ත්‍රිකුණාමලය වරායට නව කර්මාන්ත ආකර්ෂණය කරගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව වරාය, නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යාංශයේදී පැවැසීය.
ත්‍රිකුණාමාලය වරායේ මෙහෙයුම් කටයුතු මෙතෙක් සිදු කරන ලද්දේ දිවා කාලයේදී පමණක් බවත් ජපානයෙන් ලැබුණු මිලියන දහසක ප්‍රදානයක් ආයෝජනය කරමින් ආරම්භ කරන ලද වරායේ රාත්‍රී මෙහෙයුම් සඳහා පහසුකම් සැලැසීමේ ව්‍යාපෘතියේ සියයට 95ක් මේ වනවිට අවසන් කර ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය.
වරාය, නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා එම කැැණු සඳහන් කළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ නිලධාරීන් අතර ඊයේ (4) මෙම සාකච්ඡාව පැවැත්විණි.
ත්‍රිකුණාමලය වරායේ රාත්‍රී මෙහෙයුම් සඳහා පහසුකම් සැලැසීමේ ව්‍යාපෘතියේ සියයට 95ක් අවසන් බැවින් රාත්‍රී මෙහෙයුම් කටයුතු කිරීමට හැකියාව ලැබී ඇතැයි ද මෙහිදි සඳහන් කර තිබේ.
මේ අතර ත්‍රිකුණාමලය වරාය ප්‍රධාන වශයෙන් සමාගම් තුනක් භාවිත කරන නමුත් එයින් සමාගම් දෙකක්ම වරාය අධිකාරියට ගෙවනුයේ මෙහෙයුම් ගාස්තුව පමණක් යැයි ද අමාත්‍යවරයා කීවේය.
මෙතෙක් ත්‍රිකුණාමලය වරාය ඔස්සේ ඇතුළත් කරනු ලැබුවේ සිමෙන්ති , ක්ලින්කර් තොග යනාදි යැයි සඳහන් කළ අමාත්‍ය ප්‍රනාන්දු මහතා පුත්තලම ප්‍රදේශයේ ව්‍යාපෘතියක් සඳහා වරාය ‘සුළං මෝල්’ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ද කීවේය.
එවැනි කර්මාන්ත තවදුරටත් ත්‍රිකුණාමලය වරායට ආකර්ෂණය කරගත යුතු බවත් වරායේ මෙහෙයුම් ධාරිතාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ඊළඟ පර්යන්තය ඉදි කිරීමට හැකිවන තරමේ දියුණුවක් ත්‍රිකුණාමලය වරාය ඇති කළ යුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් කීවේය.
055
2025 දෙසැම්බර් මස 04
708
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රිකුණාමලය වරායට නව කර්මාන්ත ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළක්
MO77 Friday, 06 December 2019 01:29 PM
මහින්ද රාජපක්ෂ සමයේ මේ සංවර්ධන වැඩකටයුතුවලින් සියයට 95ක්ම සිදුවුණා කියා මම සිතනවා. 2015ට පෙර ජපානය ප්‍රතිපාදන වෙන්කළා...
Chathuri Saturday, 07 December 2019 09:39 PM
මෙවැනි බාරදුර කටයුතු කරන්න ඔබට දැනුමක් තියෙනවද ? ඇමතිලගේ සුදුසුකම් අනුව ඒ අමාත්‍යංශ බාරදෙන්න ඕන. හොඳම දේ තමයි වැඩක් බාරගත් කට්ටියම වැඩේ ඉවර කරන්න ඕන. එක එක්කෙනාට ඕන විදියට කඩලා නැවත අලුත් කරන්න මේ සේරටම යට වෙන්නේ. ජනතාවගේ මුදල් .........මොන දැනුමක් තියෙනවටද රටේ ඇමතිකම් දෙන්නේ ? උපාධි අරගෙන ගෙදර ඉන්න කට්ටියට සුළු රැකියාවක්වත් නැහැ. නමට ඇමති. සේරම කරන්නේ ලේකම්. ඇමතිලගේ ලේකම් වැඩ කරන්න උසස් පෙළ කළ දරුවන් පත් කෙරුවනම් ඇමතිලගේ දැනුම බලා ගන්න තිබුනා.