoamවෙතින් රබර් ගොවීන්ගේ දරුවන්ට රු.මි.15කට වැඩි පාසල් උපකරණ
2024 ජුලි මස 10 111 0

ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site